Author: LFN
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීමට නියමිතව ඇත. වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයට තරඟ නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙයි.
ලබන මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔක්තෝබර් මාසය සඳහා එම මුදල අන්තර්කාලීන දීමනාවක් ලෙස ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඔහු පැවසීය. මෙම මාසය සඳහා ලබාදෙන මෙම අමතර දීමනාව ඉදිරි දිනවලදී ලබා ගත හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. “විශ්‍රාමිකයින්ගේ බරපතළ වැටුප් විෂමතාවයක් තියෙනවා කාලයක් තිස්සේ තියෙන එකක්. ඒ වැටුප් විෂමතාවය කෙටිකාලයක් තුළ එකවර විසඳන්න අමාරුයි. නමුත් රජය තීන්දු කළා විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක දීමනාවක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලබාදෙන්න. මේ මාසේ 10 වනදා වෙනකොට විශ්‍රාම වැටුප ලබාදීලා තියෙනවා. ඒකට මේ රුපියල් 3000 ඇතුළත් වුණේ නැහැ. ඒ…
එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බවත් ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (15) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එමෙන්ම ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බවත්, එයට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බව ද ඒ මහතා පවසයි. කෙසේ වෙතත් මේ වනවිට ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමග නැවතත් පාස්පෝට්…
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවේ, මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,657 දෙනෙකු හඳුනාගෙන ඇති බවය. මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 20දෙනෙකු මියගොස් තිබේ. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමග යළිත් වරක් ඩෙංගු මඳුරුවන් බෝවීමේ ඉහළ යාමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කළේය. “ඔක්තෝබර් මාසයේ පමණක් රෝගීන් 1,247ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. වසර පුරාම මරණ 20ක් වාර්තා වුණා. රෝගීන් වැඩිම වශයෙන් වාර්තා වෙන්නේ…
දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරී කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පොලීසියට ජනතාවගෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමට කාලය එළඹ ඇති බවය. කළුතර පොලිස් පුහුණු පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය. “පොලීසිය පිළිබඳ තිබෙන ආකල්ප වෙනස් කළ යුතු වෙනවා. ඒ වෙනස් කිරීමේ දී ඔබට පුරෝගාමි කටයුත්තක් කළ හැකියි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දී දේශපාලන බලපෑම්වලින් තොරව ඔබගේ රාජකාරිය, ඔබේ වගකීම්, නිවැරදිව ඉටුකිරීම සඳහා වූ ධෛර්යක් ඔබට තිබිය යුතුයි. ඔබ හැමවෙලාවේම බැඳිලා ඉන්නේ, ඉහළ නිලධාරියෙකු ලබාදෙන නීතියානුකූල විධානයන් පිළිපඳින්න…
සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය රජයේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජයේ රස පරීක්ෂක ලෙස සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය 2024-10-11 වනදා සිට විශ්‍රාම ලබා තිබුණාය. ඒ අනුව පුරප්පාඩු වී ඇති එකී තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මීළඟට ඉහළම ජ්‍යෙෂ්ඨතාව හිමි, දැනට රජයේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවය. එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද (15) සහ හෙට යන දෙදින තුළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත…
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. අදාළ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (14) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව සඳහන්ය. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ උප සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට ලිඛිතව දැනුම් දී තිබේ. ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ද සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ. 2020 වර්ෂයේ දී…
කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා සියයට 1.2ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2023 වසරේ අගෝස්තු මාසයේ 90.2ක් වූ කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී 91.3 දක්වා ඉහළ ගොස් ඇති බවය. එහිදී ආහාර නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්ය. කෙසේවෙතත් බීම වර්ග සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල අඩුවීමක් මේ වසරේ අගෝස්තු මාසයේ දී පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර ජුලී මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ මෙරට නිල දරිද්‍රතා රේඛාව සුළු පහළ යාමක් වාර්තා වී තිබේ. ජුලි මාසයේ රුපියල් 16,373ක් වූ…
පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථ පාරේ නිවසකක් තුළ තිබී පිරිමි පුද්ගලයකුගේ සහ කාන්තාවකගේ මළසිරුරු හමුව තිබේ. කාන්තාවගේ මළසිරුර සාලයේ බිම තිබෙන බවත් පිරිමි පුද්ගලයාගේ මළසිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබීයදී සොයාගත් බවත් පානදුර පොලීසිය පවසයි. දෙදෙනා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන යුවළක් බවට තොරතුරු ලැබී තිබේ. පොලීසිය සැකකරන්නේ, පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කර ගෙල වැලලාගන්නට ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ, 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 42 හැවිරිදි කාන්තාවකි. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන අංශයේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.