Author: LFN
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා ආරක්ෂක ප්‍රධානීන් හමුවී තිබේ. ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ඊයේ (02) මෙම හමුව සිදුව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනී රාජපක්ෂ යන ආරක්ෂක ප්‍රධානීන් වෙන්වෙන් වශයෙන් ආරක්ෂක ලේකම්වරයා හමුවී ඇති බව වාර්තා වේ. ඊට අමතරව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාව ද ආරක්ෂක ලේකම්වරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත වී තිබේ. සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ පළමු අවස්ථාව මෙය වේ.
ලෝක මධ්‍යසාර නිවාරණ දිනය අදට (03) යෙදී තිබේ. මධ්‍යසාර හේතුවෙන් ලොව පුරා වසරකට පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් මිය යන බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ද මධ්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය යන අතර රෝගීවූවන් වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් බිලියන 237ක මුදලක් වැය කරන බව සඳහන්ය. මෙරට මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සෙරම් මහතා සඳහන් කළේය.
ප්‍රදේශ කිහිපයක ඊයේ (02) සිදුවූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව සූරියවැව දෙස සිට පදලංගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ටිපර් රථයක් එම දිශාවටම ධාවනය කළ බස් රථයකට ඉස්සර කිරීමේදී යතුරුපැදියේ ගැටී තිබේ. පසුව ටිපර් රථය මාර්ගයේ දකුණු පස නවතාගෙන සිටි යතුරුපැදියකද ගැටී ඇති අතර අනතුරින් දකුණු පස නවතාගෙන සිටි යතුරුපැදිකරු ටිපර් රථයට යටවීමෙන් මියගොස් ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 78ක් වූ සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් දකුණු පසට හැරවීමට ගිය යතුරුපැදිකාරිය හා එම යතුරුපැදියේ ගමන් ගත් අවුරුදු 04ක දැරියක් තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට…
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 883ක් සොයාගෙන තිබේ. සැකකරු 56 හැවිරිදි කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය. මේ අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 838ක් සමග පුද්ගලයෙකු මිදිගම ඉබ්බාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මිදිගම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු 20 හැවිරිදි…
20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වේ. ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම “ඒ” කාණ්ඩය යටතේ තරග වැඳීමට නියමිත අතර පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතය.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්ව තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දුන්නේය. මේ අතර අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ ආදිය ළඟ තබාගන්නා ලෙසත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබුණි. මෙවන් පසුබිමක ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ, ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින්ට හානියන් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බවය. ඉරානය ඊයේ (01) රාත්‍රීයේ ඊශ්‍රායලය වෙත දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලයේ අයන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සහ අමෙරිකානු ප්‍රති මිසයිල මෙහෙයුමක් මඟින් එලෙස එල්ල කෙරුණු මිසයිල රැසක් විනාශ කිරීමට ඊශ්‍රායලය සමත්ව…
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 ක් සහ විකුණුම් මිල රු. 299.35 ක් ලෙස සටහන් වෙයි. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුව පළමු වතාවට වීම විශේෂත්වයකි. මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය සටහන් වන්නේ රු. 295.62 ක් වශයෙනි.
මහවෙල, මඩවල උල්පත ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර අති වු ගැටුමකින් තරුණයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ පොලුවලින් සහ ආරක්ෂිත හිස් වැසුමකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය. ඝාතනයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි. පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය. ඝාතනයට අදාලව මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු යකඩ ඉන්නක්, ආරක්ෂිත හිස්වැසුමක් සහ තියුණු ආයුධ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහවෙල පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර, ඇහැළියගොඩ පොලිස් වසමේ, රංගේගම ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු නිවසේ…
පුරාවස්තු කැණීම් සිදුකර එයින් ලබාගත් ලද මිල කළ නොහැකි මැණික් සහ දුර්ලභ ගණයේ පිළිම හා මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. එම බළකාය සඳහන් කළේ, පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පරමංකඩ ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇති බවය. එහිදී පෞරාණික වටිනාකමක් ඇති ස්ථානයකින් පුරාවස්තු කැණීම් සිදුකර එයින් ලබාගන්නා ලද ඉතා දුර්ලභ ගණයේ විවිධ බරින් හා විවිධ පැහැයෙන් යුත් මැණික් ගල් 11ක්, රන් පැහැති මංජුසාවක්, රිදී පැහැති බුදු පිළිමයක්, තඹ පැහැති ඇත් පිළිම 03ක් සොයා ගෙන තිබුණි. පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ, මෙම පුරාවස්තු සමඟ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි…