Author: LFN

බැංකු විසින් එක්වරක් පමණක් ලබාදෙන මුරපද (OTP) කිසිදු හේතුවක් මත හුවමාරු කර නොගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි. මෑත කාලීනව බරපතළ මූල්‍ය වංචාවන් වාර්තාවන බව පෙන්වා දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

Read More

ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. කෙසේ වෙතත් සමස්ත ලංකා බෙිකරි හිමියන්ගේ සංගමය පවසන්නේ බිත්තර මිල පහළ යෑම පදනම් කරගෙන බේකරි නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බවය. මේ අතර බිත්තරයක් රුපියල් 27ක්, 28ක් වැනි මිලක් දක්වා පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවයකට මුහුණපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින් පවසයි. මේ අතර, නව ජනාධිපතිට සහාය පළකරමින් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කළ බව මහා පරිමාණ සහල් මෝල් හිමියන් පසුගිය (28)ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේය. ‍ මේ අතර සිල්ලර වෙළෙඳුන් පවසන්නේ මේ දක්වා තමන්ට පාලන මිලට සහල් ලබාදීමට මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් පියවර ගෙන…

Read More

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා මේ වනවිට බිඳ වැටෙන තත්ත්වයකට පත්ව තිබේ. ඒ, ඊට අදාළව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙනි. මහ මැතිවරණය වෙනුවෙන් එක්ව තරග කිරීම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා පසුගියදා ආරම්භ විය. ඒ අනුව සාකච්ඡාවට අටක් පමණ මේ වනවිට පවත්වා ඇති නමුත්, සමගි ජන බලවේගයේ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යාම අසීරු තත්ත්වයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එම කොන්දේසි බවට සඳහන් වන්නේ සමගි ජන බලවේගයේ ලාංඡනය වන ටෙලිෆෝනය යටතේ මැතිවරණයට තරග…

Read More

දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් අධ්‍යාපනය වෙනුවෙන් එක්වරම වෙන්කිරීම පවතින ආර්ථික අර්බුදය හමුවේ ගැටලුකාරී තත්ත්වයක් වුවත්, එය ක්‍රමානුකූලව ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ජාතික පාසල් 396ක විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පසුගිය (28) පැවති සමුළුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය. වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “අපි අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නේ දැනුම කේන්ද්‍ර කරගෙන දෙන අධ්‍යාපනයක් පමණක් නෙමෙයි. මූලික වශයෙන් මේ සමාජයට, අපේ රටට අවශ්‍ය පුරවැසියා බිහිකිරීම අධ්‍යාපනයෙන් සිදුවිය යුතුයි. අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැගීම වැදගත්. අධ්‍යාපනය ගැන දරුවන්ට, මව්පියන්ට, ගුරුවරුන්ට විශ්වාසයක් නැහැ. ඒ පිළිබඳව කලකිරීමකින් ඉන්නේ. විභාග, පත්වීම්, බඳවාගැනීම් අර්බුදකාරී තත්ත්වයක. අධ්‍යාපනය…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැකි බවය. දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොන්නම්පෙරුමගේ ධනුෂ් බුද්ධික නොහොත් “අංගොඩ ජිලේ” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ මිලි ග්‍රෑම් 500ක් හා කේරළ ගංජා ග්‍රෑම් 51ක් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. තවද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපායාගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් 274,400ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Read More

ශ්‍රී ලංකා – නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සිව්වැනි දිනය සඳහා අද (29) තරගය ආරම්භ කරනවිට ලකුණු 514ක ඉලක්කයක් හඹායන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටියේය. නවසීලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 17ක් එක් වෙනවිට ලකුණු 60ක් ලබාගෙන සිටි ටොම් බ්ලන්ඩෙල්ව දවා ගන්නට නිෂාන් පිරීස් සමත්වුණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නට හිසරදයක් වු ග්ලෙන් පිලිප්ස් ලකුණු 78ක් ලබා ගත්තේය. නමුත් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නිෂාන් පිරීස් විසින් පිලිප්ස්ගේ කඩුල්ල දවා ගනිමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. ඔහු වාර්තා අතරට එක් වුණේ මංගල ටෙස්ට්…

Read More

පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බව පවසා ෆේස්බුක් ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර ඔන්ලයින් හරහා රුපියල් කෝටි දෙකකට අධික මුදල් වංචාකළ යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙරට පිහිටි පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බව පවසා ෆේස්බුක් ඔස්සේ පසුගිය දින කිහිපය පුරාම දැන්වීම් පළකර තිබුණි. එම දැන්වීම නරඹා එහි ඇති සබැඳිය ඇතුළු වන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු පෞද්ගලික තොරතුරු රැසක් ඊට ඇතුළත් කළ යුතු වෙයි. එලෙස ඇතුළුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල තැම්පත් මුදල් ඔන්ලයින් හරහා පිරිසක් ජාවාරම් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව…

Read More

යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පසු පැදිකරු යතුරු පැදිය ධාවනය කළ පුද්ගලයාගේ ගෙල කපා පළාගොස් තිබුණි. එම සිදුවීම වාර්තා වී තිබුණේ ගනේමුල්ල පොලිස් වසමේ ඉහළ යාගොඩ ප්‍රදේශයෙනි. ප්‍රදේශවාසීන් එක්ව යතුරුපැදිකරු ගම්පහ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත්කර තිබූ අතර එහිදී ඔහු මියගොස් ඇත. කෙසේවෙතත් පළාගිය පුද්ගලයාද අසල වූ ලඳු කැලෑවක් තුළදී ගෙල කපාගෙන මියගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.

Read More

අභිනවයෙන් පත්කෙරුණු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (28) ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබාගත්තේය. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, ප්‍රශ්නය – පසුගිය සමයේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වුණා. දැන් ඒකේ පොඩි අඩුවක් තියෙනවා කියලා මහානායක හාමුදුරුවෝ අපි සමග සඳහන් කළා ? වැඩබලන පොලිස්පති – “ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු අපි නිරික්ෂණය කළා ඒවත් නිවැරදි කරමින් පොලීසියට අනපනත්වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේදී නොනවත්ව සිදුකරනවා. සහ වෙනත් රාජකාරිවල යොදවලා හිටපු නිලධාරීන් ඒ සඳහා යොමු කිරීමෙන් ඊට වැඩිය ධාරිතාවකින් යුක්තව ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා.” ප්‍රශ්නය – ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවලා තිබූ පොලිස් නිලධාරීන් විශාල…

Read More