Author: LFN
මැතිවරණ කොමිසම මෙම මස අග දී යළි රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවට පත්වනු ඇත. මේ අතර එළැඹෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මුල්‍ය අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා…
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළේය. ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි. ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ. 01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය 02. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය 03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය 04. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…
ගාල්ලට පැමිණෙන විදෙස් සංචාරකයින්, ගාල්ල කොටුවේ සහ නගරයේ අයාලේ සැරිසරන ගවයින් සහ සුනඛයින් නිසා දැඩි අපහසුතාවට පත්වන බව ජනතාව පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයක් පෙන්නුම් කරන අවස්ථාවක මෙවැනි ගැටලුවලට කඩිනම් විසඳුම් සැපයීමට බලධාරීන් පියවර ගත යුතු බවය. සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2024 වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,682,482කි. නොවැම්බර් මාසයේ පළමු දින 10 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 61,767ක් වේ. ශීත සෘතුවේ ආරම්භයත් සමගම යුරෝපා සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එය ඉදිරියේදී තවදුරටත් වැඩිවනු ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කරයි. එමෙන්ම ලබන වසරේ මෙරටට සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වාගැනීම…
දකුණේ දේශපාලන පක්ෂවලටත්, උතුරේ ජනතාවගේ ආකර්ෂනය සහ කැමැත්ත ලබාගත හැකි වාතාවරණයක් උදාකිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ සිහිනය වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමග සැබෑ වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධයක නාමල් රාජපක්ෂ මහතා පවසයි. කෙසේ වෙතත් රට යළි බෙදුම්වාදය කරා ගෙන යන කිසිදු ක්‍රියාදාමයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඩනොදෙන බවත් නාමල් රාජපක්ෂ මහතා ඊයේ (17) නිකුත් කළ ලිපියකින් සඳහන් කළේය.
අද (18) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
දැදිගම සහ කිරින්ද පොලිස් වසම්වලදී දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්ව තිබේ. ඊයේ (17) මෙම සිදුවීම් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. දැදිගම පොලිස් වසමේ ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී තිබේ. මෙලෙස අතුරුදහන් වී ඇත්තේ ජයලත්කන්ද, දැදිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි. අතුරුදහන් වූ පුද්ගලයා සොයා පොලිස් නිලධාරීන්, ප්‍රදේශවාසීන් තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. මේ අතර කිරින්ද, යෝධකණ්ඩිය වැවෙහි දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී තිබේ. අතුරුදහන් වී ඇති පුද්ගලයා පොරවගම, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි. විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් අතර සිටි අයෙක් මෙලෙස දියේ ගිලී ඇති බවට සිදුකරන…
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානා කිහිපයක ඇති වු තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ. ගුවන් යානා 3ක් තාක්ෂණික දෝෂවලට ලක්වීම නිසා, ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාදවීම්වලට ලක් වී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙකු පැවසුවේය. සෑම ගුවන් යානයක්ම තම ගුවන් ගමන නිමා කිරීමෙන් පසු තාක්ෂණික ඇගයීම් පරීක්ෂා කිරීමකට ලක්කෙරෙන අතර, එහිදී ඇතැම් ගුවන් යානාවල සිදුකළ යුතු අත්‍යාවශ්‍ය තාක්ෂණික නඩත්තු කිරීම් සඳහා තරමක කාලයක් ගත වන බවත්, ඒ අනුව මෙම ගුවන් යානා 3 එම තාක්ෂණික නඩත්තු කටයුතු සඳහා යොමු කර ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්…
මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇති බව යුද හමුදාව පවසයි. කඳවුරේ සෙබළුන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මෙම උණ රෝගී තත්ත්වය වැලඳී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. උණ රෝගයට ගොදුරු වු සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් එක් සෙබළෙකු IDH රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්ය. කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500කට ආසන්න ප්‍රමාණයක් කඳවුර තුළම නිරෝධායනය කිරීමට අවශය පියවර ගෙන ඇති බව මන්නාරම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත. පසුගිය 11වනදා සිට උණ රෝගය පැතිරී යාම සිදුව…
අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බව සඳහන් ය. නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට සීමාවනු ඇත. එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුනොකිරීමට ද ජාතික ජන බලවේගය පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති බව වාර්තා වේ. මේ අතර ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් ජනතාවත් සමඟ ඉදිරියට ගමන් කිරීමට…
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක මහතා වෙත යොමුකර තිබේ. මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 18ක් හිමිවිය. ජාතික ජන බලවේගය නම්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 1 බිමල් නිරෝෂන් රත්නායක 2 ආචාර්ය අනුර කරුණාතිලක 3 මහාචාර්ය උපාලි පන්නිලගේ 4 එරංග උදේශ් වීරරත්න 5 අරුණ ජයසේකර 6 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම 7 ජනිත රුවන් කොඩිතුවක්කු 8 පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි 9 රාමලිංගම් චන්ද්‍රසේකර් 10 වෛද්‍ය නජිත් ඉන්දික 11 සුගත්…