Author: LFN

මුදල් කොල්ලකෑමක් සම්බන්ධව අව්‍යශ කරනු ලබන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ නගරයේදී මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන ආයතනයක රියදුරෙකු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු ඊයේ (18) එම රථයේ තිබූ රුපියල් කෝටි 7 1/2ක් සොරකම් කර එම රථයෙන්ම පළා ගොස් තිබේ. අදාළ වාහනය ගම්පහ පොලිස් වසමේ උග්ගල්බොඩ ප්‍රදේශයේ අත්හැර දමා ගොස් සිටියදී සොයාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී. ඒ අනුව ඉහත සඳහන් පුද්ගලයා සම්බන්ධව යම් තොරතුරක් වේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 01. ජ්‍යෙෂ්ඨ පොලිස්…

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම ගැසට් කර තිබේ. මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. කෙසේ වෙනතත් අදාළ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා පත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කළ කිසිවෙක් නොදන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ඔහු පැවසුවේ මේ සම්බන්ධව හෙට දිනයේදී පක්ෂ නියෝජිතයින් සමග සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගනු ඇති බවය.

Read More

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන නොවැම්බර් 21 වන දින පළමු සභා වාරය ආරම්භ වීමට නියමිතව තිබේ. එහි උත්සව කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වමින් ඇය මේ බව පැවසුවාය. “පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමකදී ත්‍රිවිධ හමුදා උත්තමාචාර සමග උත්තමාචාර වෙඩිමුර සමග ජයමංගල ගාථා ගැයීම සම්ප්‍රදායයි. නමුත් මෙහිදී ඉතා චාම්ව මේ උත්සවය සිදු කිරීමට අපිට උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා එතුමාව පැළඳුම් කාමරයට කෙලින්ම කැඳවාගෙන යාමට නියමිතයි. විනාඩි කිහිපයක් එහි අසුන් ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු පැළඳුම් කාමරයේ සිට එතුමාව පෙරහැරින් සභාගර්භය…

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා එම පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව අවසන් තීරණය හෙට ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි. ඔහු පැවසුවේ පක්ෂ මහලේකම්වරිය ගත් මෙම තීරණය සම්බන්ධව පක්ෂයේ කිසිවෙකුද නොදැනුවත්ව සිටි බවය. එමෙන්ම ලැබුණු මන්ත්‍රීධුර දෙක සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තලතා අතුකෝරල මහත්මියත් පොදුජන පෙරමුණෙන් කංචන විජේසේකර මහතාත් පත් කිරීමට යෝජනා වූ බවද ඔහු පවසයි. ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. “ප්‍රධාන වශයෙන් ඒ කාරණය ගැන අද එක්සත් ජාතික පක්ෂයේ අපේ සාකච්ඡාවේදී පැන නැගුණා. මේ පිළිබඳ…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (18) පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බව X පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා පවසන්නේ ජනතාවගේ ගැටලු විසඳිය හැකි සහ මහජන විශ්වාසය ස්ථාපනය කළහැකි සමබර ප්‍රවේශයක අවශ්‍යතාවය තමා ඉස්මතු කළ බවයි. ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත අයට සහායවීම, දැඩි ප්‍රතිසංස්කරණ ඔස්සේ දුෂණය ට එරෙහිවීම තම අරමුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට ජනපතිවරයා දැනුම්දී තිබුණි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා දෙසැම්බර් මාසයේ ඉන්දියාවට යන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජිත හේරත් මහතා ඒ බව පැවසීය. මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Read More

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත හේරත් මහතා අද (18) සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන ගත්තේය. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය. ඔහු මීට පෙර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. එමෙන්ම ඔහු මීට පෙර 2004-2005 වසරේ එවකට පැවති රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබුණි. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිධාරියෙකි.

Read More

නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධුරයේ වැඩ භාර ගත්තාය. ඒ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වේ. එමෙන්ම අගමැති ධුරයට පත්වූ තුන්වැනි කාන්තාව ලෙස ආචාර්ය හරිනි අමරසූරිය සැලකෙයි.

Read More

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි. ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

Read More

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද යළිත් වරක් ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිය නොවැම්බර් 22 වනදා දක්වාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගියදා සොයාගැනුණි. ඒ අනුව මිරිහාන පොලිසිය අදාළ රථය සම්බන්ධයේන සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද…

Read More