Author: LFN
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ඊයේ (01) විවෘත කර තිබේ. ඒ දශක තුනකට පසුය. වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවූ නමුත් මෙම මාර්ගය මහ ජනතාවට විවෘත නොවිණි. මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කර ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේය. ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1259ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවද ගතවූ පැය 24 තුළ පැමිණිලි 123ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. ලැබී ඇති සමස්ත පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 13ක් ද ලැබී තිබේ. කෙසේ වෙතත් සමස්ත පැමිණිලි 1259න් 1018ක්ම මේ වන විට විසදා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී හිස්ගමන් බලපත්‍ර ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිත බවයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත්, එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි. විදේශ ගමන්බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන්බලපත්‍ර 50,000ක් මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත. මෙම ප්‍රමාණයට අමතරව නොවැම්බර්…
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක් දුන්හිඳ – බදුල්ල මාර්ගයේ අඹගස්හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ අනතුර සිදුවන විට කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 39 වන පාඨමාලාවට අයත් සිසු සිසුවියන් 36 දෙනෙක්, කථිකාචාර්යවරුන් 03 දෙනෙක්, එම කණ්ඩායම භාරව කටයුතු කළ උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කළ ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙන් හා බස් රථයේ රියදුරා ඇතුළුව 42 දෙනෙක් මෙම පිරිසට අයත් වූ බවය. අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර මිය ගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන බවත් එහි සඳහන් ව තිබේ. එම මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ…
අද (2) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් ද සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය…
ගාල්ල දිස්ත්‍රික්කය තුල “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (Cultural Technological Innovation) ගොඩනැගීම අරමුණින් දිවයින පුරා පිහිටුවා ඇති තාක්ෂණ උද්‍යාන පහෙන් පළමුවැනි තාක්‍ෂණ උද්‍යානය ලෙස අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගාල්ල, වලහන්දුව වතුයායේ “අක්කර 29 යි රුඩ් 03 යි, පර්චස් 7.15ක ඉඩම” තාක්‍ෂණ අමාත්‍යංශය වෙත පවරා එහි ගාල්ල දිස්ත්‍රික් තාක්‍ෂණ උද්‍යානය ස්ථාපිත කිරීමට 2021 අප්‍රේල් මස 29 වන දින මුල්ගල් තබා ඇති නමුදු මේ වන විටත් එහි කටයුතු නිමා නොකර අඩාල තත්වයේ පසුවන බවට අප වෙත වාර්තා විය. මෙම ඉඩම පසුකාලීනව පර්යේෂණ හා නව නිපැයුම් අංශය – අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත…
මහනුවර දිගන වික්ටෝරියා පාක් නිවාස සංකිර්ණයේ නිවසක් අසල නවතා දමා ගොස් තිබූ සුඛෝපභෝගී රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමකට අනුව අදාළ රථය පොලිස් භාරයට ගෙන ඇත. ඊයේ (31) පස්වරුවේ එම ඇමතුම ලබාදී තිබූ අතර, තෙල්දෙණිය පොලීසිය අදාළ ස්ථානයට ගොස් කරන ලද සෝදිසියේ දී තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සුඛෝපභෝගී රථයේ ලියාපදිංචි අංකයටම තවත් රථයක් මහනුවර වත්තේගම ප්‍රදේශයේ ද ඇති බවට පොලීසිය ඒ අනුව තොරතුරු ලැබී ඇත.
බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවය. ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි සිසුන් පිරිසක් ඇතුළු 41 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන්කරමින් සිට තිබේ. අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් මේ වනවිට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවය.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (01) යි. පසුගිය මස 30 වනදා තැපල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කෙරුණි. ඒ අනුව අද දිනයේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය. තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී නොවැම්බර් මස 7 සහ 8 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති…
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කනත්ත ඉදිරිපිට ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ඔක්තෝබර් මස 16 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිට දී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි. ඉන් අනතුරුව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කළේය. ඒ අනුව මෙම වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරුව සිටි වයස අවුරුදු 35ක්වූ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලීස් ස්ථානය මඟින් ඔක්තෝබර් මස 28 වන දින අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ…