Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»බේරූවල ගොඩ කරන කුණු
    Hot News

    බේරූවල ගොඩ කරන කුණු

    By LFNNovember 12, 2024Updated:November 12, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බේරුවල නගර සභාව විසින් කසල (අපද්‍රව්‍ය) බේරුවල මරදාන මාර්ගයෙහි ඇති අතුරු මාර්ගයක් වන අබෘ මාර්ගයේ පිහිටා තිබූ හිස් ඉඩමකට බැහැර කිරීම සිදුකරනු ලබයි. එම ඉඩමෙහි හිමිකරු විසින් මේ වන විට පස් දමා ඉඩම ගොඩකර ඉඩම කොටස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබීම හේතුවෙන් බේරුවල නගර සභාවෙහි කසල බැහැර කිරීමට ස්ථානයක් නොමැති බැවින් ඊට පිළියමක් වශයෙන් මේවන විට එම කසල බේරුවල නගර සභා පරිශ්‍රය තුළ බැහැර කරන බවට වාර්තා වේ.

    මෙම තත්වය හේතුවෙන් ප්‍රදේශයේ මැස්සන් ඉතා සීඝ්‍රයෙන් බෝවීම තුළින් හා කුඩා දරුවන් මෙන්ම වයෝවෘධ වැඩිහිටියන්ද ඉතා ඉක්මනින් විවිධ රෝගයන්ට ගොදුරුවීමේ ප්‍රවනතාවයක් පවතින බවට අවධාරණය වන අතරම නගර සභාව අවට ප්‍රදේශයේ විශාල දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසින් චෝදනා කර සිටී.

    එමෙන්ම බේරුවල නගර සභාව ආසන්නයේ පිහිටා ඇති වරාය, ප්‍රාදේශීය රෝහල, ප්‍රධාන තැපැල් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි රාජ්‍ය ආයතනයන්හී සේවය කරනු ලබන පුද්ගලයින් මෙන්ම නගරයේ ව්‍යාපාරිකයින් සහ ප්‍රදේශවාසින්ද මේ සඳහා චෝදනා පල කරනු ලබයි. චීනකොටුව මැණික් වෙළඳපලද බේරුවල නගරයට ආසන්නයේම පිහිටා තිබීම මත විදේශික ජාතිකයින්ද වැඩි වශයෙන් ගැවසෙන නගරයක් වීම හේතුවෙන් නගර සභා පරිශ්‍රය තුළ කසල බැහැර කිරීම ඉතාමත් ගැටලුකාරී තත්වයක් වී ඇති බවට වාර්තාවේ.

    බේරුවල නගර සභාවේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ප්‍රදේශවාසීන් මුහුණ දී ඇති මෙම ගැටලුකාරී තත්ත්වය බේරුවල නගර සභාවේ නිලධාරීන් හට දැනුවත් කලද මේ වනතෙක් නිසි විසඳුමක් ලබාදී නොමැති බවට ප්‍රදේශවාසීන් සදහන් කර සිටී. ඉදිරියේදී මෙම ගැටළුව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ලබා නොදුනහොත් ජනාධිපතිතුමා වෙත මේ සම්බන්ධව ලිපියක් ඉදිරිපත්කර මෙයට විරෝධය පල කරමින් මහජන පෙත්සමක් ද අත්සන් කර ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව අනාවරණය වෙයි. එමගින්ද නිසි විසඳුමක් නොමැති වුවහොත් බේරුවල නගර සභාව ඉදිරිපිට මෙම ක්‍රියාදාමයට එරෙහිව විරුද්ධව උද්ඝෝෂණයක් සිදුකිරීමට සූදානමින් සිටින බවට වැඩිදුරටත් වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.