Author: LFN

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (22) දිනයේත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව එලෙස ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ඇත. පෙරේදා (20) දිනයේත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි අතර එහිදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පවසා ඇත්තේ දමිළ භාෂාවෙත් සිය ප්‍රකාශය ලබාදීමට අවශ්‍ය බවය. ඊට අදාළ භාෂා පරිවර්තන කටයුතු සූදානම් කිරීමෙන් පසු අද දිනයේ ඔහුට පැමිණෙන ලෙස දැනුමී තිබේ. විනාඩි 50කට ආසන්න කාලයක් විකාශය කෙරුණු අදාළ වීඩියෝවේ සම්මුඛ සාකච්ඡා සඳහා එක්වෙමින් තොරතුරු ඉදිරිපත් කර තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය…

Read More

වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා ඊයේ (21) කැණීම් කටයුතු ආරම්භ කළේය. අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව මෙම කටයුතු සිදු වේ. මෙහි නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා තිබේ. එමෙන්ම ආරක්ෂක අංශය ද අවස්ථා කිහිපයකදී නිධන් හැරීම සඳහා භාවිතකළ උපකරණ සමග පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට පත්වූවන් අතර හිමිනමක් ද සිටින බව වේයන්ගොඩ පොලීසිය පවසයි. වගුරු සහිත බිමක පිහිටා ඇති මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී මෙහි නිධානයක් නොමැති බවට තොරතුරු හෙළි වී ඇත. නමුත්…

Read More

ඊයේ (21) ආරම්භ වූ අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවති සම්ප් ආමි කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමට දසුන් ශානක ක්‍රීඩාකළ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට සිදුවිය. පළමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 106ක් රැස්කිරීමට සමත් විය. ඔවුන් මෙම ඉනිම ගොඩනැගුවේ පළමු පන්දුවාර 7ට ලකුණු 49ක් පමණක් රැස්කර සිටීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි. එහිදී අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානක පන්දු 27කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 62ක් රැස්කිරීමට සමත් විය. දසුන් මුහුණදුන් පළමු පන්දු 16ටම රැස්කළ හැකිවූයේ ලකුණු 19ක් පමණක් විය. කෙසේ නමුත් ඉතිරි පන්දු 11ට ලකුණු 43ක් රැස්කිරීමට ඔහුට හැකිවිය. දසුන්ගේ…

Read More

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40 අතර පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය…

Read More

ගෙවල් බිඳ දේපොළ සොරකමකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ නිවාරණ රාජකාරියේ යෙදීසිටි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස, බඩෝවිට පාලම අසල සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකරු වයස අවුරුදු 29ක් වන බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අත්අඩංගුවට පත්වන විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 150ක්ද සිය සන්තකයේ තබාගෙන සිටි බව පොලීසිය පවසයි. මෙම පුද්ගලයා නොවැම්බර් මස 10 වනදින දෙහිවල පොලිස් වසමේ නිවසක් බිඳ විදුලි උපකරණ ඇතුළු ගෘහ භාණ්ඩවලට අනර්ථය සිදුකිරීම හා රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා ජංගම…

Read More

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව අද දිනයේ රැස්වී අදාළ තීරණය ගැනීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සමගි ජන බලවේගය පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් හිමිවු අතර මේ වනවිටත් ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිවුරුම්දී තිබේ. ඒ අනුව ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා වන නම් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී…

Read More

රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්යමණ්ඩලය මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය 19වනදාය. කෙසේවෙතත් අදාළ ගැටළුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ එම විශ්වවිද්‍යාලයේ සිසුන් එක්වී පසුගියදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය. විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තාවකාලිකව හෝ එම ධුරයෙන් ඉවත්කරන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේය. මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල…

Read More

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ය. ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබුණි. ඒ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් විභාග කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හරවාගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට මෙම පියවර ගෙන ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව…

Read More

නඩුවකට සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (21) වරෙන්තු නිකුත් කර තිබේ. 2016 වසරේ රුපියල් මිලියන 10 බැගින් වූ අගරු චෙක්පත් දෙකක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්ද මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සුබ්‍රමණියම් මනෝහරන් නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි. මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂිකාර ඩග්ලස් දේවානන්ද මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටි නොමැත. ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා විසින් දැනුම් දී තිබුණද, ඒ බව තහවුරු කරන වෛද්‍ය සහතික ද…

Read More

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ,

Read More