Author: LFN

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) සවස් කාලයේ පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේදී පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. එහිදී වෙඩිබෙහෙත් කිලෝග්‍රෑම් 75ක්, ජෙලට්නයිට් කූරූ 90ක්, ඩෙටනේටර් කූරූ 300ක් හා සේවා නූල් 05ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 හා 30 වයස්වල පසුවන හිදෝගම හා මාපාලඩිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් ගමන් කළ කාර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කර තිබූ පරීක්ෂණ කමිටුවක ප්‍රධානත්වය දැරූ විශ්‍රාමික විනිසුරුතුමියට නගන චෝදනා සාක්ෂි සහිතව ඔප්පුකරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ට අභියෝග කළේය. ඔහු එම අභියෝගය කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව නිකුත් කිරීම සඳහා ඔහුගේ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවේදීය. 2023 සැප්තැම්බර් 05 වනදා එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ Dispatches නම් වැඩසටහනේ විකාශය කළ Sri Lanka Easter Bombings නම් වැඩසටහනේ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම කමිටුව පත්කළේය. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා පත්කළ අල්විස්…

Read More

පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.15ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසලදී දී පිලී පැනීමකට ලක්ව තිබුණි. ඒ හේතුවෙන් එක් දුම්රිය මාර්ගයක් පමණක් අවහිරව ඇති අතර අනෙක් මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බව වාර්තා වෙයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වන බව සඳහන් ය.

Read More

රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (28) භාරදීමට නියමිතව තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවය. රජයේ පාලන මිල යටතේ සහල් ලබාදෙන බවට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව පළකළ ද, මෙතෙක් පාලන මිලට සහල් ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව නැත. එමෙන්ම, වෙ‍ෙළඳපොළ තුළ නාඩු, සුදු සහ රතු කැකුළු ඇතුළු සහල් වර්ග තිහිපයක හිඟයක්ද නිර්මාණය වී තිබේ. එවන් පසුබිමක, සහල් නිෂ්පාදකයින් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින්…

Read More

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එම පත්‍රිකාව අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මීගමුව ප්‍රදේශයේදී ඊයේ (27) පැවැති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අද මීගමුවේ පැවැත්වුණි. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඔහු පෙන්වාදෙන්නේ අදාළ යෝජනාව ලබන වසරේ අයවැය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබුවේ ඒකමතික තීරණයක් බවය. “මේ ඔක්කෝම සකස් කළේ 2025 විසර්ජන පනතට දාන්න. 2025 විසර්ජන පනත අපි ඉදිරිපත් කරන්නට ඉස්සෙල්ලා ඡන්දෙ අවසන් කරන්නට තිබුණා. IMF සංවිධානය එක්ක කතා…

Read More

මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකාවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව හෙළි වී තිබේ. පිළිකා රෝග මේ වන විට ලොව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවන්ට අනුව මෙරටින් සෑම වසරකම පිළිකා රෝගීන් 35,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනේ. මෙරට වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000කට අධිකය. කාන්තාවන් අතර වඩාත් වේගයෙන් ඉහළ යමින් පවතින්නේ පියයුරු පිළිකා අවදානම බව සඳහන් වේ. 2023 වසරේ වාර්තා වූ කාන්තා…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර…

Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරණ වැය බර මුළුමනින්ම ඉවත් කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ හා පනත් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ඊයේ (27) පස්වරුවේ බද්දේගම පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය. “අපි ජයග්‍රහණය කරලා දැන් මාසෙකට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. දැන් එයාලා කියපුවාට මොකද වුණේ? ඒ ඔක්කොම අසත්‍ය බවට තහවුරු වෙලා තියෙනවා. ගෑස් පිපුරුවේ නැහැ, ඩොලරය රුපියල් 400ට ගියේ නැහැ, ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජයග්‍රහණයක් සමරණවා රතිඤ්ඤාවත් පත්තු නොකර. ජය සැමරුවා සාමකාමීව. ” “ඩොලරය රුපියල් 300ට පහළින් තියාගෙන ඉන්නවා. තෙල්, ගෑස් පෝලිම් ඇතිවෙන්න ඉඩදුන්නේ නැහැ.…

Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් හැටන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. එළැඹෙන දීපාවලී උත්සව සමය නිමිත්තෙන් තමන්ට අවැසි දෑ මිලදී ගැනීමට දිනපතා විශාල පිරිසක් හැටන් නගරයට පැමිණෙමින් සිටී. ඒ හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හැටන් නගරයේ ආපනශාලා ඊයේ හදිසි පරීක්ෂාවකට ලක් කළේය. මෙහිදී එක් ආපනශාලාහිමියෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් පරීක්ෂකවරුන්ට මරණීය තර්ජන කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැටන් පොලිස් ස්ථානට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ වෙළෙඳසැල් හිමියා දමිල ප්‍රගතිශීලි සන්ධානයට සහාය දක්වන බවත් ඉදිරියේදී හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා තමන්බවත් පවසමින් සිය රාජකාරීයට බාධාකළ…

Read More

තමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන දෙදෙනාටම බහුතරය නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීගමුවේදී අද(27)පැවසීය. පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නැයි ජනාධිපති අනුර තමාට කියා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා බහුතරයක් දෙනා තමාට ඡන්දය දුන්නේ නැතැයි කියන කාරණය තමා පිළිගන්නා බව සඳහන් කළේය. ” බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදිලා.ඉතින් එතුමටත් බහුතරයක් දීලා නැහැ.ඉතින් එතුමාගේ සහ මගේ වෙනස මොකක්ද? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. ෙඑතුමට වගේම මටත් බහුතරය නෑ.අපි දෙන්නම ඉන්නේ එකට” යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ො නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ජනරැළිය අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…

Read More