Author: LFN
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන්, මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා භාරයේ පවතින බවට දක්වා ඇති වාහන සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි තොරතුරු නොවන බවය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ 06න් 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව එළැඹෙන 21 වෙනි සඳුදා නැවත භාරදීමට කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
2025 වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසය වනවිට ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ජාතික ජන බලවේගය මහ මැතිවරණය වෙනුවෙන් තංගල්ලේදී සංවිධානය කළ පළමු මහ මැතිවරණ රැළියට ඊයේ (19) එක්වෙමිනි. “අපි පෙන්නුම් කරලා තියෙනවා ධෛර්යවන්ත මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නොමැති බව. ආරම්භක වශයෙන් අපේ ප්‍රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථික ස්ථාවර නියෝජනය කිරීම. අපි ඉතා කෙටි දවසක් ඇතුළත ජත්‍යාන්තර සංවිධාන එක්ක ඉතා හොඳ, රටට හිතකර පරිදි ගණුදෙනු කරමින් විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා. අපි දෙසැම්බරයේ අතුරු සම්මතයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි, මාර්තු වනවිට අයවැය ඉදිරිපත් කරන්න සැලසුම් කරලා…
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බවය. මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට අධිකරණයේ පිහිට ලබාගැනීමේ හැකියාව පවතින බවය.
රුපියල් මිලියන 250ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසා සිටියේ, මැලේසියානු ගුවන් සේවයේ MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ඊයේ (18) රාත්‍රියේ කටුනායකට ළඟා වූ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය. රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් පිටවන හරිත මාර්ගයෙන් පිටව යාමට සැකකරු උත්සහ දරා තිබූ අතර, රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කිරීමේ දී තේකොල අඩංගු පැකට් වල සුක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 179ක තොගයක් සොයාගැනීමට හැකිව තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 250ක්…
මියගිය ඌරන්ගේ සිරුරු රැසක් කිසියම් පිරිසක් ජා-ඇළ දඬුගම ප්‍රදේශයේ ඇළ මාර්ගවලට දමායාම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවකට මුහුණ දී සිටී. ඌරු ගොවිපොළවල පැතිරෙන වෛරසයක් නිසා මියයන ඌරන් මෙලෙස ගෙනැවිත් දමන්නට ඇති බවට ජනතාව චෝදනා කරති. මේ අතර මෙම වෛරස් රෝගය සැලකිල්ලට ගෙන, පශු වෛද්‍ය සහතිකයක් නොමැතිව දිස්ත්‍රික්ක අතර ඌරන් ප්‍රවාහනය තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා හේමාලි කොතලාවල මහත්මිය මේ බව සඳහන් කළාය. බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල ඌරු ගොවිපොළ ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වෛරසයක් නිසා ඌරන් විශාල ලෙස මියයාමට පටන් ගෙන ඇත. ගොවිපොළ හිමිකරුවන් පවසන්නේ, රෝගය වැලඳී දින දෙකක් තුළ සතුන් මියයන…
ජාතික ආරක්ෂාවට සංවේදී කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ නොකරණ බවත්, කොමිෂන් වාර්තා පමණක් ප්‍රසිද්ධ කරන බවත් සර්වජන බලයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පවසයි. සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “රාජ්‍ය රහස වෙන්නේ වාර්තාවේ තිබෙන ඇමුණුම්. මම විජිත හේරත් ඇමතිතුමාට දුරකථනයෙන් කථාකළා ඇමුණුම් භාරදෙන්න සූදානම්” දිනයක් සහ වෙලාවක් කියන්න කියලා. ඔහු දුරකථනයට උත්තර දුන්නෑ. පසුව එතුමාට කෙටි පණිවිඩයක් යැව්වා මම උදය ගම්මන්පිල, හැකි ඉක්මනින්න මාව අමතන්න කියලා. ඒකටත් මේ දක්වා ප්‍රතිචාරයක් නැහැ. එතුමා හිතාමතා මාව මඟහරින බවක් පෙන්නේ. ඒ නිසා එතුමාට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් දැම්මා. අපි ප්‍රසිද්ධ කරන්නේ කොමිෂන් වාර්තා පමණයි. ජාතික…
වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට හේතුව, මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් පස් දෙනෙකු කෘත්‍රීම හිඟයක් නිර්මාණය කර සහල් වැඩි මිලට විකිණීමේ උත්සාහයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, රජය කඩිනමින් මෙම තත්ත්වය වැළැක්වීමට මැදිහත් විය යුතු බවය. මේ වනවිට සිල්ලර වෙළෙඳපොළේ නාඩු, සුදු සහ රතු කැකුළු සහල්වල දැඩි හිඟයක් මතුව තිබේ. ඒ අතරින් වැඩි ඉල්ලුමක් පවතින නාඩු සහල් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය. එසේම රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ පාලන මිලට සහල් මිලදී ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. කෙසේ වෙතත්, මරඳගහමුල සහල් නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ, පාරිභෝගිකයින්ට පාලන මිලට සහල් ලබාදීම ගැටලුවක් වී ඇති…
රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එමඟින් සඳහන් කර ඇත්තේ, 2023 ඔක්තෝබර් මස 14 වන දින 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය 2024 ඔක්තෝබර් මස 13 දිනයෙන් අවසන් වු බැවින්, එය නැවත 2024 දෙසැම්බර් මස 31 දින දක්වා එලෙසම දීර්ඝ කිරීමට 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මඟින් කටයුතු කර ඇති බවය. එමඟින් රජය විසින් අලුනින් බදු පැනවීමක් සිදුකර නොමැති අතර, ආනයනික පරිප්පු සඳහා පැවති සහනදායි ශත 25ක් වු බද්ද එලෙසම ක්‍රියාත්මක කර ඇති අතර,…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ද වන හේරත් මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි. එමෙන්ම හෙතෙම ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙසත් ඒ මහතා සේවය කර ඇත. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙක් ද වන අර්ජුන හේරත් මහතා තවත් ආයතන ගණනාවක ඉහළ පෙළ තනතුරු දරා තිබේ.