Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»E-8 වීසා ගිවිසුම නීත්‍යානුකූල නෑ – විදේශ සේවා කාර්යාංශය
    Featured

    E-8 වීසා ගිවිසුම නීත්‍යානුකූල නෑ – විදේශ සේවා කාර්යාංශය

    By LFNOctober 30, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    ඒ අනුව ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සියකට ශ්‍රමිකයින් මෙම වීසා ක්‍රමය යටතේ කොරියාවට යැවීමට හෝ මුදල් එකතු කිරීමට අවසර දී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ කෝශල වික්‍රමසිංහ මහතා,

    “E-8 යන වීසා ක්‍රමවේදය පිළිබඳව මේ වන විට සමාජයේ කතිකාවතක් ඇතිවෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට මාස 5 ක කාලයක් සඳහා පමණයි මේ වීසා ලැබෙන්නේ. මේ තත්ත්වය හේතුවෙන් ගැටලු ගොඩක් ඇතිවෙන්න පුළුවන් නිසා කිසිදු රජයක් මේ සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹිලා නෑ. ඒ වගේම තමයි ලංකාවේ කිසිදු පෞද්ගලික ඒජන්සියකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දීලා නෑ.”

    “මෙරට හිටපු අමාත්‍යවරයෙක් තම පුද්ගලික අභිමාතාර්ථ අනුව ඒ රටට ගිහින් වන්දෝ (Wando) කියන පලාතේ ආණ්ඩුකාරවරයාත් සමග ගිවිසුමක් ගහනවා. මේකට එවකට කැබිනට් අනුමැතිය හෝ වෙනත් කිසිඳු අනුමැතියක් අරන් නෑ. අනුමැතියක් නොමැතිව මේ වගේ පුද්ගලික මැදිහත්වීමක් කළාට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිඳු වගකීමක් ගන්න බෑ. ඇත්තටම වෙලා තියෙන්නේ නීත්‍යානුකූල නොවන ගිවිසුමකට එළඹිලා. දකුණු කොරියානු රජයට මේ ගැන ආරංචිවෙලා අපි සමග සාකච්ඡා කළා මේ ක්‍රමයට ශ්‍රමිකයින් ගෙන්න ගන්න එපා කියලා.”

    “කොරියානු රජයේ යම් ප්‍රමිතියක් තියෙනවා E-9 වීසා යටතේ. මේ වසර අවසාන වෙනකොට 7,000ට අධික ප්‍රමාණයක යවන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ කණ්ඩායම යන්නේ වසර 4යි මාස 10ක කාලයකට. ඒක නිසා නීත්‍යානුකූල ක්‍රමවේදයට ලැබුණු රැකියා, විශාල ආදායමක් ලබාගත හැකි රැකියා නැති කරගන්න අපි කිසිසේත්ම සූදානම් නෑ. අපි රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටින්නේ E-8 යන වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවට යන්න මුදල් දෙන්න එපා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.