Author: LFN
කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ මීගමුව මාර්ගයේ ගෑස් වත්ත පිටුපස කැලණි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට තොරතුර ලැබී තිබුණේ ඊයේ (31) සවස් කාලයේදී ය. මෘතශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර කොළඹ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවය. වයස අවුරුදු 45ත් 50ත් අතර, උස අඩි 05යි අඟල් 07 ක් වන එම පුද්ගලයා අළු පැහැති දිග කලිසමක් පමණක් හැඳ සිටි බවද පොලීසිය පවසයි. කොණ්ඩය කළු සුදු මිශ්‍ර වන අතර හිස මැද තට්ටය පෑදී ඇත. මුහුණ…
රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේ දි පීලිපැනීම හේතුවෙන් සමුද්‍රදේවි දුම්රිය දොඩන්දූව දුම්රිය ස්ථානයේ සිටත්, සාගරිකා දුම්රිය බූස්ස දුම්රිය ස්ථානයෙන් සහ නයනාකුමාරි දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේ සිටත් ගමන් ආරම්භ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම දුම්රිය නියමිත වේලාවන්වලදී අදාළ දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කළ බවය. කෙසේ වෙතත් ගාලු කුමාරි දුම්රිය සහ තැපල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය. පීලිපැනීමට ලක් වු රුහුණූ කුමාරි දුම්රියේ එන්ජිම මේවන විට පීලිගත කර ඇති අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරිම සඳහා තවත් පැය කිහිපයක් ගත වන බව සඳහන්ය.
රුපියල් කෝටි දෙසීයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පනස් හතරක් සෙවනගල ප්‍රදේශයේ නිවසේ මිදුලෙහි වලදමා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම නිවසේ සිටි අඹු සැමි යුවළක් ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළේ කාන්තාව පිළියන්දල ප්‍රදේශයේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහෝදරියක බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෙම හෙරොයින් තොගය ප්ලාස්ටික් බැරල් තුනක බහා නිවසේ මිදුලෙහි වල දමා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය. බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේදී හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස්මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් හෙරොය ‘ආමි චූටි’ නම් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය…
වැඩවර්ජන නිසා රට මුහුණදෙන අමිහිරි අත්දැකීම් නොවැම්බර් 14න් පසු අවසන්වන බවත්, මේ ගෙවෙන්නේ එහි සංක්‍රාන්ති කාලය බවත් ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි. කැස්බෑවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, අද උපදින දරුවන්ට තව වසර 10කින් 15කින් ස්ට්‍රයික් යනු කුමක්දැයි කියාදීමට පවා සිදුවනු ඇති බවයි. තවදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් නිපුණආරච්චි, “අපේ රටේ බොහොම අමිහිරි අත්දැකීම් තියෙන්නේ. ළමයා ඉස්කෝලෙ යනවා..දවසක් ගුරුවරු ස්ට්‍රයික්, තව දවසක් විදුහල්පති ස්ට්‍රයික්, තව දවසක් අනධ්‍යන කාර්යය මණ්ඩලය ස්ට්‍රයික්, ඉස්පිරිතාලෙට යනවා බේත් ගන්න..එක දවසක් ඩොක්ටර්ස්ලා ස්ට්‍රයික්, තව දවසක් නර්ස්ලා, තව දවසක් ඇටෙන්ඩන්ට්ලා. එක දවසක් පාරට බැස්සම…ලංගම බස් ස්ට්‍රයික්, අනෙක් දවසේ පාරට බැස්සම ප්‍රයිවට්…
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 371කි. රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 313කි. කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. මේ අතර ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව ඔවුන්ගේ ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කර ඇත. මේ අතර…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද…
නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහනුවර ප්‍රදේශයේදී ය. ලියාපදිංචි අංක තහඩු නොමැති අදාළ මෝටර් රථය සොයාගෙන තිබුණේ ඉකුත් 26 වනදාය. ඒ, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට ලැබී තිබුණු තොරතුරක් අනුවය. අදාළ තොරතුරු අනුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පසුව අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කර තිබුණි. එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට…
චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබාදීමට තීරණය කර තිබේ. ඒ, පසුගිය දිනවල මෙරට තුළ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙනි. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පසුගිය 22 වනදා ද චීන රජය රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කළේය. මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ එම මුදල් ආධාරයට අමතරව මෙම ආධාරය ලබාදුන් බවය.
මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (31) අලුයම නාඳුනන පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් තිබේ. වෙඩි වැදීමෙන් කිසිවෙකුට හානි සිදුවී නොමැති අතර ව්‍යාපාරිකයා බිය වැද්දීමට මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.