Author: LFN
අධාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසීය. අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැතිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නිලධාරින්ට උපදෙස් දුන් බවය. මෙතෙක් ප්‍රමාද වු සියලු විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත්කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ද අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදී තිබේ. මේ අතර අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කළේ, පාසල් උත්සව සඳහා දේශපාලනඥයින් ගෙන්වීම වහාම නතර කරන ලෙසටද මෙහිදී උපදෙස් දී ඇති බවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කර ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී තිබේ. රට තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීමට මෙන්ම සියල්ල ඇතුළත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ නායකත්වයට ලෝක බැංකු සමූහයේ සහාය ලබාදීමට කැපවන බවද සුබපැතුම් ලිපියෙන් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම නිවේදනය මගින් ඒ බව පෙන්වා දී ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 8.25 සහ සියයට 9.25 ක් වෙයි.
පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (ලකුණු 50 සීමාව පසු කළ) වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් ඊයේ (26) වාර්තා අතරට එක්වුණි. ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී ඊයේ පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව තැබීය. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි. එහිදී නොදැවී ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා සිටියේය. ඊයේ දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.
පෙර පැවති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි එම ක්‍රමවේදය යළි ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
නීති විරෝධීව ආනයනය කළ බහාලුමක තිබී දුම්වැටි, තිරිඟු පිටි සහ කහ කැබලි තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී ඊයේ (26) සොයා ගෙන තිබේ. දුම්වැටි තොගය රුපියල් මිලියන 757 ක්, උඳුපිටි තොගය රුපියල් මිලියන 23ක් සහ කහ තොගය මිලියන 14ක වටිනාකමකින් යුක්ත වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි. මෙම භාණ්ඩ තොගය රටට ඇතුළු වූයේ නම් රජයට අමිවන මුදල රුපියල් මිලියන 660ක් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ. සිය X ගිණුමේ ඔහු එම පණිවුඩය සටහන් කර තිබේ. එහි දැක්වෙන්නේ, “ශ්‍රී ලංකා වාසීන් විසින් ඔබව ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් තෝරාගෙන තිබේ.” “ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමානය.” “ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ඔබ සමග කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සිය X පණිවුඩයේ සඳහන් කර තිබේ.
අද (27) සිට ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් මෙම වැසි අපේක්ෂා කරන බවය. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. රත්නපුරය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇදහැලෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති…
2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ඉහළ දැමීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව හෙක්ටයාරයකට ලබා දුන් සහනාධාරය රුපියල් 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (25) පත්කෙරුණි. ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් ලබාගත්තේය. මෙහිදී අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් බවට අද දිනය පත්වූ බවය. “දිලුම් අමුණුගම සොහොයුරා අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේ පක්ෂයේ, ජාතික සංවිධායක විදියට.”