Author: LFN

අද (19) දිනයේ උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තවද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම බවත් එය ක්‍රියාත්මක වූ බව සඳහන් වූ නමුදු අත්‍යවශ්‍යම පළාත වන බස්නාහිර පළාත සඳහා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ද අදාළ නිවේදනයේ දැක්වේ. බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් මේ පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා…

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදට (18) යෙදී තිබේ. මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙතෙක් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට ඒ සඳහා අද දිනයේ අවස්ථාව සලසා දී ඇති බවය. ඒ අනුව තමන්ගේ සේවා ස්ථානයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ සියලුම තැපැල් ඡන්ද දායකයින් තමන්ගේ ආයතනය නියෝජනය කරන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියා ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව ලබා ඇති බවද ඔහු පැවසීය.

Read More

මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන සියලු දුම්රිය ගමන්වාර අද (17) දිනයේ දී අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දෛනිකව මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 6කි. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලි රංචුවක් ගැටිමෙන් අද අලුයම සිදුවු අනතුර හේතුවෙන් මෙම ගමන්වාර අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදි මෙම අනතුර සිදුව ඇති අතර ඉන් දුම්රියේ ඉන්ධන ටැංකි හතරක් පිළි පැන ඉන් දෙකක් පෙරලි ගොස් තිබුණි.

Read More

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මරණකරු වයස අවුරුදු 50ක් වූ අළුත්මය, පිඹුරත්තෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඉකුත් 15 වනදා ඔහුගේ ත්‍රිරෝද රථයෙන් නිවසින් පිටවගොස් තිබේ. නැවත නිවසට නොපැමිණි බවට ඔහුගේ පියා විසින් 2024.10.16 වනදා අරලගංවිල පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධව විමර්ශන සිදු කරමින් සිටියදී, එම පුද්ගලයාගේ මෘත ශරීරය ZD ඇළේ තිබී හමුවී ඇත. මරණකරුට අයත් ත්‍රිරෝද රථයද සිරුර හමුවූ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් එම ඇළ තුළම තිබී සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ සිරුර පොළොන්නරුව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලීසිය…

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිටදී ඉකුත් 16 වනදා වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 හා 50 යන වයස්වල පසුවන කොළඹ 10 හා කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඉහත සැකකරුවන් මෙම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මරණකරු සමග ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා වෙයි. මොවුන් විසින් මරණකරුව නිවසේ සිට වෙඩිතැබීම සිදු කළ ස්ථානයට ත්‍රිරෝද රථයෙන් රැගෙන ගොස් ඇති බව හෙළිවී තිබේ. ඔවුන්, වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් සමග දුරකථනයෙන් සම්බන්ධවී මෙම ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට දැනට සිදුකරන…

Read More

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඩීසල් මුදලට විකිණු පුද්ගලයෙකු ඩීසල් ලීටර් 1,225 ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා දඹුල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගලෙන්බිඳුණුවැව, මොරගොඩ මීගස්වැව‍, නාමල්පුර‍ ප්‍රදේශයේ අදාළ වැටලීම සිදුකර ඇත. එහි දී අනාරක්ෂිතව ගබඩා කර තිබු ඩීසල් ලීටර් 1,225 ක් හා ඊට අදාළ උපකරණ ද සමග එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාර දි ඇත.

Read More

බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා සඳහන් කළේ, බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වඩා අඩු මුදලක් වැයවන බැවින් රුපියල් 35ක මිලකට වෙළෙඳපොළ තුළ බිත්තරයක් අලෙවි කිරිමට හැකියාව පවතින බවය. “බිත්තර මිල සම්බන්ධ අර්බුදය තාම විසඳිලා නැහැ. රුපියල් 40 – 45 දක්වා වෙළෙඳපොළේ බිත්තර මිල වැඩි වෙලා. මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න. බිත්තරයක ඇත්තම නිෂ්පාදන වියදම රුපියල් 20ත් 23ත් අතර යන්නේ. ගොවිපොළෙන් රුපියල් 30කට බිත්තරය දෙන්න පුළුවන්.”

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඌරන් මෙම හඳුනා නොගත් වයිරස රෝගයට ගොදුරු ව තිබේ. ගොවිපොළ හිමිකරුවන් පවසන්නේ, රෝගය වැළඳී දින දෙකක් තුළ එම සතුන් මරණයට පත්වන බවය. අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළ 20ක පමණ පැතිර ගොස් තිබේ. ගොවිපොළ හිමිකරුවන් චෝදනා පැවසුවේ මෙම රෝගය හේතුවෙන් ඌරන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, වගකිව යුතු බලධාරින් කිසිවෙක් මේ පිළිබඳව සොයා බැලීමට මෙතෙක් පැමිණ නැති බවය.

Read More

මහ මැතිවරණයට අදාළ ව මේ වන තෙක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 257ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිසම දක්වා ඇත්තේ ලැබී ඇති පැමිණිලි සියල්ල නීති උල්ලංඝනය කිරීම් බවය. ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලි 181ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 76ක් සම්බන්ධව කටයුතු සිදුකෙරෙමින් පවතින බවද එම නිවේදනයේ සඳහන්ව තිබේ.

Read More