Author: LFN

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මාදම්පේ ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී වැලි ජාවාරමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කරන බව ඔවුන් අධිකරණයට දැනුම් දී ඇත. මාදම්පේ ප්‍රදේශයේ අක්කර දෙසීයක පමණ භූමි භාගයක සිදුවන නීති විරෝධි සිලිකා ජාවාරම තුළින් ඇතිවන පාරිසරික විනාශයන් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි. එම පෙත්සම ඉකුත් ජූලි මස 15 වැනිදා කැඳවූ අවස්ථාවේදී අදාළ කැණීම් සිදුවන ප්‍රදේශයේ දැනට පවතින…

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (27) කරුණු දක්වමින් ඔහු පැවසුවේ ඉන් රුපියල් මිලියන 62ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් ගෙවා ඇති බවය. මෙහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා අධිකරණයට පැවසුවේ දැනට වන්දි මුදල් හිමිවූ වින්දිතයින්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේ නම් දැනට දිසා අධිකරණවල පවතින වන්දි නඩු ඉල්ලා අස්කර ගත හැකි බවය. මේ අතර වින්දිතයින් දැමූ වන්දි නඩු 300ක් පමණ මීගමුව සහ කොළඹ දිසා අධිකරණවල…

Read More

ලෙබනනයේ බීරූට් අගනුවර දාහියේ ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා පවසයි. ඊශ්‍රායලය දාහියේ නගරයේ හිස්බුල්ලා මූලස්ථානයට ඊයේ (27) රාත්‍රියේ දරුණු ප්‍රහාර මාලාවක් එල්ල විය. ඒ සමග එම නගරයේ එකම ස්ථානයක පිපිරීම් 10ක් පමණ සිදුවූ බව වාර්තා විය. එමෙන්ම ප්‍රහාරයෙන් පසු දුරකථනයෙන් තමා ඇමතූ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු ආරක්ෂාව සඳහා වහාම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැඳවාගත් බව තානාපතිවරයා අද දෙරණ සමග සඳහන් කළේය. එමෙන්ම මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් තානාපතිවරයා ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Read More

අද (28) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇති විය හැකිය. දකුණු පළාතේත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. එනිසා ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට ඔහු 74වැනි වියේ පසුවිය.

Read More

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් විය.

Read More

සමගි ජන බලවේගය පක්ෂයේ සාපතිධුරයට මිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර මහතා පත් කර ඇත.මීට පෙර එම තනතුර දරනු ලැබුවේ සරත් ෆොන්සේකා මහතාය.සමගි ජන සන්ධානයේ මහලේකම්ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රීකබීර් හෂීම් මහතා පත් කර තිබේ.

Read More

මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළේ කොළඹ, කළුතර, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලින් රෝගින් වාර්තා වීම වැඩිවශයෙන් දක්නට ලැබෙන බවය. “ඉදිරියේදී මෙම ප්‍රමාණය අඩු කරගැනීමට අවශ්‍ය වැඩකටයුතු කරනවා. කොළඹ, කළුතර, ගම්පහ හැරුණු විට මේ සති කිහිපය තුළ මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර කියන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා.”

Read More

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා 2024 වසරේ මේ දක්වා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීමට පියවර ගෙන තිබූ බවද සඳහන් කරයි.

Read More

ටී 56 වර්ගයේ ගිනිඅවියක් හා මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් එම ගිනිඅවි සමග ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඉන් ටී 56 වර්ගයේ ගිනිඅවිය ඊයේ රාත්‍රියේ නුගංමුව පොලිස් වසමේ දෙල්ගහමැඩිල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක උඩුමහලක තිබී සොයාගැනීමට හැකිවී ඇත. මෙය අංකය මකාදමන ලද ටී 56 වර්ගයේ ගිනි අවියක් බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන කුඹල්ඔලුව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබළෙකි. මේ අතර ඊයේ දහවල් කාලයේ නාඋල, අඹන ඇරිස්ටන් පාර ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 55ක් වන කෝන්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම…

Read More