Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී සමරයි
    Featured

    ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී සමරයි

    By LFNOctober 31, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි.

    ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ.

    විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණයි.

    අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදුකරනු ලබයි.

    මේ අතර නව චින්තන පෙරළියක් සඳහා වූ මඟකට පිවිසීමට මෙවර දීපාවලී උත්සවය අගනා නිමිත්තක් කරගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    දීපාවලී උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බෙදා වෙන්කර දුර්වල කිරීමට තැත් කළ ශ්‍රී ලාංකික ජාතිය නොබෙදී සවිමත්ව සිට ගැනීමට කාලය එළඹ ඇති බවය.

    අසාධාරණය, ආන්තීකරණය, වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය ආදිය මුලිනුපුටා දමමින් සමාජය අසම සම ඡේදනය කරන, වරප්‍රසාද ලාභීන් සහ වරප්‍රසාද අහිමිවූවන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතියට නැවතුම් තිත තැබීමට පෙරමුණ ගන්නා බව ද අදාළ නිවේදනයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    මේ අතර සෑම කෙනෙකුටම නිදහස ගෞරවය සහ අයිතිවාසිකම අත්විඳිය හැකි ලෝකයක් ගොඩනැගීමට කැපවී ක්‍රියා කරන බව දීපාවලි දින පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    දීපාවලී දිනයේ එය සමරන සෑම අයෙකුගේම ජීවිතයට ආලෝකය ප්‍රීතිය සහ නවතාවයන් ගෙන එනු ඇති බව ද සිය සුබපැතුම් පණිවුඩය මඟින් අග්‍රාමාත්‍යවරිය දැනුම් දී තිබේ.

    මේ අතර දීපාවලී උත්සවය නිමිත්තෙන් කෙටුව සහ කන්කසන්තුරය අතර ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (31) සහ හෙට (01) යන දිනයන්හිදි විශේෂ දුම්රියක් ලෙස අමතර ධාවනය සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.