Author: LFN

මහමැතිවරණයේදී දේශපාලන පළපුරුද්දක් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස පත්කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එසේ නොවුණහොත් රට යළි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බවය. කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේදී තරුණයන් වෙනුවෙන් 3 idiots හින්දි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඊයේ (02) කටයුතු යොදා තිබුණි. එම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද ආරාධනය කර තිබුණි. චිත්‍රපට දර්ශනය ඇරඹීමට පෙර ඔහු තරුණ පිරිස සමග සාකච්ඡා කළේය. ප්‍රශ්නය – හිටපු ජනාධිපතිතුමා ඔබතුමා සිකුරාදාට චිත්‍රපටියක් බලනවා ඒක තාම බලනවද ? “දැන් ඉතින් ඕනේ දවස බලන්න පුළුවන් නේ.. කිසි ප්‍රශ්නයක් නැහැ.” ප්‍රශ්නය – ඒ කියන්නේ දැන් ඉස්සරට වඩා…

Read More

මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයින් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර විදෙස් ජාතිකයෙකු ද වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වන බවට ලද බුද්ධි තොරතුරුවලට අදාළ ව මෙන්ම කොළඹ ආර්ථීක මර්මස්ථාන ඡායාරූප ගත කිරීමේ සිද්ධීන්වලට අදාළව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා, “පසුගිය දවස්වල අපේ විදේශීය සංචාරකයින්ට අනතුරක් සිදුවෙනවා කියලා තොරතුරක් ආවා. ඒ ආපු විගසම අපි වහාම ක්‍රියාත්මක වුණා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළා, විදේශිකයින්ගේ…

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමු කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර අමාත්‍යවරයා ව සිටි බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් සැපයිමටත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගයේ සටහන් කර තිබූ බවය. ඒ අනුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගිය 31 වැනි දින සිට නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බවත් බන්ධනාගාර කොමසාරිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත. ඒ අනුව හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර රෝහලෙන් කැඳවූ අතර එහිදී ස්වන අපහසුතාවයන් මත බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර…

Read More

දරුවන් භාවිතා කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල්වලින් 75%ක් ප්‍රමිතියෙන් තොර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ අතර ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදුවෙමින් පවතින බව ලෝක පිළිකා සංගමය ද අනාවරණ කර තිබේ. ඒ අතර දරුවන්ට තිලිණ කරන සහ දරුවන් පරිහරණය කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල් ප්‍රමිතියෙන් තොර බවට විවිධ තොරතුරු අවස්ථා ගණනකදී අද දෙරණ ද රට හමුවේ අනාවරණ කළේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් පෙන්වා දී ඇත්තේ එහෙත් අදටත් ප්‍රමිතියක් නොමැති එවැනි උපකරණ මෙරට වෙළඳපොළේ දිනෙන් දින වැඩිවෙමින් පවතින බවයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මෙම උපකරණ…

Read More

තම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් එළැඹෙන අඟහරුවාදා දිනයේ සිට යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. කෙසේවෙතත් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හරහා මගී ජනතාවට කිසිදු අපහසුතාවයක් සිදුවීමට ඉඩ නොතබන බව එම සංගමය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා සඳහන් කළේ තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානය යොමු කළ විෂය භාර අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කරන බවය. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ කැදවා තිබු මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා, “අපි සතුටුවෙනවා අමාත්‍යවරයා…

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ 12වන පරිඡේදයේ 12/3 ඡේදයේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා අවම කාලය පැය 4ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍ය යැයි හැඟෙන අඛණ්ඩ කාලයක් සදහා වැටුප් අඩුකිරීමකින් තොරව විශේෂ නිවාඩු ලබාදිය යුතු බව සදහන් වේ. මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව…

Read More

මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

දුන්හිඳ – බදුල්ල මාර්ගයේ ඊයේ (1) උදෑසන සිදු වූ බස් රථ අනතු‍රෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ ජීවිත අවදානම්බව පහව යමින් තිබෙන බව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පවසයි. තුවාල ලැබූවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම පවසා සිටියේ, රෝහල් ගතකළ සියළු දෙනාගේ තත්ත්වය යහපත් බවයි. විශේෂයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දස දෙනාගෙන් කීපදෙනෙකුම අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවලට මාරුකර යැවිය හැකි බවද පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පාලිත රාජපක්ෂ, “බස් අනතුරෙන් තුවාල ලැබූ 40ක් රෝහල්ගත කළා. ඉන් දස දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. එම රෝගීන්ගෙන් වැඩි පිරිසක්…

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ මහතා පවසා සිටියේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

Read More

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලවෙත මාරුකර තිබේ. මිරිහාන පොලීසිය මගින් ලොහාන් රත්වත්තේ මහතා ඉකුත් 31වනදා මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. පසුව එදින රාත්‍රියේ මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආ අතර, එහිදී නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි. කෙසේ නමුත් එහිදී ලොහාන් රත්වත්තේ මහතාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර රෝහලවෙත යාමට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබුණි.

Read More