Author: LFN
ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතරකරන බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියෝ පැවසූහ. ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය තමන්ට දැනුම්දුන් බව ඔවුන් වැඩිදුරටත් පැවසීය. එමෙන්ම එහිදී ඔවුන් පවසා සිටියේ, පළමු පත්‍රය නැවත පවත්වන මෙන්ද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විසඳුමක් ඉල්ලා මව්පියන් පිරිසක් ඊයේ (30) දවස පුරා බත්තරමුල්ලේදී සහ කොළඹදී විරෝධතාවල නිරත වූහ. පසුව ඔවුන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ද රැඳී සිටිමින් විරෝධතාවේ නිරත වූ අතර, එහිදී මව්පියන් හය දෙනෙකුට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට හිමිව ඇත. එම සාකච්ඡාවෙන් අනතුරුව මව්පියන් මෙසේ අදහස්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවය. එමෙන්ම දකුණු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මාසික මිල සූත්‍රයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂක ගිනිඅවිය ආරක්ෂක අමාත්‍යංශයට වහාම බාරදෙන ලෙස දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය විසින් මේ බව හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත. පාර්ලිමේන්තු සේවා අංශයේ ප්‍රකාශකයෙකු අද දෙරණ සමග පැවසුවේ ඊට අදාළ ලිපි අදාළ මන්ත්‍රීවරුන් වෙත කඩිනමින් යොමුකිරීමට පියවර ගන්නා බවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි විය. ඒ අනුව මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට ලබාදෙන දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අහිමි වෙයි. කෙසේවෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔවුන්ට ලබාදී තිබූ නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දිනය තෙක් භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබේ.…
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් ව ඇත. ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
යුධ හමුදා බුද්ධි අංශ තොරතුරකට අනුව මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරින් සමඟ ඒකාබද්ධව අද ( 30) වන දින ආලිපලෛ, මනල්කාඩු ප්‍රදේශයේදී බෝට්ටුවක් මගින් ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 104 ග්‍රෑම් 217 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ. පසුව මත්ද්‍රව්‍ය තොගය පලෛයි පොලිස් ස්ථානය වෙත ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා භාරදි ඇති බවට වාර්තාවේ.
මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මදුසංඛ නොහොත් “පොඩි ලැසීගේ” සහ මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ඥාතියෙකු බව සඳහන් වේ. මෙම පුද්ගලයා වසර ගණනාවක් විදෙස් රටක සැඟව සිටින මුවාවෙන් විදෙස් රටවල දුරකථන අංක භාවිත කර තවත් අපරාධ රැසකට සුදානම් වෙමින් සිටින බවට ලද තොරක් මත මෙම වැටලීම සිදුකළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. 46 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිවේරිය පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ. මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මීගහවත්ත…
ප්‍රදේශ තුනකදී සිදු වූ යතුරුපැදි අනතුරුවලින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ මෙම මාරක අනතුරු මහදෙණිය, පලාලි සහ ඉබ්බාගමුව යන ප්‍රදේශ වලදී සිදුවූ බවය. ඊයේ (29) පෙරවරුවේ මීගොඩ කොළඹ පාදුක්ක 125 මාර්ගයේ මහදෙණිය ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් එක්වරම මාර්ගයට ගැනීමේ දී පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටී සිදු වූ අනතුරින් එක් යතුරුපැදියක් මාර්ගය අසල තිබූ ඇලකට වැටී ඇත. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනාම බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටිය දී එක් පැදිකරුවෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 30 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම, ඊයේ උදෑසන පලාලි පේදුරුතුඩුව කන්කසන්තුරය…
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී කැඳවා තිබේ. ඒ අනුව අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබේ. හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගිය දා තීරණය කෙරුණි. කෙසේවෙතත් ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරුන් ආරක්ෂාව පිළිබඳව දැනුම් දී ඇති අතර ඔවුන්ට ආරක්ෂකයින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද දැනුම් දී තිබුණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා අද දිනයේ දී මෙම සාකච්ඡාව…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා ගැටලුකාරී ප්‍රශ්න තුනටම සියලු දරුවන්ට ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ ඊට අදාළව පත්කෙරුණු විද්වත් කමිටුවේ නිර්දේශ මතය. පසුගිය සැප්තැම්බර් 15 වනදා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර සාකච්ඡා කෙරී ඇති බවට පසුගිය දිනවල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය. විභාග දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳ කඩිනම් විමර්ශනයක් ඇරඹුවේ ඊට අදාළව මව්පියන්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න ඇතුළත් ලේඛනයක් විභාගයට පෙර සාකච්ඡා කර ඇති අතර එය විභාගයට පෙර දින සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණ වී තිබුණි. විභාග දෙපාර්තමේන්තුව මේ පිළිබඳ…