Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටේ සහල් සහ වී තොග වාර්තාව හෙට ජනාධිපති අතට
    Featured

    රටේ සහල් සහ වී තොග වාර්තාව හෙට ජනාධිපති අතට

    By LFNOctober 28, 2024No Comments2 Mins Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (28) භාරදීමට නියමිතව තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවය.

    රජයේ පාලන මිල යටතේ සහල් ලබාදෙන බවට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව පළකළ ද, මෙතෙක් පාලන මිලට සහල් ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව නැත.

    එමෙන්ම, වෙ‍ෙළඳපොළ තුළ නාඩු, සුදු සහ රතු කැකුළු ඇතුළු සහල් වර්ග තිහිපයක හිඟයක්ද නිර්මාණය වී තිබේ.

    එවන් පසුබිමක, සහල් නිෂ්පාදකයින් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාව පසුගිය (26) ආරම්භ කළේය.

    ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් මෝල් කිහිපයක් ඊයේ දිනයේත් පරීක්ෂාවට ලක්කෙරුණු අතර, ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් මෝලෙහි දත්ත ලබාගැනීම සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඊයේ පෙරවරුවේ පැමිණියේය.

    මධ්‍ය පරිමාණ සහල් මෝල් කිහිපයක්ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වුණි.

    මීට සමගාමීව අනුරාධපුර, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සහල් මෝල්වල දත්ත ලබාගැනීමද සිදුකෙරෙන අතර අවසන් වාර්තාව හෙට දිනයේ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සභාපතිවරයාට ලබාදීමට නියමිතය.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා මාධ්‍යට සඳහන් කළේ ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.