Author: LFN
මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මෙවර මහ මැතිවරණයට මාලිමාවෙන් සහ ගෑස් සිලින්ඩරයෙන් තරග කිරීමට සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් තමන් එම තීරණය ගත් බවය. “ජනාධිපතිවරණයේදී සජබයේ නායකයා අවසානයේදී ජනතාව විසින් නිසි තැන තැබුවා කියන එක මම විශ්වාසකරනවා. ඒ ගැන මම සතුටු වෙනවා. මහ මැතිවරණය ගැන අනුර කුමාර දිසානායක මහතා සමග මම ඉතාම කෙටි… විනාඩි 10ක පමණ සකච්ඡාවක් කළා. ඒ අයගෙන් ප්‍රකාශ වුණ මතය තමයි ජනාධිපතිවරණයේදී ඒ අයත් එක්ක නොහිටපු අයට නාම යෝජනා දෙනවට විරුද්ධයි කියන එක අනුර කුමාර දිසානායක මහතා මට පැවසුවා. ඊළඟට මම හිටපු අගමැතිවරයා…
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර පළාතේ අහස වලාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අර්ධ රාජ්‍ය වතුයායක් වන රත්නපුර, බලංගොඩ රාස්සගල වතුයායේ මැද්දෙ කන්ද කොටසේ ලැයිම් කාමර අංක 08හි මේ වන විට බිත්ති ඉරිතලා ගොස් ඇති බවත්, මෙහි පවුල් 05 ක පුද්ගලයින් 22 දෙදෙනෙකු ජිවිත අවධානමක් සහිතව පදිංචි වී සිටින බවට වාර්තාවේ. මෙම අවධානම් තත්වය පිළිබඳව පොල්වතුගොඩ ග්‍රාම නිලධාරී වරිය සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් මෙන්ම රාස්සගල වතුඅධිකාරිවරයා දැනුවත් කර ඇතත්, මේ වන තෙක් ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබාදී නොමැති බවට ප්‍රදේශවාසීන් විසින් ප්‍රකාශ කර සිටී. වර්ෂාව පවතින කාලයන්හිදී මොහුන් මැද්දේකන්ද විද්‍යාලයේ තාවකාලිකව පදිංචිව සිටින අතර, මොවුන් පදිංචි වී සිටින මෙම ලැයිම් කාමර වසර 100 කට වඩා පැරණි බැවින්, මේ වන විට එම ලයින් කාමර…
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතය. දෙවන පරපුර පක්ෂය ඊයේ (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා, “හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්‍රදාය අපි බිඳිමු. සහයෝගයෙන් සහ බුද්ධිමත්ව වැඩ කිරීමට හැකි නවක කණ්ඩායමක් තෝරාපත් කරගමු. දෙවන පරපුර තුළින් ඒ ශක්තිය ලබාදෙන්න පුළුවන්. මමත් ඒ අයට ශක්තියක් වෙන්න තමයි අද දෙවන පරපුර සමග එකතු වුණේ.” දෙවන පරපුර පක්ෂය සමග අද සිවිල් සංවිධාන කිහිපයක් එකතු වූ අතර එහිදී සම්මුතියකට අත්සන් තැබීම ද සිදුකෙරුණි.…
පානදුර ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ සිදුකළ පරීක්ෂණයකදී පිළිස්සුම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් 07 දෙනෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 12 සහ 13 හැවිරිදි සිසුවියන් බව වාර්තා වෙයි. සිසුවියන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන නමුත් ඔවුන්ගේ මුහුණ, හිස සහ අත්වල පිළිස්සීම් තුවාල සිදුවී ඇති බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් ඊයේ (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ. ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය විසින් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පහතින් දැක්වෙයි. එහි දැක්වෙන්නේ, 51/1 යෝජනා සම්මතයේ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා අද දින මෙම කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරෙන කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය. එම සැසිවාරයේදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සිදුකරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙයි, ගරු සභාපතිතුමනි, අභිනවයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා රජය විසින් බලය පවරන…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස සරත් ගණේගොඩ මහතා පත්කර තිබේ.
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (09) පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවය. අමාත්‍ය විජිත හේරත් මහතා, “නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා. නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා. ඒ්ක වෙන…
බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ. පසුගියදා රුපියල් 30ක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, යළි බිත්තර මිල ඉහළ යාමට කරුණු කිහිපයක් බලපා ඇති බවය. “තොග වෙළෙඳුන් විශාල ප්‍රමාණයක් බිත්තර ගෙනිහින් බිත්තර වික්කා. ඒකෙන් පාරිභෝගිකයින්ට විශාල සහනයක් ලැබුණා. මේ වෙනකොට ඒ නිෂ්පාදන අතිරික්තය වෙළෙඳපොළෙන් ඉවත්වෙලා තියෙනවා. දැනට නිෂ්පාදනය වන දෛනික බිත්තර තමා වෙළෙඳපොළට එන්නේ. නමුත් විශාල වශයෙන් මිල උච්චාවචනය වීමක් වෙලා තියෙනවා. ඒක කෘතිමව සිදුවෙනවා ද කියලා අපිට ප්‍රශ්නයක්.”
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවන් සිව්දෙනෙකු පළායෑම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක මහතා සඳහන් කළේ, පසුගිය ඔක්තෝම්බර් 01 වන දින ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමක නිලධාරියෙකු භාරයේ බන්ධනාගාර පිටත පරීශ්‍රයේ පවිත්‍රතා කටයුතුවල රැඳවූවන් දස දෙනෙකු යොදා ඇති බවය. එම අවස්ථාවේදී රැඳවූවන් සිව්දෙනෙකු බන්ධනගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබේ. බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතියකින් හෝ විමසීමකින් තොරව පවිත්‍රතා කටයුතු සඳහා මෙම රැඳවූවන් පිටතට ගැනීමට ප්‍රධාන ජේලර්වරයා කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. පැනගොස් ඇති සිව්දෙනා අධිකරණයේ නඩු සහිත රැඳවූවන් වන අතර, වසර 21 වැඩි සිරදඬුවමක් හා විසඳීමට ඇති නඩු 02ක් සහිත රැඳවූවන් ද ඒ අතර…