Author: LFN

ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් ලෙස සටහන්වී තිබේ. එය ගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 81%ක වර්ධනයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා ඇතිවූ බලපෑම මත මෙම වර්ධනය සිදුවී ඇති බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි.

Read More

විවිධ ආරක්ෂක හේතූන් මත පොලීසිය සහ යුද හමුදාව විසින් නිකුත් කළ ගිනිඅවි 2024 දෙසැම්බර් මස 30 වනදාට පෙර ළඟම ඇති පොලීසියට භාරදීමට පියවර ගන්නැයි ආරක්‍ෂක අමාත්‍යංශය අදාළ පාර්ශ්වයන්ට දැනුම්දෙයි. පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසියෙන් හා යුද හමුදාවෙන් නිකුත්කර තිබූ පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බවද ආරක්‍ෂක අමාත්‍යංශය නිරීක්‍ෂණය කර තිබේ. තවද, මෙම නිකුත්කර ඇති ගිනිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා පොලීසිය සතුවන බවද දැනුම්දෙයි. එම නාමලේඛනයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිනිඅවි පොලීසිය භාරයට ගැනීමට…

Read More

සංචාරක වීසා මත මෙරටට පැමිණ වෙළෙඳාම් කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මහනුවර මධ්‍යම වෙළෙඳපොළ පරිශ්‍රයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි සහ 48 හැවිරිදි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, අදාළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් මේ වනවිටත් ලබාදී ඇති බවය. කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ දෙවැනි වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට ලබාදුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 05ක් අන්තර්ගත වීමට අදාළව මෙම පරීක්ෂණය පවත්වයි. ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සමාජය තුළ කතාබහට ලක්වී ඇති මෙම ප්‍රශ්න පත්‍රය, සකස් කර ඇත්තේ අදාළ පාසලෙන් ම බවත් ඒ…

Read More

බේරුවල නගර සභාව විසින් කසල (අපද්‍රව්‍ය) බේරුවල මරදාන මාර්ගයෙහි ඇති අතුරු මාර්ගයක් වන අබෘ මාර්ගයේ පිහිටා තිබූ හිස් ඉඩමකට බැහැර කිරීම සිදුකරනු ලබයි. එම ඉඩමෙහි හිමිකරු විසින් මේ වන විට පස් දමා ඉඩම ගොඩකර ඉඩම කොටස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබීම හේතුවෙන් බේරුවල නගර සභාවෙහි කසල බැහැර කිරීමට ස්ථානයක් නොමැති බැවින් ඊට පිළියමක් වශයෙන් මේවන විට එම කසල බේරුවල නගර සභා පරිශ්‍රය තුළ බැහැර කරන බවට වාර්තා වේ. මෙම තත්වය හේතුවෙන් ප්‍රදේශයේ මැස්සන් ඉතා සීඝ්‍රයෙන් බෝවීම තුළින් හා කුඩා දරුවන් මෙන්ම වයෝවෘධ වැඩිහිටියන්ද ඉතා ඉක්මනින් විවිධ රෝගයන්ට ගොදුරුවීමේ ප්‍රවනතාවයක් පවතින බවට අවධාරණය වන අතරම නගර සභාව අවට ප්‍රදේශයේ විශාල…

Read More

පොලීසිය සමග හටගත් ගැටුමකින් ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ දී කුකී කැරලිකරුවන් 10 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගැටුමෙන් ඉන්දියාවේ මධ්‍යම පොලිස් බළකායේ සෙබලෙකු තුවාල ලබා ඇති බවය. මනිපූර්හි, ජිරිබාම් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට කැරලිකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අවස්ථාවේ මෙම ගැටුම හටගෙන තිබේ. මෙම ගැටුමෙන් අනතුරුව පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඒ.කේ 47 වර්ගයේ ගිනිඅවි කිහිපයක් සහ ආර්.පී.ජී අවියක් ද සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක් හට ගෙන තිබේ. ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වූ එම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලීසිය පවසයි. හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රචාරණ රැස්වීමක්ද අදාළ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබුණි. රැස්වීම වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් මහතා හා ඔහුගේ ආධාරකරුවන් ගමන් කරමින් සිටියදී මස්තාන් මහතාගේ ආධාරකරුවන් රිෂාඩ් බදියුදීන් මහතා ගමන්ගත් වාහනය වෙත පහරදී තිබේ. අදාළ අවස්ථාවේ ආධාරකරුවන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති අතර,වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය මැදිහත්ව ගැටුම සමතයකට…

Read More

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (13) ආරම්භවන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වනිඳු හසරංග සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඒ දෙරට අතර දඹුල්ලේදී පැවති දෙවැනි 20/20 ජාත්‍යන්තර තරගයේදී ඇතිවූ ආබාධයක් හේතුවෙනි.

Read More

රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ. ගින්න පාලනය සඳහා මේ වනවිට කෝට්ටේ ගිනිනිවන ඒකකයේ රථ 4ක් යොදවා ඇතැයි වාර්තා වේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව විදෙස් රූපවාහිනී නාලිකාවක විකාශය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. බාහිර සංවිධානයක් විසින් එම වීඩියෝව පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලක්, පොලිස් මූලස්ථානය වෙත යොමු කිරීමෙන් පසු එහි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත. බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වූ Channel 4 නාලිකාව විසින් ශ්‍රී ලාංකිකයෙකු වූ මොහොමඩ් මිහිලාල් මොහොමඩ් හෆ්සීර් නොහොත් අසාද් මවුලානා යන අය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණි. මෙම සම්මුඛ සාකච්ඡාව පසුගිය 2023 වසරේ සැප්තැම්බර් 06 වන දින හෝ ඊට ආසන්න දිනකදී එම නාලිකාව මඟින් විකාශය කර තිබුණි. ඒ අනුව එම වීඩියෝවේ අඩංගු…

Read More