Author: LFN

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 සහ 32 හැවිරිදි වයස්වල පසුවන ඉතාලි හා බ්‍රිතාන්‍ය ජාතිකයන් බව සඳහන් ය. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය. මැතිවරණ පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව නිවැරදි ලෙස නියම කර ඇති බවත් මේ වනවිට මැතිවරණයට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්…

Read More

වරින්වර නිර්මාණය වන වෙළෙඳපොළේ සහල් අර්බුදයට පැවති ආණ්ඩු වගකිව යුතු බවට මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය (02) කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසයි. ඔහු ඊයේ (03) ප්‍රකාශ කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ මෝල්හිමියන් පස් දෙනෙක් වරින්වර මෙම සහල් අර්බුදය ඇති කරන බවය. පසුගිය කාලයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කෙරුණු අතර ඇතැම් සහල්වල හිඟයක් පැවතියේය. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔක්තෝබර් 24 වනදා මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කැඳවා පාලන මිලට සහල් අලෙවි කරන ලෙස දැනුම් දුන් අතර ඔවුන්ද එහිදී ඊට එකඟතාව පළකළේය. එහෙත් තවමත් වෙළෙඳපොළේ සහල් හිඟය…

Read More

සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ. ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් තීව්‍ර කරමිනි. ඉන්දීය රජයේ අනුදැනුම සහ අනුග්‍රාහකත්වය යටතේ තම රටට එරෙහිව ඔත්තු බලමින් සිටිය හැකි බව කැනඩාව චෝදනා කරයි. මේ අනුව කැනේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට ඇතුළත් කළ පස්වැනි රට ඉන්දියාවයි. ඉන්දියාවට පෙර චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව ද මෙම ලැයිස්තුවට ඇතුළත්කර තිබුණි.

Read More

මිදිගම දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් මස 19 වන දින මිදිගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණ ගිනිඅවිවලින් වෙඩිතබා ඝාතනය සිදුකර තිබුණි. වෙඩිතැබීම සිදුකළ සැකකරු, අපරාධයෙන් පසු ගිනිඅවිය සහ පතරොම් 05ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙකු සහ අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් 05 දෙනෙකු සහ සැකකාරියක් ඊයේ (03) වන දින වැල්ලවාය, අහංගම හා මිදිගම ප්‍රදේශවලදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔවුන්ව මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, වෙඩි…

Read More

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි. ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය. තවදුරටත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දහිමියන් සඳහා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී නොවැම්බර් 7 සහ 08 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. මේ අතර…

Read More

ගල්කිරියාගම – කරවිලගල හන්දිය අලියාමලගල කහලුකන්ද මාර්ගයේ කිවුල උල්පත අතුරු මාර්ගයට හැරෙන හන්දියේදී කහලුකන්ද දෙසට ධාවනය වූ දර පැටවූ අත් ට්‍රැක්ටරයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පිරිමි දරුවෙකු මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දී මෙම දරුවා ට්‍රැක්ටරය ට ඉදිරිපසින් මාර්ගය අසලින් ගමන්කරමින් සිට ඇති බව පොලීසිය පවසයි. ඊයේ (03) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ. පැටවූ ටේලරයට යටවී බරපතල තුවාල ලැබූ දරුවා කලාවැව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ නාන්වත්තේගම, නෑගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ. මේ අතර ගොඩනැගිලි…

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් ව තිබේ. ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇතිවන අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Read More

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා ජාතික රෝහලට ඇතුළත් කළ බවය. නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පසුගිය 31 වනදා අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නිර්දේශ කිරීම හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා පසුව බන්ධනාගාර රෝහල වෙත…

Read More