Author: LFN
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් නැවත භාරදී තිබේ. එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනැවිත් භාර දී ඇති බවය. එම වාහන අතර ගිලන්රථයක්, වෑන් රථයක් හා කැබ් රියක් වේ.
හලාවත සිංහපුර ප්රදේශයේ ගිනිගත් දෙමහල් නිවසකින් හමුවූ මරණ සම්බන්ධයෙන් අද (21) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය. එහිදී අනාවරණය වුයේ මියගිය කාන්තාවගේ සහ දියණියගේ ගෙල කපා ඝාතනය සිදුකර පසුව සිරුරු ගිනි තබා ඇති බවය.
මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියට අදාළ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලීසිය අද (21) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පැමිණිල්ල අද කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව දන්වා සිටියේය. ප්රධාන සැකකරු මේ වන විට සිය නිවසේ නොමැති බවත් ඔහු සොයා විමර්ශන මෙහෙයවන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු…
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ප්රධානම චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති රවී සෙනෙවිරත්න මහතාව වහාම මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලෙකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි. පාස්කු ප්රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්රසිද්ධ කිරීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්ය හමුවකට එක්වෙනින් ඔහු මේ බව පැවසීය. ගම්මන්පිල මහතා මීට පෙර පැවසුවේ පාස්කු ප්රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්රසිද්ධ කිරීම සඳහා ජනපතිවරයාට අද උදෑසන 10 වනතෙක් කාලය ලබාදෙන බවයි. ඒ අනුව එම වාර්තා දෙකෙන් එක් වාර්තාවක් තමා අද දිනයේදීත් අනෙක් වාර්තාව ලබන සඳුදා ද හෙළිදරව් කරන බව ඔහු පැවසීය. උදය ගම්මන්පිල…
වෛද්යවරියකගේ නිවසට සාපරාධී ලෙස බලහත්කාරයෙන් ඇතුළු වී මුදල් හා රත්රං බඩු කොල්ල කෑ දෙදෙනෙකු තලංගම අපරාධ අංශය මගින් අත්ඩංගුවට ගෙන තිබේ. පසුගිය 19 වනදා තලංගම පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනවලදී මෙම සැකකරුවන් හඳුනාගෙන තිබුණි. මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ ශ්රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරන 43 හැවිරිදි වෛද්යවරියකි. සැකකරුවන් වයස අවුරුදු 23 සහ 45 යන වයස්වල පසුවන්නන් වේ. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දැඩි ලෙස මත්ද්රව්ය සඳහා ඇබ්බැහි වී ඇති බවයි. 45 හැවිරිදි සැකකරු නිවසෙන් පිටත රැඳී සිට ඇති අතර අනෙක් සැකකරු නිවසට බලහත්කාරයෙන් පැන වෛද්යවරියගේ ගෙලට පිහියක් තබා ඇගේ රන් මාලය සහ අනෙකුත් රත්රං භාණ්ඩ කොල්ලකා පළා ගොස්…
සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම්දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්යාවක් යළි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්යංශ ආරංචි මාර්ග පවසයි. ආරක්ෂක අමාත්යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබා දී ඇති සියලුම ගිනිඅවි පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීමෙන් පසු නැවත ලබා දීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය ගනු ලැබීය. ඒ අනුව අදාළ ගිනිඅවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්රව්ය ගබඩාව වෙත නොවැම්බර් මස 07වන දිනට පෙර භාර දෙන ලෙස සියලු බලපත්රලාභීන් වෙත ආරක්ෂක අමාත්යංශය දැනුම් දී තිබුණි. මෙම තත්ත්වය තුළ මේ වන විට ගිනිඅවි 50කට ආසන්න සංඛ්යාවක් යළි භාර දී…
ඉතාලිය සහ ස්විට්සර්ලන්තය අතර දේශසීමා යළි සකස් කිරීමට සිදුවී තිබේ. දෙරට අතර දේශසීමාවේ පැවති ග්ලැසියර දියවීමෙන් එහි භූගෝලීය ලක්ෂණ වෙනස්වීම නිසා මෙම පියවර ගැනීමට සිදුව ඇත. ඉතාලිය සහ ස්විට්සර්ලන්තය එකිනෙකාට අසල්වැසි රාජ්යයන් දෙකකි. ඇල්ප්ස් කඳුකරය ආසන්නයෙන් එකිනෙකා මායිම් වන මෙම රටවල් තම දේශසීමා නැවතත් සකස් කිරීමට තීරණය කර තිබේ. ගෙවුණු වසර කිහිපය පුරා සිදුවූ කාලගුණික විපර්යාසවල ප්රතිඵලයක් ලෙස දෙරට දේශසීමාවේ පිහිටි සර්මැත් කලාපයේ භූ ලක්ෂණ සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බව වාර්තා වේ. සර්මැත් කලාපයේ දේශසීමා නැවත ඇඳීමට දෙරටට සාකච්ඡා ආරම්භ කිරීමට සිදුව ඇත්තේ ඒ අනුවයි. යුරෝපයේ පිහිටි ජනප්රියම හිම නිකේතනයක් වන සර්මැති කලාපය දෙරටටම වැදගත් වන බැවින් මෙම කටයුත්ත…
මෙවර මහ මැතිවරණය සඳහා ඉල්ලුම්කර ඇති තැපැල් ඡන්ද අයදුම්කරුවන් සංඛ්යාව පසුගිය ජනාධිපතිවරණයට වඩා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ප්රකාශකයෙකු සඳහන් කළේ ඉදිරිපත්වී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් සියල්ල මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවය. පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද දායකයින් 712,319 දෙනෙකු ඡන්දය ප්රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි. මේ අතර 2024 මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද රක්ෂණ පැකට් ලබන බදාදා දින භාර ගැනීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අදාළ තැපැල් ඡන්ද රක්ෂණ පැකට් කඩිනමින් සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව නියෝජ්ය තැපැල්පති රාජිත රණසිංහ මහතා…
පාස්කු ප්රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජන බලවේගය ඊයේ (20) කටුනායක පැවැත් වූ ජන රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. “විශේෂයෙන්ම අවධානය යොමුකළා පාස්කු ප්රහාරය ගැන. අපි පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණය සඳහා සුදුසු දෙපාර්තමේන්තුවක් බවට පරිවර්ථනය කළා. දැන් එතකොට කට්ටිය කලබලා වෙලා තියෙනවා. 2019 පාස්කු ප්රහාරයෙන් බලය ගන්න පාස්කු ප්රහාරය මතුර මතුර ගියපු අය අවුරුදු 5කට පස්සේ අවදි වෙලා. දැන් කියනවා අර වාර්තාව දෙන්න, මේ වාර්තාව දෙන්න කියලා. ඒ වාර්තා දෙකම රනිල් වික්රමසිංහගේ වාර්තා. ඒ දෙකම විමර්ශන කමිටු නෙමෙයි. මම එනකොට…
සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්රී ලංකාව පෙරමුණ ගත්තේය. පල්ලේකැලේ පැවති මෙම තරගයේ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර, ඔවුන් පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල විය. පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව ඇඳහැළුණු නිසා තරගයේ පන්දුවාර සංඛ්යාව අඩුකර ශ්රී ලංකාවට පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවිය. මෙහිදී ශ්රී ලංකාවට පන්දුවාර 37කදී ලකුණු 232ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 32(31.5) වැනි පන්දුවාරයේදී පසුකර යාමට…