Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බදුල්ල බස් අනතුරේ තුවාලකරුවන්ගේ තත්ත්වය යහපත් අතට
    Featured

    බදුල්ල බස් අනතුරේ තුවාලකරුවන්ගේ තත්ත්වය යහපත් අතට

    By LFNNovember 2, 2024No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුන්හිඳ – බදුල්ල මාර්ගයේ ඊයේ (1) උදෑසන සිදු වූ බස් රථ අනතු‍රෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ ජීවිත අවදානම්බව පහව යමින් තිබෙන බව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පවසයි.

    තුවාල ලැබූවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම පවසා සිටියේ, රෝහල් ගතකළ සියළු දෙනාගේ තත්ත්වය යහපත් බවයි.

    විශේෂයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දස දෙනාගෙන් කීපදෙනෙකුම අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවලට මාරුකර යැවිය හැකි බවද පැවසීය.

    තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පාලිත රාජපක්ෂ,

    “බස් අනතුරෙන් තුවාල ලැබූ 40ක් රෝහල්ගත කළා. ඉන් දස දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. එම රෝගීන්ගෙන් වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබමින් සිටිනවා. හැමදෙනාගෙම තිබූ ජිවිත අවධානම පහවෙලා තිබෙන්නේ. අපට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් එම දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන්.

    දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරලබන දස දෙනාගෙන් කීපදෙනෙක් අද සාමාන්‍ය වාට්ටුවලට මාරුකිරීමේ හැකියාව තිබෙනවා. තවත් කිහිප දෙනෙක් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රෝහලෙන් පිටව යා හැකියි.

    දැනට තිබෙන තත්ත්වය අනුව කිසිදු රෝගියෙකු ගුවන් මගින් කොළඹට රැගෙනයාමේ අවශ්‍යතාවක් නැහැ. එය ජීවිත අවදානමේ හෙළීමක්. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල රෝහලේ තිබෙනවා”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.