Author: LFN
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (14) සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබේ. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ. උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියි.
ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවේ ප්‍රදේශයේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කරගෙන සැකකටයුතු ක්‍රියාකාරකම් සිදුවන බවට පළවූ වාර්තා පදනම් කරගනිමිනි. කෙසේ නමුත් එම සීමාවන් දැන් ඉවත්කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කරන බවද අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් පොලිස් භාරයට ගෙන තිබේ. එහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය. විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සැක කටයුතු වාහනයක් සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (12) පස්වරුවේ මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විතාරන්දෙනිය ප්‍රදේශයේ අදාළ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාවකදී මෙම රථය සොයාගෙන තිබේ. එම රථයේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි කිසිවක් වත්මන් අයිතිකරු සන්තකයේ තිබී නොමැත. එහි අයිතිකරු ලෙස සැලකෙන ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් මාතර පොලීසියට බාරවී තිබේ. පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර…
පසුගිය කාලසීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා සඳහන් මීට අදාළ පැමිණිළි 3,040ක් ලැබී ඇති බවය. “විශේෂ ඒකකයකට ලැබුණු පැමිණි තියෙනවා 3,040ක්. එදිනෙදා විසඳුම් ලබාදෙන්න පුළුවන් 1,124ක් තියෙනවා. ඊට අමතරව අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය හරහා ලබාගත් තොරතුරු මත විශේෂ වංචා දූෂණ සිදුවුණා ද කියලා සැක විශේෂ පරීක්ෂණ 15ක් අපි තෝරාගෙන තියෙනවා. එයින් 3ක් මේ වෙද්දි අභ්‍යන්තර විගණනය විධිමත්ව සිදුකෙරෙමින් යනවා. තව කිහිපයක් යනවා එළියේ මාධ්‍යවල සාකච්ඡා වුණ. ඒකට තොරතුරු අපි ගනිමින් ඉන්නවා.”
කටුනායක ගුවන්තොටුපොළේ සේවයේ නියුතු මත්ද්‍රව්‍යනාශක ඒකකයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට ඇති සැකය මත සියරාලියෝන් ජාතිකයෙක්ව ඊයේ (12) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී හෙළිවී ඇත්තේ ඔහු සිය සිරුරේ මත්ද්‍රව්‍ය සඟවා ගෙන පැමිණ ඇති බවයි. සැකකරු 32 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු තුර්කි ගුවන්යානයකින් මෙරටට පැමිණ තිබුණි. පසුව මීගමුව රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව, ඔහු ගිල තිබූ මත්ද්‍රව්‍ය සහිත කරල් 17ක් ඉවතට ලබාගෙන තිබුණි. එම සැකකරු සහ මත්ද්‍රව්‍ය සහිත කරල් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයට බාරදී ඇත. එම මත්ද්‍රව්‍ය කොකේන් ලෙස හඳුනාගෙන ඇති අතර එහි වීථි වටිනාකම රුපියල් මිලියන 13ක් බව සඳහන් ය.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (13) සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දැනුම් දී…
රේගු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, මේ වරාය අවට මාර්ගවල දැඩිරථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවය. “ඔරුගොඩවත්ත, තොටලග සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල මාර්ගයේ තිබෙන අනාරක්ෂිත බව නිසා මෙම බහාලුම් වරාය පරිශ්‍රයේ රඳවාගෙන තමා පිට කරේ, බහාලුම් නිෂ්කාශනවල ඉඩපහසුකම් ලැබෙන පරිදි. නමුත් ඇමතිතුමාගේ පරීක්ෂාවෙන් පසුව, මොවුන් එක හෙළාම තීරණය කරලා තියෙනවා සියලුම බහාලුම් ප්‍රවාහන රථ වරායෙන් පිටතට එවලා මාර්ග තදබදයක් ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම ඔරුගොඩවත්ත, ග්‍රෑන්ඩ්පාස් කියන ස්ථානවල. විශේෂයෙන්ම පටවාගත් බහාලුම් ප්‍රවාහන රථවල තිබෙන බහාලුම්වල අනාරක්ෂිතභාවය සහ රියදුරන්ට ජීවිත තර්ජන එල්ල වෙලා තියෙනවා.…
මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කටයුතු සිදුවන බවය. “හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,314 සඳහා යොමු කළ යුතු සියලූම නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද දිනයේ දී දිවයිනේ පිහිටි පරිශ්‍ර 49ක දී සිදුකරනවා. මැතිවරණ කොට්ඨාස 22ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක දී මෙම නිකුත් කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා. අද උදේ 7 සිට එම කටයුතු ආරම්භ කරන අතර සියලුම ඡන්ද…
පුස්සැල්ලාව – මෙල්ෆට්වත්ත ප්‍රදේශයේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් සිදුව ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (12) සවස මෙම බඹර ප්‍රහාරය සිදුව ඇති අතර පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව. මියගොස් ඇත්තේ 50 ක් වූ මෙල්ෆට්වත්ත, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බරපතළ තත්ත්වයේ සිටි එක් පුද්ගලයෙකු ගම්පොල රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින අතර, අනෙක් පුද්ගලයන් 04 දෙනා ප්‍රථිකාර ලබා නිවසට පිටව ගොස් ඇත.