Author: LFN

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලිකව නවතා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය මෙලෙස ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවය. ඒ අනුව හෙට සිට කොළඹ සහ තලේමන්නාරම අතර පහත පරිදි දුම්රිය ධාවනය සිදු කෙරේ. කොළඹ කොටුව – තලෙයිමන්නාරම 2024.11.12 දින සිට – කොළඹ කොටුව පිටත්වීම ප.ව. 16.15 තලෙයිමන්නාරම ළඟාවීම ප.ව. 22.15 තලෙයිමන්නාරම – කොළඹ කොටුව 2024.11.13 දින සිට – තලෙයිමන්නාරම පිටත්වීම පෙ.ව. 04.15 කොළඹ කොටුව ළඟාවීම පෙ.ව. 10.15

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය. එමෙන්ම අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කර ගත යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. “මේ වනවිට අපේක්ෂකයින් ඡන්ද ප්‍රචාරක කාර්යාලවලින් ඡන්ද මධ්‍යස්ථානවලින් පිහිටුවා තිබෙන කාර්යාල මධ්‍යම රාත්‍රියේ සිට සියල්ල ඉවත් කළ යුතුයි. මධ්‍යම රාත්‍රියෙන් පසුව තබාගැනීමට හැකි වෙන්නේ පක්ෂ හා කණ්ඩායම්වල කොට්ඨාසයට එකක් ලෙස පිහිටුවා තිබෙන කාර්යාලය පමණි. ඒ වගේම ඒ…

Read More

සම්බාහන සේවයක් ලබා දෙන බව පවසා මුදල් වංචාවක් සහ කොල්ලකෑමක් සිදුකළ සැකකරුවන් 5ක් දෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ව බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් විසින් සම්බාහන සේවයක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙක් ගෙන්වා ගෙන පහරදී, පිහි පෙන්වා බිය ගන්වා ඔහු ලවා රුපියල් ලක්ෂ 10ක මුදලක් අන්තර්ජාල බැංකු කටයුතු හරහා බැර කරවාගෙන තිබේ. පසුව පසුම්බියේ තිබූ මුදල් රුපියල් 15,000ක් කොල්ලකා ඇති අතර, ඒ සම්බන්ධව බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි. එම පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකාර යුවළක් අපරාධයට යොදා ගත් ත්‍රිරෝද රථයක්ද, සමඟ පසුගිය 08 වනදා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු…

Read More

‍මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සඳහා දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කරන බවය. “මුළු ඡන්ද කොට්ඨාස 13,314 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,383ක් පිහිටුවලා තියෙනවා. මේ කාල සීමාව ආවරණය වන පරිදි අපි පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවනවා මැතිවරණය පැවැත්වෙන දිනයට හා පසු දිනයට හා අවශ්‍ය වුණොත් ඊට පසුවත්. පොලිස් නිලධාරීන් 64,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවනවා. ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3,200ක් රාජකාරියේ යොදවන්න සුදානම් කරලා තියෙනවා. සිවිල් ආරක්ෂක…

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නොවැම්බර් 13 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බවය. එමෙන්ම උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. නැගෙනහිර, මධ්‍යම, ඌව, සබරගමුව, සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල…

Read More

වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් ඊයේ (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදු කළේය. ඒ, ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් ය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “අවුරුදු 5යි මාස 6ක්. පුළුවන් තරම් මාව පීවාඩව පත් කළා. ඊයේ නිදහස් වුණේ මම නෙමෙයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනා. මේ වැරැද්ද වෙන කාටවත් සිදු නොවෙන්න මට කරන්න වැඩ කොටසක් තිබෙනවා. මට විරුද්ධව කටයුතු කළ සියලුදෙනාට විරුද්ධව මම පැමිණිල්ලක් දැම්මා. මාව අත්අඩංගුවට අරගෙනයි පැමිණිලි සොයාගෙන ගියේ. මට මගේ දරුවන්ට සහ බිරිඳට…

Read More

වෙන්නප්පුව කිඹුල්ගාන ප්‍රදේශයේ ඊයේ (7) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්කකර ගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවත්, ඒ අසල සිටි කාන්තාවක්ද සිද්ධියෙන් තුවාල ලබා ඇති බවත්ය. යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා ජල පෙරණ නිශ්පාදන ආයතනයක සේවකයින් වන අතර වෙඩි තැබු පුද්ගලයා පලා ගොස් ඇති බව පොලීසිය පැවසීය.

Read More

පුද්ගලික ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින් ට ලබාදී ඇති ගිනිඅවි සහ පතොරම් ආපසු භාරදීමට දී තිබූ කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව මේ මස 21 වනදා දක්වා එම කාලය දීර්ඝ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති නඩුව විභාගකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ස්වභාවික හා සංස්කෘතික අධ්‍යයනය කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මීට පෙර ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබාගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවට…

Read More

සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බව වාර්තා වෙයි. ඉකුත් සති කිහිපයේ මෙරට වෙළෙඳපෙළේ සහල් මිල ගණන් ඉහළ ගිය අතර සහල් හිඟයක්ද නිර්මාණය විය. මතුවූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනපතිවරයා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීරණය කෙරුණේ සිල්ලර වෙළෙඳපොළේ පැවති සහල් පාලන මිල එලෙසම පවත්වාගෙන යාමටය. මෙවන් පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබුණි.

Read More