Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රිය ස්ථානාධිපතිවරුගෙන් යළි රතු එළියක්
    Featured

    දුම්රිය ස්ථානාධිපතිවරුගෙන් යළි රතු එළියක්

    By LFNNovember 3, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් එළැඹෙන අඟහරුවාදා දිනයේ සිට යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

    කෙසේවෙතත් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හරහා මගී ජනතාවට කිසිදු අපහසුතාවයක් සිදුවීමට ඉඩ නොතබන බව එම සංගමය සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා සඳහන් කළේ තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානය යොමු කළ විෂය භාර අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කරන බවය.

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ කැදවා තිබු මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා,

    “අපි සතුටුවෙනවා අමාත්‍යවරයා ඊයේ දිනයේදී ප්‍රකාශ කර සිටියා දුම්රිය ස්ථානාධිපතිවරුට අසාධාරණයක් සිදුවෙලා තියෙනවා ඒ පිළිබඳව විසඳුම් දෙන්න ඔවුන්ට නව රජයේ පාර්ලිමේන්තුව පත්වන තුරු කාලය අවශ්‍ය බව. අපි ඇත්තෙන්ම සතුටුවෙනවා එතුමා මේ පිළිබඳව මේ කාර්යබහුල මොහොතේ හෝ අවධානය යොමුකිරීම පිළිබඳව. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෑස්ති වෙනවා කමිටු පත්කරන්න. කමිටු පත්කරන එක හොඳයි. ප්‍රශ්න මගහරින කමිටුවලට අපේ සහභාගීත්වයක් නැහැ. සඳුදා දිනයේදී මේකට ස්ථිරසාර විසඳුමක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මගින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ලැබුණේ නැත්නම් අඟහරුවාද දිනයේදී අමාත්‍යවරයාගේ ඉල්ලීමට ගරුකරමින් මගීන් අපහසු නොවෙන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිරකරන වෘත්තිය ක්‍රියාමාර්ගයකට අපි පසුබට වෙන්නේ නැහැ.”

    මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය විජිත හේරත් මහතා,

    “දුම්රිය ස්ථානාධිපතිවරුන් එක පාරටම අපිට ලියුමක් එනවා එදා හැන්දෑවේ වර්ජනය කරනවා කියලා. මේක අවුරුදු ගාණක් තිබුණු ප්‍රශ්නයක් දැන් කියනවා පැයකිහිපයකින් විසඳන්න නැත්නම් වර්ජනය කරනවා කියලා. දැන් ආය අද උදේ නැවත ලිපියක් එනවා අද රෑ 12 ඉඳලා වැඩවර්ජනය පටන්ගන්නවා කියලා. ඉතින් මේ විදිහට දේශපාලන වුමණාවන් මත මේවා ක්‍රියාත්මක කරන්න උත්සහා කරනවා. මේ රටේ ජනතාව අපිට ජනවරම දුන්නේ මේ විදිහට පටු දේශපාලන වාසිවලට වැඩකරන්න ඉඩ දෙන්න නෙමෙයි. මහජනතාව පීඩනයට පත්වන ආකාරය කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ සාධාරණ හැකියාවක් ඔවුන්ට නැහැ. මේක මැතිවරණ කාලයක්, මැතිවරණ කාලයේදී මාරුකිරීම්, උසස්කිරීම් කරන්න බැහැ. ඒක සාමන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා. තව දවස් 14යි තියෙන්නේ අලුත් ආණ්ඩුව පිහිටුවාම මේ ප්‍රශ්නයට අපිට විසඳුමක් දෙන්න පුළුවන්. කාලයක් තිබුණු ප්‍රශ්නවලට 24 පැයෙන් විසඳුම් ඉල්ලන එක සාධාරණ නැහැනේ. ඒ වෘත්තීය සමිතිවලට කියන්නේ ඕබේ ප්‍රශ්නයට අපි විසඳුම් දෙනවා හැබැයි ඒකට සාධාරණ කාලයක් අවශ්‍යයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.