Author: LFN

පාකිස්තානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය. ඩෙරා ඉස්මයිල් ඛාන් නම් නගරයේ පිහිටි ආරක්ෂක අංශ මුරපොළකට එම ප්‍රහාරය එල්ලකර තිබුණි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් Tehreek-e-Taliban Pakistan නම් ත්‍රස්ත කණ්ඩායම වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More

ඕමානයේ පැවැත්වෙන ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) කණ්ඩායම් අතර අද (25) පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30ට Al Amerat ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 8කට සහභාගිත්වයෙන් මෙහි මූලික වටයේ තරග පැවැත්විණි. එහි ‘ඒ’ කාණ්ඩයෙන් තරගකළ ශ්‍රී ලංකාව එක් තරගයක් පරාජය වී, ක්‍රීඩාකළ තරග 3න් 2ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පවත් විය. ‘ඒ’ කාණ්ඩයට ඇෆ්ගනිස්තාන A, බංග්ලාදේශ A හා හොංකොං ජාතික කණ්ඩායම ක්‍රීඩා කළේය. ඉන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානට පමණක් පරාජය විය. මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ද අද (25) ප.ව.…

Read More

ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (24) පුත්තලමේ පැවැති ජන හමුවක් අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය. “අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. අපි අදාළ ප්‍රදේශවල වේගයෙන් ආරක්ෂාව තහවුුරු කරන්න කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් කටයුතු කළා, ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දෙනෙක්ව අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කලා. අපි අද කියන්න කැමතියි ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියනවා.”

Read More

පාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මෙම වාර්තාව පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමා අතට ලැබුණු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගැනිමට ඇති අකමැත්ත හේතුවෙන් තමන් එම වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැළකී සිටි බවය. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්, “ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති ධූරයට මම පත් වූ පසුව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ගරු හැරල්ඩ් ඇන්තනි ප්‍රනාන්දු රදගුරුතුමන්ගේ ඉල්ලීම පරිදි පාස්කු කොමිෂන් සභා වාර්තා එතුමන්ට භාරදීමට කටයුතු කළෙමි. ඉන්පසුව කතෝලික රදගුරු සම්මේලනය ඒ පිළිබඳව…

Read More

හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරදු 33 හා 38 යන වයස්වල පසුවන්ය. සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 05ක්, හිමිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපත්‍රයක් සහ බැංකු කාඩ්පත් 04ක් පොලිස් භාරයට ගෙන ඇත. ඊයේ (24) සවස් කාලයේදී ගාල්ල පොලිස් වසමේ බෝපේ පාර, ගිංතොට ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද (25) සිදුකරන බව තැපල් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය 23වනදා තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකළ අතර අධිකරණය නියෝගයක් හේතුවෙන් කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම තාවකාලිකව අත්හිටවා තිබුණි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මැතිවරණ කොමිසමේ දැනුම්දීම මත ප්‍රාදේශීය තැපල් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුවන බවය. ලබන 30 වනදාට පෙර තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු බෙදාහැර අවසන් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා අද දෙරණ කළ…

Read More

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය වෙනුවෙන් පැවති තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියාසිටියේ වර්තමාන රජයට මෙරට ඩිජිටල්කරණය කිරීම සඳහා පැහැදිලි දැක්මක් ඇති බවය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සංවර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම මූලික කරගත් ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. ඒ අනුව යාපනය, මාතර සහ නැගෙනහිර පාළාත කේන්ද්‍ර කරගත් ඩිජිටල් කලාප ඇතිකිරීමට රජයේ අවධානය යොමුවී තිබේ. ජාත්‍යන්තර ඩිජිටල් සමාගම් සහ…

Read More

මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සංචාරකයින් ගැවසෙන කලාප ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් සලසා තිබේ. ඒ සම්බන්ධයෙන් මෙරට රැඳීසිටින විදේශිකයන් මෙලෙස අදහස් පළ කර තිබුණි. “මම අමෙරිකාවේ කැලිෆෝනියාවෙන් ආවේ. මට කිසිම භයානකකමක් දැනුණේ නැහැ. මට කිසි අපහසුතාවයක් දැනුනෙත් නැහැ.” “සියයට 100ක්ම ආරක්ෂිතයි. ඔස්ට්‍රේලියාවටත් වඩා ආරක්ෂිතයි.” “මම ශ්‍රී ලංකාවට ආදරෙයි. ඒක හරිම අපූරු රටක්. රට ආරක්ෂිතයි.” අරුගම්බේ වෙරළ තීරය මෙන්ම ප්‍රදේශයේ සංචාරක ලැඟුම්හල් ආශ්‍රිතව ද ආරක්ෂාව තර කර තිබෙන අයුරු දක්නට ලැබුණි. මේ අතර විදේශිකයන් බහුලව ගැවසෙන ඇල්ල, වැලිගම, උනවටුන ඇතුළු සංචාරක කලාපවල ද ආරක්ෂක රැකවල් යොදා ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය…

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ක 45ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය…

Read More

ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව, පණ්ඩුකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. ඔහුට විරුද්ධව වැලිසර, මීගමුව, මැදවච්චිය හා කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 12ක් නිකුත් කර තිබී ඇත. සිදුකල වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයා විසින් ජාඇල, මීගමුව, පුත්තලම, අනුරාධපුර, තවරක්කුලම හා කල්ලංචිය පොලිස් වසම්වල ත්‍රිරෝද රථ හා යතුරු පැදි සොරකම්, නිවෙස් බිඳ දේපොළ සොරකම්, කොල්ලකෑම් හා තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදු කිරීම් කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරු බවට අනාවරණය වී තිබේ. ජාඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More