Author: LFN
හම්බන්තොට, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් අද (30) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් එබැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
සිය පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ සැකකාර පෙම්වතා අද (30) අත්අඩංගුවට ගත්බව පයාගල පොලීසිය පවසයි. පහරදීමෙන් මියගොස් ඇත්තේ පයාගල, පහළගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි. එම යුවළ ඊයේ (29) රාත්‍රියේ පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ කතාබස් කරමින් සිට දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට ගලකින් පහරදී ඇති බවට සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. එමෙන්ම සිද්ධිය වූ ස්ථානයේ තිබී හිසට පහර දුන්නා යැයි සැලකෙන කුඩා ප්‍රමාණය කළු ගලක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ. වැඩිදුර සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම තරුණ යුවළ කාලයක් පුරා මෙම සබඳතාව හේතුවෙන් නිරන්තරයෙන්…
ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික්…
මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) ඇප මත මුදා හැරුණි. ඒ ඔහු අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
පුද්ගලයින් දෙදෙනෙකු සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පසුගිය 27 වනදා එම සිදුවීම වාර්තා වී තිබුණේ හිදෝගම පොලිස් වසමේ අතුරුවැල්ල ප්‍රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ අතුරුවැල්ල, නාච්චාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි. සැකසහිත ලෙස මියගිය පුද්ගලයෙක් සම්බන්ධයෙන් හිදෝගම පොලීසියට ලද පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව හිදෝගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර කළේය. අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් නාච්චාදූව රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා පසුගිය 28 වනදා අනුරාධපුර රෝහල වෙත යොමු කර තිබුණි. ඒ අනුව ඊයේ (29) අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර එම මරණය හිසට පහරදීම හේතුවෙන් ගෙලෙහි…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. පසුගිය 23 වනදා BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගනු ලැබීය. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ළඟ තබාගත් බව පැවසෙන ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බවට අනාවරණ වී ඇති බව පොලීසිය පැවසීය. අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව අනාවරණය වූ බව විමර්ශන නිලධාරීන්…
මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. අද දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන්…
වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 6 දෙනෙකු සීදුව අමන්දොළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ආගමන විගමන නීති උල්ලඝනය කරමින් විදේශිකයන් පිරිසක් සිටින බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 18, 23, 26, 39 හා 43 යන වයස් සීමාවේ පසුවන බංගලිදේශ ජාතිකයින් බව පොලීසිය පැවසීය. සැකකරුවන් සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් ඊයේ (29) විමර්ශන නිලධාරින් විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළේය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්‍ෂණ සිදු කරන බවය. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය. මෙරට විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටි ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින්නේ යැයි ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවද ත්‍රස්ත විමර්ශන කාර්යාංශය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.