Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මඟ නැවතුන ගාල්ල වලහන්දූව තාක්ෂණික උද්‍යානය.
    Hot News

    මඟ නැවතුන ගාල්ල වලහන්දූව තාක්ෂණික උද්‍යානය.

    By LFNNovember 1, 2024Updated:November 2, 2024No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල දිස්ත්‍රික්කය තුල “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (Cultural Technological Innovation) ගොඩනැගීම අරමුණින් දිවයින පුරා පිහිටුවා ඇති තාක්ෂණ උද්‍යාන පහෙන් පළමුවැනි තාක්‍ෂණ උද්‍යානය ලෙස අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගාල්ල, වලහන්දුව වතුයායේ “අක්කර 29 යි රුඩ් 03 යි, පර්චස් 7.15ක ඉඩම” තාක්‍ෂණ අමාත්‍යංශය වෙත පවරා එහි ගාල්ල දිස්ත්‍රික් තාක්‍ෂණ උද්‍යානය ස්ථාපිත කිරීමට 2021 අප්‍රේල් මස 29 වන දින මුල්ගල් තබා ඇති නමුදු මේ වන විටත් එහි කටයුතු නිමා නොකර අඩාල තත්වයේ පසුවන බවට අප වෙත වාර්තා විය.

    මෙම ඉඩම පසුකාලීනව පර්යේෂණ හා නව නිපැයුම් අංශය – අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත පවරා ඇති අතර, ඉඩම් කොටස තාක්‍ෂණ අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය වෙත නීතියමය වශයෙන් පවරාදීම සිදුකර නොමැති බවත්, 2021 අංක 130 දරන ආඥාව (38 වැනි වගන්තිය (ආ) අතුරු විධානය යටතේ ආඥාව) පදනම් කර ගනිමින් මේවන විටත් ඉඩමේ භුක්තිය අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින බවටත් අණාවරණය වී ඇත.

    අදාල ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස MAGA ආයතනය කටයුතු කර ඇති අතර, එම ආයතනයේ විෂය පථයට අනුව නවීන කාර්යාල ඒකක 12 ක්, පරිපාලන ගොඩනැගිල්ලක්, විශාල විනෝදාස්වාදක ප්‍රදේශයක්, සහ බහු ආපනශාලා සහ ආපනශාලා සඳහා පහසුකම්වලින් සමන්විත නවීනතම තොරතුරු තාක්‍ෂණ පහසුකම්වලින් සමන්විත මීටර් 41,000 සංකීර්ණය ඉදිකිරීමට යෝජිතව තිබී ඇති බවට සඳහන් වේ.
    මෙම තාක්‍ෂණ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු මීට පෙර පැවති රජය මගින් ආරම්භ කර ඇති නමුත් මෙරට පැවතී ආර්ථික උද්ධමනය හේතුවෙන් එම ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දැමීම සිදුව ඇති බවත්, පසුව පැවති රජයන් මගින්ද මේ පිළිබඳව අවධානයක් යොමු නොකරමින් කටයුතු කිරීම හරහා මේ වන විට අදාල භූමිය ප්‍රයෝජනයට නොගනිමින් විනාශයට පත්වෙමින් පවති. කෙසේ වෙතත් නිසි බලධාරීන්ගේ අවධානයට මෙය ලක්කරවීම අපගේ බලාපොරොත්තුවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.