Author: LFN
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබේ. පසුව ඔහුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණි. එසේම හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස අද (02) සිය පත්වීම ලබා ගත්තේය. මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව ඇත. ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.
බැඳුම්කර වංචාව පිළිබඳ දැනටමත් නීත්‍යානුකූල මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන කැබිනට් මාධ්‍ය හමුවට ඊයේ (01) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමිනි. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා, “දැනටමත් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් දැන් ජනාධිපති නෙමෙයි. ඒ නිසා මුක්තිය නැහැ. දැන් අපිට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තිබෙනවා. අපි ඉස්සරහට බලමු එහි ක්‍රියාමාර්ග.”
ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඒ අනුව සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ ඊශ්‍රායලයේ සිටින සියලු දෙනාට නැවත දන්වන තුරු ආරක්ෂාවක් ලැබිය හැකි ස්ථානයක් ආසන්නයේ සිටින ලෙසය. අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළැකි තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය හා PIBA ආයතනය විසින් නිකුත් කර ඇති උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්න ලෙසද දැනුම් දී ඇත. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ජලය ළඟ තබා ගන්නා ලෙසද වැඩිදුරටත් දැනුම්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවය. දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව දිවයිනට පැමිණෙන මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම ඔක්තෝබර් 04 වෙනිදා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය. ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ ආර්ථික විශේෂඥයින් හමුවීමට නියමිතව තිබේ. එහිදී ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ආර්ථික වැඩසටහන යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඊයේ (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කියාසිටියේ,…
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. මේ ඒ පිළිබඳ පැහැදිලි කරන එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා, “රජය මඟින් ඉන්ධන මිල පහත දැමීමත් සමග සහ මේ වනවිට ඔටෝ ඩීසල්වල මිල රු 24කින් සහ මීට කලින් රු 10කින් අඩුකිරීමක් කරලා තිබුණා. ඒ මිල ගණන්වලට සාපේක්ෂව ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තුව 4%කින් පහළ දැමීමට තීරණය කළා. මේ වනවිට රජය මඟින් වැඩකටයුතු කරගෙන යනවා සමස්ත මහජනතාවට සහන සැලසීම සඳහා. ඒ අනුව අපේ විධායක කමිටුව බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළ දැමීමට තීරණය කළා.”
වර්තමානයේ ඇති එකම විකල්පය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පවසන්නේ රට මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා සමගි ජන බලවේයට ද කාර්යක් ඇති බවය. මහරගම ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය. “එක එක පැතිවලට ඡන්දය දුන්න බොහෝ අය දැන් අනාථ වෙලා හමාරයි. අද වත්මන් රජයට තියෙන එකම විකල්පය සමගි ජන සන්ධානය සහ සමගි ජන බලවේගය පමණයි. මේ රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලට, ප්‍රශ්නවලට, අභියෝගවලට උත්තර සපයන කණ්ඩායම බවට අපි පත්වෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා මේ රට ගොඩගන්න වැඩසටහනේ පුරෝගාමී වැඩපිළිවෙලක්, වගකීමක් අපිට පැවරෙනවා. දැන් දැන්…
ආසියානු සංවර්ධන බැංකුවේ, සභාපති මසට්සුගු අසකාවා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙල පිළිගන්නා බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවය. ශ්‍රී ලංකාව තුළ සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මෙරට ජනතාවට ස්තූතිවන්ත වන බවද එම සුබ පැතුම් පණිවුඩයෙන් පවසා තිබේ. 1966 වසරේ සිට මේ දක්වා ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව පෙන්වා දෙන අසකාවා මහතා, සඳහන් කරන්නේ වසර ගණනාවක් තිස්සේ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවලදී මෙන්ම ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමට ස්ථීර හවුල්කරුවකු ලෙස කටයුතු කර…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන් ය. එසේම, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවය. මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.