Author: LFN

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඊයේ (25) දිනයේ කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර ඇත. මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද දිනය තුළ ඉහළ ගිය අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 4.59% ක දැවැන්ත වර්ධනයකි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,659.71 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,383.76 ක් ලෙසත් සටහන් වී තිබේ. මේ අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 3.96ක් වශයෙනි.

Read More

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ. මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත් කරගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාමයෝජනා පත්‍රයක් මගින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳ තොරතුරු ද එහි ඇතුළත් ය. ඒ අනුව වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 19කි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීර්ණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (25) රාත්‍රියේ ජාතිය අමතා සිදුකළ විශේෂ සාකච්ඡාවේදීය. “ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරියට ගෙනයෑම සඳහා අදාළ ණය පාර්ශ්වයන් සමග සාකච්ඡා කරනවා.” “ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිමා කර ණය සහන ලබාගැනීමට කටයුතු කරනවා.” “ඒ සඳහා මේ රටේ ජනතාවගේ වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයත් ලබාගත හැකි බවට අපි විශ්වාස කරනවා.” මේ අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “මෙරට දේශපාලන සංස්කෘතියේ අයහපත් දේ ඉවත් කරනවා.” “විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමට කැප වෙනවා.” “නීතිගරුක…

Read More

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව පවසයි. ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබෙන නව වාතාවරණය සම්බන්ධව අදහස් දක්වමින් මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව වාර්තාවක් පළ කර තිබුණි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතුළු සාර්ව ආර්ථික ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස් නොවනු ඇති බවය. කෙසේවෙතත්, ඇතැම් ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් මත නැවත සැකසීමේදී මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම අභියෝගකාරී විය හැකි බවත්, එය ණය අවදානම් වර්ගීකරණය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමට හේතුවිය හැකි…

Read More

රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන රැසක් මේ වනවිට ගාලු මුවදොර අසල ගාල්කර ඇති අයුරු දැකගත හැකිය. අද දෙරණ කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා විවිධ කාර්යයන් සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන්ට නිකුත් කර තිබූ රජයේ වාහන 97 ක් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇති බවය. එම වාහන පසුගිය (24) සිට මෙලෙස ගාල්කර ඇත්තේ එම කාර්යාලයට යාබද ගාලු මුවදොර ආසන්නයේය. එම වාහන භාවිත කළ පුද්ගලයින් නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග මෙලෙස වාහන ගාල්කර ගොස් ඇතැයි අද එම ස්ථානයට පැමිණි ජාතික…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ. මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර ඇත. උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා දිවුරුම්දී ඇත. දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා දිවුරුම්දී තිබේ. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි මහත්මිය පත්කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළේ අද නව ආණ්ඩුකාරවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් බවය.

Read More

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුරය අතර කොටස නවීකරණය කිරීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබුණි. කෙසේවෙතත් ජනාධිපතිවරණය හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කළේ මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන්ට සහ ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින්ය. ඒ අනුව, පසුගිය 19,20,21 සහ 22 යන දිනවල කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමටද නියමිතව තිබේ. අද පස්වරුවේ එම පත් කිරීම සිදුකෙරණු ඇති බව වාර්තා වෙයි. එමෙන්ම ජනාධිපතිවරයා අද රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය TV දෙරණ , අද දෙරණ 24 ප්‍රවෘත්ති නාලිකාව, එෆ්.එම්.දෙරණ සහ අද දෙරණ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රාත්‍රී 7.30 සිට විකාශය කිරීමට සියලුකටයුතු සූදානම් කර ඇත.

Read More

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබේ. එම අධිකාරිය සඳහන් කළේ, මේ හේතුවෙන් මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවය. වසර දෙකකට වරක් සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් වෙනුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජලය අනිද්දා (27) මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට සැලසුම්කර තිබේ. මහවැලි අධිකාරිය සඳහන් කළේ, වියළි කාලගුණික තත්ත්වයක් පැවතීමත් රජරට කෘෂිකාර්මික කටයුතු මෙම දිනවල අවසන්ව තිබීමත් හේතුවෙන් ජලාශයේ නඩත්තු කටයුතු මෙම දිනවලදී සිදුකිරීමට තීරණය කළ බවය. ඒ අනුව ජලාශයේ රැස්ව තිබෙන ජලය වික්ටෝරියා ජලාශයට මුදා හැරීමට නියමිතය. ජලාශය හිස්වීමත් සමඟ ක්‍රීඩා කිරීමට හෝ මසුන් ඇල්ලීමට…

Read More

යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කේරල ගංජා කිලෝ 3 ග්‍රෑම් 530 ක් සමඟ වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු මූන්දම්පිඩ්ඩි, මන්නාරම ප්‍රදේශයේදී ඊයේ (24) දින මන්නාරම විශේෂ කාර්ය බලකා නිළධාරීන් හා එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ. සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත බාරදී ඇති බවට වාර්තාවේ.

Read More