Author: LFN
කොටදෙණියාව හල්ඔලුව කන්ද ප්‍රදේශයේ ජලය පිරුණු වළක දියනෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 14 ක් වූ වරාදල, කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. මෙම දරුවා ඊයේ (16) සවස ඔහුගේ තවත් යහළුවන් 05 දෙනෙකු සමග මෙම දියවළේ දියනෑමට ගොස් තිබේ. එම අවස්ථාවේ මෙම දරුවා දියේ ගිලී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි ජනබලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක් දැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය විමසයි. ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ එවැනි සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කළ තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුවානම් පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඒ වෙනුවට තමන්ගේ නම ඇතුළත් කරන ලෙසටය. “මට අහන්න තියෙන්නේ සමගි ජනබල වේගයේ ලියන්න බැරි, කතා කරන්න බැරි, කන් ඇහෙන්නේ නැති මිනිස්සු ද ඉන්නේ. සන්නිවේදනයේ ප්‍රශ්න තියෙන්න ඕනේ එහෙම…
ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් කාන්තාවන්ට ලිංගික අතවර කර නිවාසවල භාණ්ඩ සොරාගත් දෙදෙනෙකුගෙන් යුත් කල්ලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, 21 හැවිරිදි තරුණයා හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ඔහුගේ සුළු පියා මෙලෙස මෙම සොරකම් සිදුකරන බවයි. කාන්තාවන්ට අතවර කර නිවාසවල භාණ්ඩ කොල්ලකන සොර කල්ලියක් දොම්පේ, වැලිවේරිය හා මල්වතු හිරිපිටිය යන ප්‍රදේශවල සැරිසරන බවට මාධ්‍ය පසුගිය සෙනසුරාදා අනාවරණ කළේය. එහි ආසන්තම සිදුවීම වාර්තාවුණේ පසුගියදා වැලිවේරිය ප්‍රදේශයෙනි. එහි නිවසකට ඇතුළු වූ සොරුන් දෙදෙනා කාන්තාවකට සිය සිව්හැවිරිදි දරුවා හා සැමියා ඉදිරිපිටදී අතවර කර භාණ්ඩ කොල්ලකා පළාගොස් තිබුණි. ඒ වනවිටත් පොලිස් කණ්ඩායම් රැසක් බස්නාහිර පළාත. උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබේ. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඒ බව දැනුම්දෙයි. ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල නොමැති නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරය) 53අ(3) අ, ආ (i) (ii) (iii) වගන්ති ප්‍රකාරව ඔහුගේ දකුණු අතෙහි වෙන යම් ඇඟිල්ලක් පාට කිරීමට ද නියමිතය. 2024.09.21 දින පැවති ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතේ සුළැගිල්ල පාට කර ඇති බැවින් මතුවිය හැකි ගැටලුව නිරාකරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ
රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඒ, 2020 වසරේ නොවැම්බර් මස මහර බන්ධනාගාරය තුළ පැවති උද්ඝෝෂණයක් අතරතුර බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙනි. නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, අදාළ සිද්ධිය අපරාධයක් බවත්, ඊට සම්බන්ධ නිලධාරින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකය. කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස සහ කොවිඩ් වැළඳුණු රැඳවියන් නිසි ප්‍රතිකාර සඳහා රෝහල්වලට යොමුකරන ලෙස ඉල්ලමින් මහර බන්ධනාගාරයේ රැඳවියන් 2020 නොවැම්බර් 29 වනදා උද්ඝෝණයක් සිදුකර…
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කෙරිණි. දුම්රිය මාර්ග සම්බන්ධ…
උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය කනත්ත අසලදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක අයෙකි.
මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. නාඳුනන පුද්ගලයෙකු මියගොස් ඇති බවට 2024.10.01 වන දින හෝමාගම පොලිස් ස්ථානයට මෙලෙස පැමිණිල්ලක් ලැබී තිබුණි. එම මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කෙරුණි. අනතුරුව මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර උස අඩි 05 අඟල් 02ක් පමණ වන සාමාන්‍ය සිරුරක් ඇති පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. කෙසේවෙතත් මළසිරුර හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවද පොලීසිය සඳහන් කරයි. පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක…
ශ්‍රීලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතාව උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය වාර්තා කරයි. එහි සඳහන් වන්නේ එම ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් කරන බව ගනේගොඩ මහතා පැවසූ බවයි. වර්ෂ ගණනාවක් පුරා ශ්‍රීලංකන් ගුවන්සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබුණි. එම සැලසුම යටතේ ගුවන්සේවයේ කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකීනමට නියමිතව තිබුණි. ඒ සඳහා පාර්ශ්ව 6ක් සිය කැමැත්ත දන්වා තිබූ නමුත් එම…