Author: LFN
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට…
H5N1 කුරුළු උණ රෝගය වැලඳුණු ඌරකු ප්‍රථම වරට අමෙරිකාවෙන් හඳුනාගෙන තිබේ. අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ගොවිපොළක රඳවා සිටි ඌරෙකු හට මෙලෙස කුරුළු උණ වැලඳී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ ඌරා සමග රැඳී සිටි තවත් ඌරන් දෙදෙනෙකු හට ද වෛරසය ආසාදනය වී ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පර්යේෂණ සඳහා යොමුකර තිබේ. මෙම කුරුළු උණ වෛරසය 2020 වර්ෂයේ සිට ශීඝ්‍ර ලෙස කුරුල්ලන් අතර ව්‍යාප්ත වී තිබුණි.
ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ. විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණයි. අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදුකරනු ලබයි. මේ අතර නව චින්තන පෙරළියක් සඳහා වූ මඟකට පිවිසීමට මෙවර දීපාවලී උත්සවය අගනා නිමිත්තක් කරගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දීපාවලී උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බෙදා…
අනුරාධපුර – කුඹිච්චංකුලම නිදහස් කලාපය අසලදී ඊයේ (30) පස්වරුවේ තරුණයෙක් විසින් තරුණියකට තියුණු ආයුධයකින් පහරදී තිබේ. ඔවුන් දෙදෙනා පෙම්වතුන් බව පොලීසිය පැවසීය. බරපතළ කැපුම් තුවාල ලැබූ පෙම්වතිය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයට ශල්‍යකර්මයක් ද සිදුකර ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත පෙම්වතා විසින් සිය පෙම්වතියට මෙලෙස පිහියකින් පහර දී ඇති බවය. මෙම තරුණිය වෙනත් පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවට දැනගැනීමත් සමග සැකකරු විසින් සිය පෙම්වතියට මුණ ගැසීමට අවශ්‍ය බව පවසා තිබේ. ඒ අතරතුර දී පෙම්වතා සතුව පිහියක් සහ වස බෝතයක් තිබෙන බව තරුණිය දැනගැනීමත්…
පානදුර නගරයේ ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි 05ක් ඊයේ (30) දහවල් එකවරම කඩාවැටී තිබේ. මෙම ගොඩනැගිලි කඩාවැටීමත් සමගම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු ප්‍රදේශය විශාල දූවිල්ලකින් වැසී ගොස් ඇත. ජනප්‍රිය මාවතේ දෙපස කානු පද්ධතිය සකස් කිරීම සඳහා නගර සභාවෙන් කොන්ත්‍රාත්කරුවෙකුට පවරා ඇති අතර ඊයේ (30) දහවල් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම කාණු සකසමින් සිට තිබේ. එම බැකෝ යන්ත්‍රය සහ පස් පිරවූ ලොරි රථය ඉන් පිටත්ව යෑමත් සමගම මෙම ගොඩනැගිලි එකවරම කඩාවැටී ඇත. බැකෝ යන්ත්‍රය නිසා පොළොවේ ඇතිවූ දෙදරීම මෙම අනතුරට හේතු වන්නට ඇති බව අසල සිටි ව්‍යාපාරිකයන් පවසයි. එම ගොඩනැගිලි පහේ පහත මහල්වල දන්ත ශල්‍යාගාරයක්, රෙදිපිළි අලෙවිසැලක් සහ…
ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් සහ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සතුව තිබී අම්බර් කිලෝ 17යි ග්‍රෑම් 234 ක් පොලිස් භාරයට ගෙන ඇත. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙළෙඳ වාහන පැවරුම් අංශයේ නිල කාමරයේ ඉබියතුරු දමා ආරක්ෂිතව රඳවා තිබූ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් මෙලෙස අස්ථානගත වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ කාර්යමණ්ඩලයේ සේවකයින් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ දුරකථන සමාගම්වලට නියෝග කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අදාළ අංශයේ සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා ලබාගත යුතුව ඇති බැවින් එම වාර්තා තම පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලෙස බොරැල්ල පොලීසිය කරන…
දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පැවසීය. අද (31) යෙදී ඇති දීපාවලී දිනය හේතුවෙන් ජනතාවට සහයෝගය දැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය. උසස්වීම්, බඳවාගැනීම්, දුම්රිය අවලංගු වීම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවට ඉකුත් සඳුදා තීරණය කර තිබුණි. ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු ඔවුන් පැය 72ක කාලයක් ද බලධාරීන්ට ලබාදී තිබූ අතර ඒ අනුව ඊයේ (30) උදෑසන මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි. ඒ, ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා…
පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ “රට හදන අපි එකට මාලිමාවට” යන තේමාවෙන් ඊයේ (30) පස්වරුවේ මාතර පැවති ජනතා රැලිය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “ඒ අය දන්නවා අපි බලය අරගෙන ඉතා කෙටි කාලයයි. අපිට බලය තියෙන්නේ ස්ථාන කිහිපයක විතරයි. දේශපාලන බලය සමාන්‍යයෙන් තහවුරු වෙන්නේ ආයතන ගාණනාවක ශක්තිමත්භාවයෙන්. ජනාධිපති ධුරය දේශපාලන බලයේ හොඳ ශක්තිමත් තැනක්. කැබිනට් මණ්ඩලය හොඳ ශක්තිමත් තැනක්. හැබැයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ අපි තුන්දෙනයි. ජනාධිපති අගමැති ඇමති. ලෝකේම ඉතිහාසගත වෙන කැබිනට් මණ්ඩලයක්. එතකොට එයාලා කල්පනා…
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්‍රදේශයේදී අද (30) සිදු කරන ලද වැටලීමකදී මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන හරක් කටා සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන ආමි චූටි නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගොලයන් දෙදනෛකු වන ඕමල්පගේ ධම්මික සමන් කුමාර (41) හා කංකානම් ආරච්චිගේ සුජීව (53) යන සැකකරුවන් ලග මිලියන 285 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහා අයිස් මත් ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ . එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 7 ග්‍රෑම් 415 මිලිග්‍රෑම් 500 සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 17 ක් සහ යතුරු පැදියක්…