Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්
    Local News

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්

    By LFNSeptember 24, 2024No Comments2 Mins Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා සහාය වීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකාව සඳහා වූ IMF විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීමේ කාලරාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග අවස්ථාව ලැබුණු වහාම සාකච්ඡා කරන බවය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙනයාම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    එහි ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහාය වන බවය.

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයින් සමග ඇතිකරගත් එකඟතාව, මෙරට නිල ණයහිමියන්ගේ කමිටුවේ සහතික කිරීමට යටත්ව පිළිගන්නා බවද මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

    නිල ණය හිමියන්ගේ කමිටුව එහිදී සලකා බලනු ඇත්තේ එම එකඟතාව සංසන්දනාත්මකව ණය ප්‍රතිකර්මයක්ද යන්න පිළිබඳවයි.

    එමෙන්ම මෙම එකඟතාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ කැපීපෙනෙන ප්‍රගතියක් පිළිබිඹු කරන බවද මුල්‍ය අරමුදලේ ප්‍රකාශකයා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවට ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය මුදලේ තුන්වැනි ඇගයීමේ කාල රාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග ප්‍රායෝගිකව හැකි පළමු අවස්ථාවේදීම සාකච්ඡා කරන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනේ දෙවැනි ඇගයීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 336ක තුන්වැනි වාරිකය හිමිවූයේ පසුගිය ජුනි මාසයේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.