Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙම්පිටිය වලව්වේ ඝාතනය ගැන තවත් තොරතුරු
    Featured

    කෙම්පිටිය වලව්වේ ඝාතනය ගැන තවත් තොරතුරු

    By LFNOctober 30, 2024No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ හිමිකරු වන ක්‍රිෂාන්ත පුලස්ති මාරපන නැමැත්තාව ඔහුගේ වලව්ව තුළ ඇති නිදි ඇඳමත ඝාතනය කර තිබියදී පසුගිය (28) පෙරවරුවේ සොයාගැනුණි.

    ඒවන විටත් ඔහුගේ දෙපා සහ දෙඅත් ගැටගසා, කට සෙලෝටේප්වලින් ඔතා තිබූ බව පැවසෙයි.

    ඔහුගේ සිරුර සොයාගනු ලැබුවේ, නිවසේ සේවය කරන පුද්ගලයාගේ පුත්‍රයා විසිනි.

    ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරියගේ ද කට සෙලෝටේප්වලින් ඔතා ඇඳ අසල බිම සිටියදී එම පුද්ගලයා විසින් සොයාගෙන තිබේ.

    අනතුරුව පොලීසියට මේ බව දැනුම්දීමෙන් අනතුරුව පැමිණි විමර්ශන නිලධාරීන් අදාළ කාන්තාව රෝහල්ගත කර ඇත.

    අදාළ වලව්වේ කාමරවල තිබූ අල්මාරි සියල්ල විවෘත කර ඒවායේ තිබූ භාණ්ඩ ඇද දමා තිබූ අයුරු දැකගත හැකි විය.

    මෙම ඝාතනය සඳහා කොතරම් පිරිසක් පැමිණිය ද යන්න පිළිබඳව සහ නිවසේ තිබූ කුමක් පැහැරගෙන ගියේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

    ඊට හේතුවී ඇත්තේ මෙම සිදුවීමත් සමග අසනීප තත්ත්වයේ සිටි අදාළ පුද්ගලයාගේ වයෝවෘද්ධ බිරිය සිහිමද තත්ත්වයට පත්වීම ය.

    නිවසේ තිබූ මෝටර් රථය ද පැහැරගෙන ගොස් ඇති අතර පසුව එය නිවසට කිලෝමීටර 4ක පමණ දුරින් දමාගොස් තිබියදී පොලීසිය ඊයේ පස්වරුවේ සොයාගෙන තිබේ.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා විශ්‍රාමික ගුරුවරයෙකු වන අතර ඔහු කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

    සමාජ සේවකයෙකු ලෙස ප්‍රදේශයට සේවය කර ඇති ඔහු මන්ත්‍රී වැටුපද ලබාගෙන නොමැත.

    දෙදරු පියෙකු වන ඔහුගේ පුත්‍රයා ඔස්ට්‍රේලියාවේ ජීවත්වන අතර දියණිය මීට පෙර මියගොස් ඇත.

    මෙම ඝාතනයට හේතුව කුමක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෑගල්ල පොලීසිය සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.