Author: LFN
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (01) ඒකක 135.54කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 12,745.60 ක් ලෙස සටහන් වුණි. 2022 පෙබරවාරි 03 වනදායින් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වෙයි. මේ අතර අද S&P SL20 දර්ශකය, ඒකක 64.83ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 3,855.73 ක් දක්වා ඉහළ ගියේය. අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 3.96කි.
අලුත්ගම සිට පොල්ගහවෙල බලා ඊයේ (29) ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණියක් මියගොස් තිබේ. අනතුරෙන් මියගොස් ඇත්තේ පයාගල ,ගල්ලනමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී 23 හැවිරිදි තරුණියකි. කළුතර වේලාපුර විද්‍යාලය පිටුපස ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේදී මෙම තරුණිය දුම්රියේ ගැටී ඇති බව පොලීසිය පවසයි. ඊට සුළු මෙහොතකට පෙර ඇය දුම්රිය මාර්ගය ආසන්නයේ රැඳී සිටිමින් දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවත් හෙළි වී තිබේ. කළුතර දකුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ හිමිකරු වන ක්‍රිෂාන්ත පුලස්ති මාරපන නැමැත්තාව ඔහුගේ වලව්ව තුළ ඇති නිදි ඇඳමත ඝාතනය කර තිබියදී පසුගිය (28) පෙරවරුවේ සොයාගැනුණි. ඒවන විටත් ඔහුගේ දෙපා සහ දෙඅත් ගැටගසා, කට සෙලෝටේප්වලින් ඔතා තිබූ බව පැවසෙයි. ඔහුගේ සිරුර සොයාගනු ලැබුවේ, නිවසේ සේවය කරන පුද්ගලයාගේ පුත්‍රයා විසිනි. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරියගේ ද කට සෙලෝටේප්වලින් ඔතා ඇඳ අසල බිම සිටියදී එම පුද්ගලයා විසින් සොයාගෙන තිබේ. අනතුරුව පොලීසියට මේ බව දැනුම්දීමෙන් අනතුරුව පැමිණි විමර්ශන නිලධාරීන් අදාළ කාන්තාව රෝහල්ගත කර ඇත. අදාළ වලව්වේ කාමරවල තිබූ අල්මාරි සියල්ල විවෘත කර ඒවායේ තිබූ භාණ්ඩ ඇද දමා තිබූ අයුරු දැකගත හැකි විය. මෙම ඝාතනය සඳහා කොතරම් පිරිසක්…
E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සියකට ශ්‍රමිකයින් මෙම වීසා ක්‍රමය යටතේ කොරියාවට යැවීමට හෝ මුදල් එකතු කිරීමට අවසර දී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. වැඩිදුරටත් අදහස් දැක්වූ කෝශල වික්‍රමසිංහ මහතා, “E-8 යන වීසා ක්‍රමවේදය පිළිබඳව මේ වන විට සමාජයේ කතිකාවතක් ඇතිවෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට මාස 5 ක කාලයක් සඳහා පමණයි මේ වීසා ලැබෙන්නේ. මේ තත්ත්වය හේතුවෙන් ගැටලු ගොඩක් ඇතිවෙන්න පුළුවන් නිසා කිසිදු රජයක් මේ සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹිලා නෑ. ඒ වගේම තමයි ලංකාවේ කිසිදු…
ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3 තුළ සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබේ. මෙහිදී වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් එකඟතාව පළ කර ඇත්තේ කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබාදෙන බවටය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ දෙවැනි පාස්කු හෙළිදරව්ව තුළින් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ව ඉලක්ක කර ඇති බව පැහැදිලි වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටියේ, චැනල් 4 නාලිකාවේ සිදුවීම සම්බන්ධයෙන් වූ වාර්තාව වැරදි බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීම පවා දේශපාලනික කාරණයක් බවය. පරීක්ෂණයක් සිදුනොකර එවැන්නක් පැවසුවේ යම් පිරිසක් බේරාගැනීමේ අරමුණින් බව ද පැවසු අමාත්‍යවරයා, කිසිවිටෙකත් එවැනි ක්‍රියාවක් වත්මන් ආණ්ඩුව…
අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය. අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමේ අරමුණින් ඉකුත් කාලයේ අලි අගල් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වනජීවී අමාත්‍යාශය විසින් ගෙන තිබූ තීරණයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි. මෙම පෙත්සම අද ඒ. එච්.එම්.ඩී. නවාස්, අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, වර්තමානයේ…
වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධව මහ බැංකුව ද එකඟතාව පළ කර ඇති බවය. ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය. “වාහන ආනයන ක්‍රියාවලිය යම් ක්‍රමවේදයකට අනුව ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න රජය තීන්දු කරලා තියෙනවා. මහ බැංකුවත් ඒ ගැන එකඟතාව පළ කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා දැනුම් දෙන්නම් ඒකට ක්‍රමවේදය මොකක්ද කියලා. ඒකට විවිධ අය සම්බන්ධ කරගෙන සාකච්ඡා පවත්වලා තියෙනවා.…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. අදාළ පත්කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනුකළ පෙත්සමක් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබුණි. අදාළ පෙත්සම මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අනතුරුව පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමටද නියම කර තිබුණි. මෙම…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා භාරයේ තිබූ නීතිවිරෝධි ලෙස උපයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඒ එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසුවය.