Author: LFN
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ආරම්භ කළ වර්ජනය අද(20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. කෙසේවෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවති අතර ඉන් අනතුරුව ඒ පිළිබඳව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළේය. “මෙතුමා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූ දා පටන්, අධ්‍යයනය කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන්ව ඉතා පීඩනයකට ලක්කරමින් පෞද්ගලික පළිගැනීමකට ලක්කරා. විශේෂයෙන්ම සිසුන් බොහෝදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරලා, ඔවුන්ට උපාධි ප්‍රදානෝත්වයට සහභාගී වීම අත්හිටුවා තිබෙනවා. අනධ්‍යයන…
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර වීමට ප්‍රමාද වී ඇත්තේ පරිගණක පද්ධතියේ පවතින දෝෂ සහගත තත්ත්වයක් හේතුවෙන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ දිනයේදීම නිලධාරීන් කණ්ඩායමක් යොමුකර ඇති බව සදහන් කළ කෘෂිකර්ම අමාත්‍යාංශය ඊට අදාළ වාර්තාවක් අද (19) දිනයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දීමට නියමිත බව ද සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ පොහොර සහනාධාර මුදල් මේ වන විටත් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිදහස් කිරීමට පියවර ගත් බවය. එහෙත් අදාළ මුදල් මේ දක්වාත් ලැබි නොමැති බව ගොවීන් ඊයේ දිනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනි…
මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ වාහනයක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය අද (19) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා සති හතරක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ. ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි. ජාතික ලැයිස්තුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවිය.ක ඊට අමතරව, සන්ධානගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී කරුණානායක මහතාගේ නම ඊයේ (18) රාත්‍රියේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළේය. පසුගිය මහ මැතිවරණයෙන් ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නියෝජිතයින් නම් කිරීම අර්බුදයකට ලක්ව ඇත්තේ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ වරකාපොල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකත් කර තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ නාරමම්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ , ඉඹුල්පේ සහ ඕපනායක යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්…
කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදුකර සැකකරු ඔහුගේ නිවසට ගොස් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. ඊයේ (18) උදෑසන කාලයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ මොරවැව පොලිස් වසමේ වන්නකුලම් ප්‍රදේශයෙනි. එලෙස මියගොස් තිබුණේ වන්නන්කුලම්, ලබුනෝරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මරණකාරිය හා සැකකරු අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. තුවාලකාරිය අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සේවකයෙකු ව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ගුවන් හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් මස 20 වන දින දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අනුර කොස්තා නම් 46 හැවිරිදි අයෙකි. සැකකරුවන් සමග වෙඩි තැබීමට යොදාගත් විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, පතරොම් හයක් මෙන්ම සැකකරුවන් වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියද කොටස් කර තිබියදී පොලීසිය සොයාගෙන තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (18) දා හෝමාගම පනාගොඩ යුධ හමුදා කඳවුර ආසන්නයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඔහු සතු ගමන් මල්ලක තිබී ඝාතනය සඳහා යොදාගත්…
මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 18,000කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සදහන් කළේ පසුගියදා සිය නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමග රුපියල් මිලියන 18,790කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බවය. පසුගිය නොවැම්බර් 16 වන දින ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 46කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගැනුණි. එම යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගත් අතර ඔවුන් ඊයේ දිනයේ ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබීය. එම…
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.