Author: LFN
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මැලේසියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 26ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ සැකකරු රැගෙන යාම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි පුද්ගලයෙකු සහ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය බාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නොවැම්බර් මස 07 වනදා දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය. තැපැල්පතිවරයා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ නිල දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් අද දිනයේදී එම දිස්ත්‍රික්කයේ බෙදාහැරීම් සිදු නොවන බවය. එලැඹෙන නොවැම්බර් 03 වැනි ඉරු දින විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට ද පියවර ගන්නා බවත් තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (26) පස්වරුවේ රත්නපුරයේ පැවති ජන රැලියක් අමතමිනි. “අපේ අර්ථික උපදේශකවරයෙක් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් තිබෙනවා…. වඩාත් යහපත් අයවැය ලේඛනයක් සකස් කරගැනීම සඳහා. අපේ යෝජනා පිළිබඳව. අපිට කිව්වේ මොකක්ද?… දාලා යයි, ගෑස් පුපුරයි, තෙල් පෝලිම් එයි කියලා. අපි ඒ කිසිවක් සිදුවෙන්න ඉඩනොදී රට යථා තත්ත්වයට පත්කරලා තියෙනවා.”
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් නිවසක තිබී ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථයක් ඊයේ (26) සොයා ගැණුනි. හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී ඇත්තේ, අදාළ රථය නිවසේ ගරාජයට ගෙනැවිත් දැමුවේ මීට දින කිහිපයකට පෙර මියගිය සිය පෞද්ගලික ලේකම්වරයා බවය. හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කරනු ලැබීය. ඒ පිළිබඳව හිටපු අමාත්‍යවරයාගෙන් සහ ඔහුගේ…
අන්තර්ජාලය ඔස්සේ ජනතා මුදල් කොල්ලකමින් සිදුකරන ජාවාරම් තවමත් රට තුළ සිදුවෙමින් පවතී. අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා වුණි. කණ්ඩායම් වශයෙන් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකෑ විදේශීය ජාතිකයින් මෙන්ම ඊට සම්බන්ධ විවිධ කටයුතු සිදුකළ ශ්‍රී ලාංකිකයින් ද වරින්වර විවිධ ස්ථානවලදී පොලිස් අත්අඩංගුවට පත්වුණි. අන්තර්ජාල බැංකු ගනුදෙනුවලදී ලබාදෙන OTP හෙවත් එක්වරක් පමණක් ලබාදෙන මුර පද වංචනික ලෙස ලබාගනිමින් මෙන්ම තවත් ප්‍රධාන ක්‍රමෝපාය රැසක් ඔස්සේ මූල්‍ය වංචා සිදුවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සිදුකර ඇති විමර්ශන මගින් අනාවරණ කරගෙන තිබේ. එක් ක්‍රමයක් ලෙස, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා සහ…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ. ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමිනි. එහිදී පක්ෂ ලබාගත් ඡන්ද සහ මන්ත්‍රී ධුර සංඛ්‍යාව මෙසේය. ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17,295 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 15 සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 7,924 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 6 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3,597 ඡන්ද සංඛ්‍යාව – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 3 පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,612 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 2 ස්වාධීන කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,568 – හිමිකරගත් මන්ත්‍රී…
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙටර රැඳි සිටි රුසියන් ජාතික යුවලක් මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (26) සවස් කාලයේදී මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේදී එම යුවල අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 32ක් වන රුසියන් ජාතිකයන් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් මෙම විදේශීය යුවල මහනුවර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…
තමා සහ ජනාධිපතිවරයා අතර මත ගැටුමක් ඇති බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට ඇතැමුන් උත්සාහ ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අත්තිඩිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අගමැතිනිය ඒ බව පැවසුවාය. ජාතික ජන බලවේගය මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් සංවිධාන කළ ජන හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අත්තඩියේදී ඊයේ පැවැත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “මේ දවස්වල සුදුරුදු පරිදි බොරු කියන්නත් කතා මවන්නත් හරිම දක්ෂයි. අනුර සහෝදරයයි මමයි ෆුල් ෆයිට් එකේ කියලා දැන් කියනවා නේ. අපි දැන් කතා කරන්නේ නැහැලු. කවදද ඔය බොරුව එපා වෙන්නේ. මට ඕන එක්කෙනා නෙමෙයි ලු තේරුවේ… මට තරහ ගියාලු…අනුර සහෝදරයා එක්ක රණ්ඩු වුණා ලු. අනුර…
අද (26) පෙ.ව. 7.00ට මධ්‍යස්ථාන 48කදී ආරම්භ වූ ආරම්භ වූ ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අනුව පෙ.ව. 10 වනවිට 25%ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පැවසීය. ඡන්ද විමසීම ප.ව. 4ට අවසන් වූ පසු අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ගණන්කිරීමේ කටයුතු ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 55,643කි.