Author: LFN

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) දින කඩවත පොලිස් වසමේ ගෝනහේන ප්‍රදේශයේදී හා දොම්පේ පොලිස් වසමේ දෙකටන ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 536ක් සහ එම ජාවාරමින් උපායා ගන්නා බවට සැක කෙරෙන රුපියල් එක්කෝටි දස ලක්ෂයක මුදලක්, ජංගම දුරකථන 03ක් හා මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි ද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර කථානායකවරයා විසින් තාවකාලිකව පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවනු ලැබීය. ඉන් අනතුරුව ජනාධිපතිවරයාව පාර්ලිමේන්තු සභාගර්භය වෙත උදෑසන 11.30 කැඳවාගෙන එනු ලැබූ අතර මේ වනවිට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටී. සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් විශ්වාසයට ස්තූතිවන්ත වෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ශ්‍රී ලංකාව තුළ තනි පක්ෂයක් රට පාලනය කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. එනිසා සියලු පුරවැසියන්ගේ උවමනාවන් ඉටුකිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා වග…

Read More

හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යොමුකළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට ය. හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙට (22) දිනයේ CIDය හමුවේ පෙනී සිටින බවට දැනුම්දී ඇත. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයනේ එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 11 වනදා මාළිගාකන්ද මහෙස්ත්‍රාත්…

Read More

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කළේය. ඒ අනුව ඒකමතික අශෝක රංවල මහතා කථානායකවරයා ලෙස නම් කෙරුණි. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය චාම් උත්සවයකින් අනතුරුව අද (21) උදෑසන 10ට ආරම්භ වුණි. කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ඇත. පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව…

Read More

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය. මේ අතර නොවැම්බර් 23 වැනිදා පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින 2 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මේ අතර, උතුරු උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

Read More

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතව තිබේ. අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය. කතානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කතානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ඇත. පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සදහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වේ. මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…

Read More

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබේ. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතව ඇත. අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය. පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අද පස්වරුවේ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිතය. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර 27කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදි පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

Read More

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 10 දෙනෙක් මාතර ගන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මාතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ කාර්යාංශය මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේය. එහිදි සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60ක් පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර ගුවන් තැපැල් මඟින් තායිලන්තයේ සිට මෙරටට එවන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යාම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ රේගු නිලධාරීන්…

Read More

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. අද (21) පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල මහතා සඳහන් කළේය. එහිදි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම අදාළ ආයතනවල ක්‍රියාපටිපාටිය පිළිබඳව සාකච්ඡා සිදුකිරීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ද අදහස් ලබාගැනීමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සකස් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී ඊට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිතව තිබේ. පසුගිය ඔක්තෝබර් මස 24 වැනි දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා…

Read More

විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නෙකුඹුර මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අවිදුර දුෂ්ටිකත්වය හෙවත් දුර පෙනීමේ දෝෂය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව පැවසුවාය. “දැනට ලෝකයේ 30%ක පමණ ප්‍රවණතාවයක් මෙම අවිදුර දුෂ්ටිකත්වය තියෙනවා. ඉදිරි 2050 වන විට මෙය 50%ක් දක්වා වැඩි වෙයි කියන එක ඇස්තමේන්තු කරලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට අපි සළකන්නේ ඩිජිටල් තිර භාවිතය සහ ඒ තුළින් ඇතිවන එළිමහන් ක්‍රියාකාරකම් අඩුවීම කියන ප්‍රධානම කාරණාවන් දෙක.”

Read More