Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය හා පෞද්ගලික අංශයට මැතිවරණයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
    Featured

    රාජ්‍ය හා පෞද්ගලික අංශයට මැතිවරණයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

    By LFNNovember 3, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ 12වන පරිඡේදයේ 12/3 ඡේදයේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා අවම කාලය පැය 4ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍ය යැයි හැඟෙන අඛණ්ඩ කාලයක් සදහා වැටුප් අඩුකිරීමකින් තොරව විශේෂ නිවාඩු ලබාදිය යුතු බව සදහන් වේ.

    මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකරන ලද දැනුම් දීමක් මත ක්‍රමවේදයක් සකස් කර ඇති බවය.

    ඒ අනුව ඡන්දය භාවිත කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යායුතු දුර ප්‍රමාණය කිලෝමීටර් 40 හෝ ඊට අඩුනම් දින බාගයක කාලයක් ද කිලෝමීටර් 40-100ත් අතර නම් එක් දිනයක් ද අවම නිවාඩු ලබාදිය යුතු වේ.

    කිලෝමීටර් 100-150ත් අතර නම් දින එකහමාරක් ද කිලෝමීටර් 150ට වැඩිනම් දින 2ක් වශයෙන් ද නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

    කෙසේවෙතත් මේ සඳහා සේවා නියුක්තිකයින් විසින් සේවා යෝජකයින් වෙත ලිඛිතව අදාළ නිවාඩු ඉල්ලීම සිදුකළ යුතුය.

    එමෙන්ම සෑම සේවා යෝජකයෙකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ලබාදෙන කාලසීමාව දැක්වෙන ලේඛනයක් සකස් කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.