Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිතුරන්ගේ මත්පැන් සාදය ජීවිතයක් බිලිගනී
    Featured

    මිතුරන්ගේ මත්පැන් සාදය ජීවිතයක් බිලිගනී

    By LFNOctober 30, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුද්ගලයින් දෙදෙනෙකු සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

    පසුගිය 27 වනදා එම සිදුවීම වාර්තා වී තිබුණේ හිදෝගම පොලිස් වසමේ අතුරුවැල්ල ප්‍රදේශයෙනි.

    එලෙස මියගොස් ඇත්තේ අතුරුවැල්ල, නාච්චාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

    සැකසහිත ලෙස මියගිය පුද්ගලයෙක් සම්බන්ධයෙන් හිදෝගම පොලීසියට ලද පැමිණිල්ලක් ලැබී තිබුණි.

    ඒ අනුව හිදෝගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර කළේය.

    අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් නාච්චාදූව රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා පසුගිය 28 වනදා අනුරාධපුර රෝහල වෙත යොමු කර තිබුණි.

    ඒ අනුව ඊයේ (29) අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර එම මරණය හිසට පහරදීම හේතුවෙන් ගෙලෙහි ඉහළ කොටසට හානි සිදුවීමෙන් වූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දී ඇත.

    පසුගිය 27 වන දින මරණකරු ඔහුගේ මිතුරන් සිව්දෙනෙකු සමඟ මත්පැන් පානය කර ඇති බවත්, එහිදී මරණකරු බීමත්ව සිටි ඔහුගේ මිතුරෙකු සමඟ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මරණකරුගේ මුහුණට අතින් පයින් පහර දී ඇති බවට පොලීසිය දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    ඒ අනුව පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් 33 හැවිරිදි නාච්චාදූව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෘත ශරීරය ඥාතීන්ට භාර දී ඇති අතර, හිදෝගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.