Author: LFN
දංකොටුව පොලිස් වසමේ වෑකඩ ප්‍රදේශයේ සිංගක්කුලිය වැවෙන් වතුර බැස යන ඇළ මාර්ගයකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඇළට වැටී ඇති දැරියව දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 4ක් වූ සිඟිත්තියකි. දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් නාමයෝජනා භාර දී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඊයේ (08) දිනය අවසන් වන විට දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධින කණ්ඩායම් 16ක් එලෙස නාම යෝජනා භාරදී තිබූ බවය. මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මැතිවරණ කොට්ඨාස සඳහා ඊයේ දිනය අවසන් වනතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාර දී නොතිබු බව එම කොමිෂන් සභාව පවසයි. මහ මැතිවරණය සඳහා නාම යෝජනාභාර ගැනීම ඔක්තෝම්බර් මස 4 වනදා ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදුකිරීමට නියමිතය. මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ජන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාලය ලබන…
ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය අසල ඇති අතුරු මාර්ගයක ඇති ළිඳක් තුළ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (08) දහවල් ඒ පිළිබඳව පොලීසියට පණිවුඩයක් ලැබුණු බවය. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 23ක් වූ වැයිහේන, මත්තක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය තරුණයා ඊට පෙරදින ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලේ තැන්පත් කර ඇත. ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පානදුර නව පොදු වෙළඳ සංකීර්ණය සඳහා ඉදිකිරීම් කටයුතු මේවන විට සිදුවෙමින් පවතින අතර, තත් වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් බෙදා දීමේ කටයුතු පානදුර නගර සභාව සහ පොදු වෙළඳ සංගමය හරහා සිදුවන බවත් මෙම වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් ස්ථානගත කිරීමේදී මාළු අලෙවි කරන ලද වෙළඳසැල් නවතමයෙන් ඉදිවන සංකීර්ණයේ පිටුපස පාරිභෝගිකයන් හට නොපෙනෙන ආකාරයෙන් ස්ථානගත කිරීමට සැලසුම් කර ඇති බවටත් වාර්තාවේ. මේ අතර මාළු වෙළඳසැල් හිමියන් විසින් ඉදිරියේදී ලබා දීමට යෝජනා කර ඇති මාළු වෙළද ස්ථානය කාණු පද්ධතියක් හා මාළු වෙළදාමට සුදුසු පරිසරයක් නොවන බවට ප්‍රකාශ කර සිටී. තවද වෙළඳ සංකීර්ණයට ඔබ්බෙන් මාළු අලෙවිසැල් මහා පරිමාණයෙන් සිදුකිරිම් හේතුවෙන් පාරිභෝගිකයන්ගේ නෙත…
මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒරාවූර්පත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් බදුල්ල පාර, කෝඩුවාමඩු යන ලිපිනයේ 2016 නොවැම්බර් මස 03 දින යුරෝපා සංගමයේ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට (EU Support to District Development) සමගාමීව ඝණ අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර එය ඒරාවූර්පත්තු ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යන බවට වාර්තාවේ. ඒ අනුව මෙම ස්ථානය වෙත මඩකලපුව මහ නගර සභාව හා කාත්තන්කුඩි, ඒරාවූර්, ඕට්ටමාවඩි හා ඒරාවූර්පත්තු යන ප්‍රාදේශීය සභාවන් වෙතින් ප්‍රදේශයේ ඝණ අපද්‍රව්‍ය / රෝහල් තුල පවතින අපද්‍රව්‍ය නිසි කළමණාකරනයකින් තොරව බැහැර කිරීමට කටයුතු කරන බවත්, ඒ හේතුවෙන් මැස්සන් හා පනුවන් බෝ වීම මෙන්ම අධික දුර්ගන්දය හේතුවෙන් අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි නිවාස…
එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණ කර තිබේ. මේ බව ඊයේ (04) පස්වරුවේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ පතරොම් නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි සහ පතරොම් නොවැම්බර් 7 වන දාට පෙර නැවත භාරදිය යුතු වේ. ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, එම පුද්ගලයින්ට ගිනිඅවි සමාලෝචනයකින් සහ අවශ්‍යතාවය කුමක්දැයි සොයා බැලීමෙන් අනතුරුව නැවත ලබාදීමට නියමිත බවය
ආන්දෝලනාත්මක සියලු අපරාධ විමර්ශන යළි ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පසුගිය (03) පැවැති සාකච්ඡාවකදී අදාළ උපදෙස් ලබාදුන් බවයි. “වැඩබලන පොලිස්පතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර පොලිස්පතිවරයාට උපදෙස් දුන්නා ප්‍රමුඛතාව හඳුනාගෙන විමර්ෂන කඩිනම් කිරීම සහ ප්‍රමාදයක් තියන විමර්ශන හඳුනාගෙන නැවත කඩිනමින් විමර්ශනය ආරම්භ කරන්න. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා වුණා. ඒ සම්බන්ධව සාකච්ඡා කරලා එහි තියන යම්කිසි අඩුපාඩු තියනවා නම් ඒවා හඳුනාගෙන වාර්තා කරන්න කියලා උපදෙස් ලබා දුන්නා.”
sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පැවසුවේ ඒ පිළිබඳ නිල තහවුරු කිරීම නිල ණයහිමියන්ගේ කමිටුවෙන් ලද බවයි. ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹි බව පසුගිය සැප්තැම්බර් 19 වැනිදා නිවේදනය කෙරිණි. ඒ අනුව නිල ණයහිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග උපදේශන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව සාර්ථකව නිමා කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ පරාමිතීන් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව මේ අනුව සමත් ව තිබේ.…