Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විත්තිකරුවෙකුගේ ඇපකරුවන්ට ලක්ෂ 90ක් දඩ
    Featured

    විත්තිකරුවෙකුගේ ඇපකරුවන්ට ලක්ෂ 90ක් දඩ

    By LFNOctober 22, 2024No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වනවිට අධිකරණය මගහැර සිටින රජිත අසන්ත නමැති විත්තිකරුගේ ඇපකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කර තිබේ.

    හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් ලක්ෂ 100කට අධික වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ රජිත අසන්ත චෝදනා ලබා සිටී.

    කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබාදුනි.

    අදාළ විත්තිකරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් තුෂාර ඉන්ද්‍රජිත්, අමිල ප්‍රනාන්දු සහ මොහොමඩ් ඉක්‍රම් යන පුද්ගලයින් තුන්දෙනා මෙම විත්තිකරුගේ ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී තිබුණි.

    ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ඇප බැඳුම්කරවලට අත්සන් කර තිබූ බවත් නඩුවේ විභාගයේදී අනාවරණය වුණි.

    එහෙත් විත්තිකරු අධිකරණය මගහැර පළ ගොස් සිටීම හේතුවෙන් එම ඇපකරුවන් තුන්දෙනා අධිකරණය හමුවට කැඳවනු ලැබීය.

    එහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ යම් පුද්ගලයෙකු සැකකරුවකු හෝ විත්තිකරුවකු වෙනුවෙන් ඇපකරුවකු වශයෙන් ඉදිරිපත් වන්නේ නම් එම විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ ඇපකරු නීතියෙන් බැඳී සිටින බවය.

    මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඇපකරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය විධිවිධානයන්ට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

    ඒ අනුව මෙම නඩුවේ විත්තිකරු ඉදිරිපත් කිරීමට ඔහුගේ ඇපකරුවන් අපොහොසත් වීම නිසා එක් එක් ඇපකරුට රුපියල් ලක්ෂ 30 බැගින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.