Author: LFN
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතව තිබේ. හෙට පෙරවරු 9.30ට මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාව ද මෙය වේ. ඒ අනුව හෙට දිනයේ දී එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල තීරණය කිරීමට ද නියමිතය. ඉන් අනතුරුව ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය. මීට අමතරව මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව, පළමු අදියරේදී රුපියල් 15,000 ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000 ක මුදලක් ලබාදීමට නියමිතයි. අමාත්‍යවරයා පැවසුවේ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර පසුව පොළොන්නරුව, අනුරාධපුරය සහ මහවැලි කලාපය ඇතුළු ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බවය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ගංඟා පිටාර ගැලීමෙන් ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සඳහා අමතර යුද හමුදා භට පිරිස් යොදවා තිබේ. එම සහන සේවා කටයුතු තව දුරටත් පුළුල් කරමින් වැඩි භට පිරිස් ප්‍රමාණයක් යෙදවීමට යුද්ධ හමුදාපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා විය. ඒ අනුව, පහත සඳහන් ස්ථානයන් වෙත සහනසේවා කටයුතු සඳහා අද (14) දින භටපිරිස් යොදවා ඇත. මල්වාන – යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටුවක් සමග) කටුගොඩ – යුද හමුදා කණ්ඩායමක් වටරැක – යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටුවක් සමග) සිතාවක – යුද හමුදා කණ්ඩායමක් මීතොටමුල්ල – යුද හමුදා කණ්ඩායම් දෙකක් (යුනි බෆල් රථ හතරක් සමග) කොලොන්නාව…
මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) දින සවස් කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මීට පෙර පසුගිය 12 වනදා දහවල් කාලයේ දී පල්ලෙකැලේ නත්තරන්පොත ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 126 ක්, වියට්නාම ජාතිකයින් 02 ක්, තායිලන්ත ජාතිකයෙකු හා පිලිපීන් ජාතිකයෙකු ඇතුළු විදේශ ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව ඊයේ දිනයේ අනිවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්…
මිහින්තලේ මහකනදරාව වැවට ජලය සොයා මේ දිනවල අලි ඇතුන් දෙසීයකට අධික රංචුවක් පැමිණෙන අතර එම අලි ඇතුන් නැරැඹීමට එන ඇතැම් පිරිස් ඩ්‍රෝන කැමරා යොදා ඡායාරූපගත කිරීමෙන් අලි ඇතුන් කුලප්පු කර පීඩාවට පත් කරන බව ප්‍රදේශවාසීහු පවසති. එමෙන්ම එකී ඩ්‍රෝන යානා වලට බිය වී අලි ඇතුන් ආහාර සහ ජලය නොගෙනම නැවතත් කැලෑවට යන බවද ඔවුහු කියති. මේ නිසා රාත්‍රී වන විට මෙලෙස කැලෑ වැදුණු අලින් යළි ආහාර සහ ජලය සොයා ගම් වදින බව ඒ අවට මහකනදරාව ප්‍රදේශවාසීහු කියති. එලෙස පැමිණෙන අලි ඇතුන් එළවා දැමීමට ඔවුන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වන බවද කියයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙලෙස එම සතුන්ට හිංසාකාරි වන…
අංගොඩ, කැලණිමුල්ල හන්දිය ප්‍රදේශයේදී ගංවතුරේ ඔරු පැදීමට ගොස් ඔරුව පෙරලී අතුරුදන්ව සිටි අයෙකුගේ මළ සිරුරක් ඊයේ (13) සොයා ගැනුණි. මෙලෙස මියගොස් ඇත්තේ කැළණිමුල්ලේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. ඒ අනුව පසුගිය 7 වනදා සිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ දක්වා තිදෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්ක 12කට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වැඩි බලපෑමකට ලක්ව ඇති අතර එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක පවුල් 29,980කට අයත් පුද්ගලයින් 118,032 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින පිරිස් මුදාගැනීමට සහ ආපදා සහන සේවා සැලසීම වෙනුවෙන් ප්‍රදේශ…
නුවරඑළිය නගරයේ නිවසක ගාල් කර තිබූ සැකසහිත ජීප් රථයක් නුවරඑළිය පොලීසිය පසුගිය (12) සිය භාරයට ගෙන තිබේ. හිටපු කැබිනට් ඇමතිවරයෙකුගේ ඥාතියෙකුගේ නිවසේ රථය ගාල් කර තිබූ අතර පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ ඊට අදාළ නීත්‍යනුකූල ලියවිලි කිසිවක් නොතිබූ බව පොලීසිය පවසයි. මේ අතර පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ ගරාජයක වසර ගණනාවක සිට නවතා තිබූ ජීප් රථයක් සහ මෝටර් රථයක් පැල්මඩුල්ල පොලීසිය ඊයේ (13) සිය භාරයට ගෙන තිබුණි. එම වාහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලකයෙකුගේ හිතවතෙක් ගරාජයට ගෙන එන්නට ඇති බවට සැක පළ කරන අතර පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. එමෙන්ම ඕපනායක පල්ලෙකන්ද පාසල් පාර කැන්දේකැටිය ප්‍රදේශයේ නිවෙසක නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් 1997 දුරකථන අංකයට…
ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව උතුරේ දේශපාලන නායකයෙක් තමාට තහවුරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. තලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ (13) පැවති ජාතික ජන බලවේගයේ අපේක්ෂක හමුවකදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය. “අපි මේ ගමන් කරමින් තිබෙන්නේ ශක්තිමත් දේශපාලන බලයක් අත්පත් කරගැනීම සඳහා සංක්‍රාන්ති අවධියක. සමහර තීන්දු තීරණ සමහර ක්‍රියාකාරිත්වයන් සඳහා මීට වඩා ප්‍රබල දේශපාලන බලයක් අපට අවශ්‍යයි. 2010දී මහින්ද රාජපක්ෂයට පාර්ලිමේන්තුවෙන් 2/3 බලයක් ලැබුණා. ඉන් අවුරුදු 5කට පසුව ඔවුන් පරාජයට පත්වුණා. 2020දී ගොඨාභය රාපක්ෂයට 2/3ක බලයක් ලැබුණා. හැබැයි අවුරුදු දෙක හමාරේදි පාර්ලිමේන්තුවේ 2/3 බලය සීසීකඩ ගියා. ජනාධිපතිවරයාට ගෙදර යන්න වුණා.…
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම තරගය දඹුල්ලේදී ඊයේ (13) රාත්‍රියේදී පැවැත්විණි. මෙහිදී පළමු පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය පන්දුවාර 19.1කදී පසුකර යාමට කොදෙව් කණ්ඩායමට හැකිවිය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං හා එවින් ලුවිස් සමත් වූහ. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 55කින් ලකුණු 107ක සබඳතාවක් පැවැත් වූහ. ඉන් බ්‍රෙන්ඩන් කිං පන්දු 33කින් ලකුණු 63ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 11ක් ඇතුළත් විය. එමෙන්ම ලුවිස් ලකුණු 50ක් රැස්කළ අතර, පන්දු 28කින්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී ඇත. දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව එහි සඳහන් වේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී…