Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිලින්ඩරේ ජාතික ලැයිස්තුව අර්බුදයක්
    Featured

    සිලින්ඩරේ ජාතික ලැයිස්තුව අර්බුදයක්

    By LFNNovember 19, 2024No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා එම පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව අවසන් තීරණය හෙට ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

    ඔහු පැවසුවේ පක්ෂ මහලේකම්වරිය ගත් මෙම තීරණය සම්බන්ධව පක්ෂයේ කිසිවෙකුද නොදැනුවත්ව සිටි බවය.

    එමෙන්ම ලැබුණු මන්ත්‍රීධුර දෙක සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තලතා අතුකෝරල මහත්මියත් පොදුජන පෙරමුණෙන් කංචන විජේසේකර මහතාත් පත් කිරීමට යෝජනා වූ බවද ඔහු පවසයි.

    ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

    “ප්‍රධාන වශයෙන් ඒ කාරණය ගැන අද එක්සත් ජාතික පක්ෂයේ අපේ සාකච්ඡාවේදී පැන නැගුණා. මේ පිළිබඳ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග අනෙකුත් දේශපාලන පක්ෂ සාකච්ඡා කරමින් තිබුණා. ඒ සාකච්ඡා කරමින් තිබෙන අතරතුරේදී එක්සත් ජාතික පක්ෂය නොදැනුවත්ව එතුමාගේ නම සිලින්ඩරේ හිමි දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් කළා කියලා දැනගන්නට ලැබිලා තියෙනවා.

    එතකොට ඒක ගැසට් නිවේදනයට යැව්වායි කියලා අපිට දැනගන්නට ලැබිලා තියෙනවා. පක්ෂය හැටියට අපි කල්පනා කලේ මේ නියෝජනයට එක්කෝ තලතා අතුකෝරල මැතිනිය යවන්න. ඒ පිළිබඳ සාකච්ඡා කරමින් තිබුණේ. ඒ ගැන නිසි තීරණයක් ගැනීමට ප්‍රථම මෙවැනි කාරණයක් සිදුවෙලා තියෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂය හැටියට ගත්තොත් අපේ පක්ෂ ව්‍යවස්ථාවේ 3/3 වගන්තියේ සහ 3/4 වගන්තියේ සහ 9/7 වගන්තියේ සහ 13/7 සහ 13/8 වගන්ති උල්ලංඝනය වීමකුයි සිදුවෙලා තියෙන්නේ.

    ඒ නිසා මේ ප්‍රශ්නය පිළිබඳව අපි කණ්ඩායමක් විදිහට එකට ක්‍රියාකරලා තියෙන නිසා හෙට උදේ 10.00ට අනෙක් දේශපාලන පක්ෂ සමගත් සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. මේ පත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිවක් දැන නොසිටි බව ප්‍රකාශ කරන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ යෝජනාව සාකච්ඡා වෙමින් තිබුනේ තලතා අතුකෝරල මැතිනිය පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලායි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.