Author: LFN

මෙරට අගවිනිසුරුවරිය ලෙස විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ. මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ඉකුත් ඔක්තෝම්බර් 10 වනදා දිවුරුම් දී තිබුණි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියකි. 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්වී ඇති අතර 1997 වසරේදී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණි. ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියකි.

Read More

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. ඔහු එහිදී පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති බවය. ඒ නිසා තමන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය. “මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තීන්දුවට මම හිස නමනවා. ඒ අනුව දේශපාලනයෙන් සමුගන්න තීරණය කළා. මාව දේශපාලනයට ගෙනාපු හැම කෙනාටම පෞද්ගලිකවම මම ස්තූති කරනවා. දළදා සමිඳු පිහිටයි.”

Read More

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතය. එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

Read More

10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කෙරෙයි. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට හෙට සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය. අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කිරීමට ද පියවර ගෙන ඇත. මේ අතර තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. එම වැඩමුළුව එළඹෙන 25, 26 සහ 27 යන දිනවලදී පැවැත් වෙයි. ඒ් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අද (16) දිනයේ නිකුත්වීමට නියමිතව ඇත. නව පාර්ලිමේන්තු සැසිය ලබන…

Read More

මහ මැතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දායකයින් වෙත සිය ප්‍රණාමය පුදකර තිබේ. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ඡන්ද දාකයින් වෙත සිය ස්තූතිය පළකර තිබේ. එහි ඔහු සඳහන් කර ඇත්තේ ‘ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!’ යනුවෙනි. ඊයේ (15) පැවති 2024 මහ මැතිවරණයෙන් ආසන 159ක් දිනාගනිමින් ජාතික ජන බලවේගය ඉතිහාසගත ජයක් ලැබීය.

Read More

මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඒ පිළිබඳ එක්ස් අවකාශයේ සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන අතර, දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට කැපවී සිටින බවය.

Read More

මාතර සිට ගාල්ල දක්වා ධාවනය වු දුම්රියක ඊයේ (15) පස්වරු 6.20ට පමණ වැලිගම පොල්අත්ත දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් ගැටිමෙන් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් තුවාල ලැබු එම පවුලේ අනෙක් සිව්දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිස තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ගාල්ල ප්‍රදේශයේ සිය ඥාති නිවසකට ගොස් නැවත සිය නිවස බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට මුහණ දී තිබේ. ⁣දුම්රියක් පැමිණෙන බවට සංඥා එළි දැල්වෙමින් තිබියදී දුම්රියක් පැමිණෙන බවට අසල සිටි පිරිස පවසද් දීත් මෙම ලොරි රථය දුම්රිය හරස් මාර්ගය හරහා…

Read More

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. එය මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වන අතර ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවද වේ. මීට පෙර මැතිවරණයක දී එම වාර්තාවට හිමිකම් කිවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 16ක් හිමිවිය. මීට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ මනාප නිකුත් කර තිබූ අතර ඒ වනවිට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා බවට පත්ව තිබුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියයි. කොළඹ…

Read More

අද (16) දින‍ෙයේ සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ සඳහා හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.2:00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.…

Read More

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පශ්චාත් මැතිවරණ කාලය තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති බවය. “දැන් ආරම්භ වෙන්නේ පශ්චාත් මැතිවරණ කාලසීමාව. සතියක කාලයක් තුළ කිසිදු ආකාරයක පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදුකරන්න බැහැ. ඒ නිසා මේ කාලසීමාව තුළ සම්පූර්ණයෙන්ම පොලීසිය සීරුවෙන් තබා තිබෙනවා. තවදුරටත් දිවයින පුරාම ජංගම සංචාරවල යෙදීමෙන් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙමින් කටයුතු කරනවා. බුද්ධි නිලධාරීන් රාජකාරී කටයුතුවල යෙදී සිටිනවා. විශේෂයෙන් හඳුනාගත් පොලිස් වසම් තුළ විශේෂ ආරක්ෂාවක් සපයනවා.” පූර්ව මැතිවරණ කාලසීමාව…

Read More