Author: LFN

දික්වැල්ල, වලස්ගල, දොරමුරේ පාර ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද (21) අලුයම 5.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ වලස්ගල ප්‍රදේශයේ පදිංචි රියදුරු රැකියාවේ නිරතව සිටි අයෙකි. වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නමින් ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් කප්පම් මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙන් මරණකරුට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වන බැවින්, මෙම වෙඩි තැබීම හා අදාළ කප්පම් ගැනීමේ සිද්ධිය අතර යම් සම්බන්ධතාවයක් පවතී ද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත. වෙඩිතැබීම…

Read More

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද හිමිවූ බව අමාත්‍යවරයා පැවසීය. වෙළෙඳපොළේ පවතින සහල් හිඟය වෙනුවෙන් රජය ගනු ලැබූ තීරණය පිළිබඳ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “දෙසැම්බර් මස 15වනදාට පෙර අපි වෙළෙඳපොළට සහල් ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා.…

Read More

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ව පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයට කැඳවා තිබේ. නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන් එම පක්ෂයෙන් අපේක්ෂකයින් 141ක් සහ ජාතික ලැයිස්තුවෙන් 18 දෙනෙක් පාර්ලිමේන්තුවට යාමට වරම් ලැබීය. පක්ෂ මූලස්ථානයේ දී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එම මන්ත්රීවරුන්ව දැනුවත් කර පසුව ඔවුන්ව පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ගොස් තිබුණි. ඒ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් ලබා දීමට ය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහ මහතාගේ V8 රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටය.

Read More

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මේ බව තහවුරු කළේය. පසුගිය 11 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන හරීන් ප්‍රනාන්දු මහතාට බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි. ඒ අනුව ඔහු අද උදෑසන පොලීසිය හමුවට පැමිණීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය දා හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ‘අංක 10’ මුද්‍රිත ටී ෂර්ට් පැලඳගෙන බදුල්ල නගරයේ පා ගමනින් යමින් සිටියදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වුණි.…

Read More

අමෙරිකාව සපයන ලද දිගුදුර මිසයිල මඟින් යුක්ක්‍රේනය තම භූමියට ප්‍රහාර එල්ල කර ඇති බව රුසියානු රජය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාව විසින් අවසර ලබා දී දිනකට පසු මෙලෙස යුක්‍රේනය විසින් රුසියාවට ප්‍රථමවරට ප්‍රහාර එල්ල කර ඇති බවය. රුසියාව පවසා ඇත්තේ යුක්‍රේනයට මායිම්ව පිහිටි බ්‍රයන්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. යුක්‍රේනය එල්ල කළ දිගු දුර මිසයිල ප්‍රහාර පහක් ව්‍යර්ත කර ඇති අතර එක් මිසයිල ප්‍රහාරයක් රුසියානු හමුදා මර්මස්ථානයකට එල්ල වී ඇති බව සඳහන්ය. රුසියානු විදේශ අමාත්‍යවරයා පවසන්නේ, අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය මඟින් යුක්‍රේන ගැටලුව තවදුරටත් වර්ධනය කිරීමට උත්සහ දරා ඇති බවය.

Read More

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් කර තිබේ. නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු ආසන 5 ක් හිමිකර ගත් අතර ඒ සඳහා තවත් සිව් දෙනෙක්ව නම්කළ යුතුය.

Read More

10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා බ්‍රහස්පතින්දා (21) පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට 10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිත ය. පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමුකරන බවත් අනතුරුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ඝනපූර්ණ සීනුව නාදකරන තෙක් එහි රැඳීසිටිය යුතු බවත් මහලේකම්වරිය දැනුම් දී තිබුණාය. මෙලෙස පැමිණෙන මන්ත්‍රීවරුන් ඔවුන්ගේ කාලත්‍රයා සමග පැමිණෙන්නේ නම් පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල ප්‍රවේශ ද්වාරය අසලදී සිය රථ වාහනවලින් බැසිය යුතු අතර අනෙකුත් මන්ත්‍රීවරුන් මන්ත්‍රී ප්‍රවේශ ද්වාරය අසලදී සිය රථවලින් බැසිය යුතුය. මේ අතර නව පාර්ලිමේන්තුවේ පළමු…

Read More

ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අද (19) අනුමැතිය ලබාදී තිබේ. ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙනි.

Read More

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ දී රුපියල් කෝටි 7කට අධික මුදල් රැගෙන පළායෑමේ සිදුවීමට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා මිනුවන්ගොඩ පොලීසිය එක්ව සිදුකළ මෙහෙමකින් පසුව අදාළ සැකකරු ඊයේ (19) දහවල් ගම්පහ කඩුවන්ගහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 420ක් සොයාගෙන තිබූ අතර සොරකම් කළ මුදලින් රු 31,515,291ක මුදලක් ද සොයා ගෙන ඇත. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 35ක් වූ තම්මිට, මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික ආයතනයක සිව්දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් වෑන් රථයකින් ඊයේ උදෑසන මිනුවන්ගොඩ…

Read More