Author: LFN

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා ඇති අතර 2018 වර්ෂයේ ඡන්දදායක ලියාපදිංචි කිරීමේ නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ හෙට (26) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම සිදුවන අතර ඊට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බවය. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හේට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඇල්පිටිය…

Read More

ඉදිරි දින කිහිපය තුළ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීමට හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. “අපි දින කිහිපයකින් මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරනවා. එතකොට දැනට ඇමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් කිහිපයකින් ලබාදී තිබෙන අවවාදාත්මක පණිවිඩයත් ඉවත් කරගන්න පුළුවන්. ඒ අය දැනටමත් සෑහිමකට පත් වෙලා තිබෙනවා අපි ගත් ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ නිසා ඒ අයගේ පැත්තෙන් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා තමන්ගේ රටේ පුරවැසියන් අපේ රට තුළ සංචාරක කටයුතු වලට එවන්න. සංචාරකයින් පැමිණිමේ නැවතීමක් වෙලා නැහැ. පෙරේදාත් ඊශ්‍රායල ජාතිකයින් ලංකාවට ඇවිල්ලා තිබුණා එහෙම ප්‍රශ්නයක් නැහැ.…

Read More

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 21ක සමාගම් කොටස් සාපරාදී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ලිඛිත විරෝධතා‍ නොවැම්බර් මස 25 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විත්තිකාර උදය ගම්මන්පිල මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනෙක් විත්තිකරු වූ සිඩ්නි ජයරත්න මහතා අසනීප තත්ත්වයෙන් රෝගල් ගතව සිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුවට අදාළ ලිඛිත විරෝධතා නොවැම්බර් මස 25…

Read More

සංචාරකයෙක් හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා මෙරට ට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම් අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. පොලිස් මූලස්ථානය පවසන්නේ ඒ සඳහා සංචාරක සහ නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතා ව අමතන ලෙසට ය. ඔහුගේ දුරකථන අංකය වන්නේ 0718 – 592651 ය. මේ අතර මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවිය. ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි. එම සැලසුම සම්බන්ධයෙන් ඔක්තෝබර්…

Read More

කළුතර දකුණ පොලිස් වසමේ තේක්ක වත්ත ප්‍රදේශයේදී රාත්‍රී කාලයේ ගෙවල් බිඳ දේපොළ සොරකම් කළ සැකකරුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන තේක්ක වත්ත, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. මෙම සැකකරු ‘මිහිකතවත්තේ බකලා’ ලෙසින් හැඳින්වේ. වාද්දුව, කළුතර හා අවට පොලිස් වසම් රැසක දීර්ඝ කාලයක් තිස්සේ නිවාස බිඳුම් සිදුකරන බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කළුතර මිහිකතවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඔහු විසින් නිවාසවලින් සොරකම් කරන ලද ලක්ෂ පහළොවකට ආසන්න රන් භාණ්ඩ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට අලෙවි කොට තිබියදී සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ. එමෙන්ම එම නිවාසවලින් සොරකම්…

Read More

නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ස්ථාන කිහිපයකට අද (24) අළුයමදී සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් නිවේනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මිලිමීටර 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. ඒ හේතුවෙන් නිල්වලා ගංඟා ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇත. මේ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ, එම දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරගෙන යනු ලබන පානදුගම ජල මාපකයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇති බවයි. අද (24) දිනය තුළදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් මෙම තත්ත්වය වර්ධන වීමේ අවදානමක් තිබෙන බව වාර්මාර්ග දෙපාර්තමෙන්තුව පෙන්වා දෙයි. ඒ අනුව…

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්. ප්‍රශ්න – ඇයි හදිසියේ කැඳවලා තියෙන්නේ ? “දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ.” කාරණාව දන්නේ නැද්ද ? “කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.”

Read More

නොවැම්බර් 14 වනදා තිබෙන්නේ ඡන්දයක් නොවන බවත් එය මහා ශ්‍රමදානයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ (23) පැවති මැතිවරණ රැළිය අමතමිනි. මහා මැතිවරණය පැවැත්වෙන දිනය යනු ශ්‍රී ලංකා පාර්ලිමේතුන පිරිසිඳු කිරීමේ දිනය බව ජනාධිපතිවරයා පැවසීය. “නොවැම්බර් මාසේ 14 වනදා තියෙන්නේ ඡන්දයක් නෙමෙයි මහා ශ්‍රමදානයක්. පිරිසිඳු කිරීමේ ශ්‍රමදානයක්. මේක පිරිසිඳු කරන්න ඕනේ. නොවැම්බර් මාසේ 14 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ දිනේ. අපි දිනේ ප්‍රකාශ කළාම 60කට වඩා පිරිසක් ස්වෙච්ඡාවෙන්ම පිරිසිඳු වෙලා. ඉල්ලන්නේම නෑ. පොළොන්නරුවෙත් ඉන්නවා නේ. 89 ඉදලා පාර්ලිමේන්තුවේ හැබැයි 2024 නෑ. ස්වෙච්ඡාවෙන් පිරිසිඳු වෙලා. ඉතුරු වෙලා ඉන්නවා කට්ටියක් ඒ කට්ටිය පිරිසිඳු කිරීමේ…

Read More

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ළඟ තබාගත් බව පැවසෙන ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බව පැවසෙයි. අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව අනාවරණය වූ බව විමර්ශන නිලධාරීන් පවසා තිබේ. මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරු අද දහවල් කොළඹ කොටුව මෙහෙස්ත්‍රාත් අධිකරණයට…

Read More

ගම්පොල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ නිලධාරියා අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. ඒ, විමර්ශන කටයුත්තක් සඳහා මෝටර් රථයෙන් පැමිණීමට රුපියල් 20,000ක ඉන්ධන ලබාදෙන ලෙසට සිදුකළ අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Read More