Author: LFN
විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය නිවේදනය කරයි. මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම පියවර ගෙන තිබේ. පොලීසිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. – උපුටාගැනීම – ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මඟින් නිරීක්ෂණය වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව විදේශීය ජාතිකයින් ඇති කර ගනු ලබන විශ්වාසය මෙන්ම ගෞරවයටද මහඟු අවස්ථාවක් උදාවීමකි.…
ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ. එම තානාපති කාර්යාලය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි. සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යම් හෝ සැකකටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට ය.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි. එබැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන පිටවීමේ සහතිකය ලබාදීම සඳහා කාලයක් ගතවන බැවින් වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති හෝ ගුවන් ගමන් බලපත්‍රය තමා සන්තකයේ නොමැති ශ්‍රී ලාංකිකයින් මේ මස 25වන දින හෝ ඊට ප්‍රථම තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය තාවකාලික ගමන් ලියවිල්ල (TTD) සඳහා අයදුම් කිරීමට පැමිණෙන ලෙස දැනුම්දෙයි. මෙම පොදු සමා කාලය තුළ, සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් සඳහා සේවාවන් සැපයීමට කොන්සල් ජනරල් කාර්යාලය කැපවී සිටින…
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී තිබේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන් සමග පැවැති සාකච්ඡාවේදීය. පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවී ඇති අතර ඊට සාධනීය විසඳුම් ලබා දීමට ද මෙහිදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදුකළ හැකි උපරිම සේවාව ලබා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා පවසා ඇත. ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා…
පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. අද (23) දිනයේ එහි පළමු අදියර කොළඹ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා මුල්කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙයි. මෙහිදී පොල් ගෙඩියක් රු 100ත් 120ත් මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට නියමිතය. කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලීසිය අසලත්, කිරුළපන පොදු වෙෙළඳපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් බෙදාහැරිම් සිදුකිරීමට නියමිතය. ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලීසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨය අසල ද පොල් බෙදාහැරිමේ ජංගම වැඩසටහන…
ගුවන් තැපැල් මගින් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ. විදේශ රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මගින් රැගෙන එන ලද සැකකටයුතු පාර්සල් කිහිපයක් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වෙත කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි ගුවන් තැපැල් ආයතනයක් මගින් සිදුකළ දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි. එහිදී පාර්සල් 07ක තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය හමුවූ බව පොලීසිය පැවසීය. එම පාර්සල්වල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 07 ග්‍රෑම් 21ක්, මැන්ඩි මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 338ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 143ක් හමුවී ඇත. මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන…
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පැවැති සාකච්ඡාවේදීය. වර්තමානයෙහි පවතින පාරිභෝගික භාණ්ඩ මිල සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස බත සකස් කරන සහල් මිල පාලනයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත. පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත් ඉන්පසුව…
පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයාව බේරාගැනීමට උත්සාහ කළ පියෙකු එම ජීප් රථයට යටකර ඝාතනය කර ඇති බව වාර්තා වී තිබේ. ඒ ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේදී ය. පුත්‍රයාට ද අදාළ පිරිස විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඇති බව පොලීසිය පැවසුවේ ය. ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 19 වනදා සවස, පොලිස් නිලධාරීන් බව පවසා පිරිසක් ජීප් රථයකින් පැමිණ තිබුණි. එම පිරිස නිවසේ සිටි තරුණයෙකුට මාංචු දමා ඇසිඩ් ගසා බලහත්කාරයෙන් රැගෙන යාමට තැත්කිරීමේදී ඔහුගේ පියා එය වැළැක්වීමට උත්සාහ කර ඇති බව පොලීසිය පැවසුවේ ය. එහිදී පියා ජීප් රථයේ එල්ලී ඇති අතර එය නොනවත්වා ධාවනය කිරීම නිසා ඔහු ඉන් වැටී ඇති බව…
මේ වනවිට අධිකරණය මගහැර සිටින රජිත අසන්ත නමැති විත්තිකරුගේ ඇපකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කර තිබේ. හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් ලක්ෂ 100කට අධික වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ රජිත අසන්ත චෝදනා ලබා සිටී. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබාදුනි. අදාළ විත්තිකරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් තුෂාර ඉන්ද්‍රජිත්, අමිල ප්‍රනාන්දු සහ මොහොමඩ් ඉක්‍රම් යන පුද්ගලයින් තුන්දෙනා මෙම විත්තිකරුගේ ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී තිබුණි. ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ඇප බැඳුම්කරවලට අත්සන් කර තිබූ බවත් නඩුවේ…
පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබීය. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවය. ඉන් අනතුරුව අදාළ පෙත්සම ලබන 25 වනදා කැඳවීමටද නියම වුණි.